ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ
මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය නිමාවත් සමග ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උතුරේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් ඉහළ යමින් තිබේ.
 
 සිංහළ, දෙමළ අලුත් අවුරුද්ද එළැඹී දින තුනක් ගත වන්නටත් මත්තෙන් උතුරේ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමිනි.
 
ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමූ බවට රජය පවසන එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ දැරීමේ චෝදනා යටතේ ඔවුන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  
අප්‍රේල් 17 සෙනසුරාදා උදෑසන කාලයේ දී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් යාපනය ඉලවාලේ පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක්, කෝපායි සහ පලාලි පොලිස් බල ප්‍රදේශයන්හි එක් පුද්ගලයකු බැගින් සහ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඔවුන් සියලු දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පිහිටි  ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත රැගෙන ගොස් ඇති බවයි.
 
 මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හතලිස් පස් වියැති දෙදරු පියෙක් වන නඩනසබේෂන් ලෝහරාසා යුද්ධය නිමා වීමෙන් පසු රජය යටතේ පුනරුත්ථාපනය වුවකු බව ඔවුහු වැඩි දුරටත් පවසති.
 
 
 
STF වෙඩි
 

Captureවෙඩි ප්‍රහාර වලින් තුවාල ලැබූ තරුණයින් බලන්න ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යයි 

 
මේ අතර පේදුරුතුඩුව මාර්ග බාධකයකදී  අප්‍රේල් 16 උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණයන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනගාර ගත කර තිබේ.
 
යාපනය  පේදුරුතුඩුව ප්‍රදේශයේ වැලි නිධියක ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධකයක් පවත්වාගෙන යනු ලබන අතර එම වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට සැකකටයුතු කැබ් රථයක් පැමිනිමේදී  එය නවත්වන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය ලබාදුන් සංඥා නොතකමින් රථය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය කැබ් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව පොලීසිය නිවේදනය කර තිබුනි.
 
 එම වෙඩි ප්‍රහාර වලින් තුවාල ලබා තිබුනේ ඔවුන් වයස අවුරුදු 23 හා 26 වයස් කාණ්ඩවල පසුවන තරුණයන් දෙදෙනෙකි. ඔවුන්ගේ නම් පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර නැත.
 
 
 
 
ත්‍රස්ත පනත
 
 Jaffna law
 
 
සමාජ සේවකයකුගේ නම සදහන් වීදි නාම පුවරුවක්, පැය 72 ක් තුළ  ඉවත් නොකළහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දඬුවම් කරන බවට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරෙයිච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුනාචලම් වේලමාලිකිතන්ට පසුගියදා පොලිසිය තර්ජනය කර තිබුනි.
 
අප්‍රේල් 08 වැනි සිකුරාදා උදේ පාන්දරින්ම යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට ගත්තේද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසිනි.
 
 ලංකාණ්ඩුවට එරෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට පෙරත්, පසුවත් උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව වෙත දැඩි තර්ජන එල්ල වී ඇති අතර යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයා බිය ගැන්වීම සඳහා අත්තනෝමතික ලෙස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගන්නා බවට දේශීය හා ජාත්‍යන්තර  වශයෙන්  රජයට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබුනි.
 
 
 
 ත්‍රස්ත්‍ර පනත හා මාධ්‍ය
 
hdfhdf
 
 
යාපනය නගරයේ සිට පවත්වාගෙන යන  ‘ටියුබ් ටැමිල්’ යූ ටියුබ් නාලිකාවේ  ප්‍රමුඛයන් දෙදෙනකු පසුගියදා  අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා යයි අගනගරයට ගෙනවිත් තිබුනි.
 
 පොලිසිය විසින් මාර්තු 29 දා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සඳහා කොළඹට යවා තිබුනේ මුහුන්දන්  ඩිවන්යා සහ විමල් රාජ්ය.
 
 ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය  (CTID) විසින් පිරිමියකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තහවුරු කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ; “සැකකරුවන් එල්ටීටීඊ හා ඒ හා සම්බන්ධ ත්‍රස්තවාදී ක්‍රියාකාරීත්වයන් ප්‍රවර්ධනය කරන වෙබ් අඩවියක් සහ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා,” යයි ද කොළඹදී මාධ්‍යවේදීන් හා කියා සිටියේ ය.
 
 
පසුගිය නොවැම්බර් මාසයේ දී TID විසින් අත්අඩංගුවට ගත් Battinews.com හි සේවය කරන ඡායාරූප ශිල්පී මාධ්‍යවේදියකු වන ගෝකුලන් නමින් ප්‍රකට මුරුගුපිල්ලෙයිගෝකුලදාසන් තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
  
සමාජ මාධ්‍ය පුවත්පත් කලාව සම්බන්ධයෙන් මෑතකදී පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබූ අය අතර යාපනයෙන් විකාශය වන ඩෑන් ටීවී ආයතනයේ වීඩීයෝ මාධ්‍යවේදී පී. සුලක්ෂන් ද වෙයි.
 
 එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ පින්තූර පළ කළ බවට ගෝකුලන්ට චෝදනා එල්ල වී තිබියදී , මුහුණු පොත ඔස්සේ විශ්ලේෂණයක් පළ කිරීම හේතුවෙන් සුලක්ෂන් CTIDයට කැඳවා ප්‍රශ්න කර තිබුණි.
 
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ දෙමළ අපේක්ෂා ඉස්මතු කරමින් බීබීසී දෙමළ සේවයේ පල කළ වාර්තාවකින් පසුව මාධ්‍යවේදී රන්ජන් අරුන් ප්‍රසාද්ගෙන් ඔහුගේ ‘සම්බන්ධතා’ ගැන  ප්‍රශ්න කෙරිණි.
 
 උතුරු හා නැගෙනහිර මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව දැනුවත් කිරීම සඳහා පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පැමිණි පාද යාත්‍රාවෙන් (P2P)  පසුව,  මඩකලපුවේ හිටපු සිරස මාධ්‍යවේදී පුණ්‍යමුර්ති ශෂිකරන් පොලීසිය විසින් තර්ජනයෙන් බිය ගන්වා තිබේ.
 

 

 

 


 

THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්