මෙරට ගෑස් සමාගම්වලට ගෑස් මිල ඉහළ දැමීමට අනුමැතිය ලබා නොදුනහොත් ඉදිරියේදි රටතුළ ගෑස් හිගයක් ඇතිවිය හැකි බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය පවසයි.
ඔහු කියා සිටියේ ඉකුත් මාසයේදී ගෑස් ආනයනය සදහා යන වියදමට සාපේක්ෂව ගෑස් අලෙවියෙන් විශාල පාඩුවක් සිදුව ඇති බවයි. 
 
මේ හේතුවෙන් ගෑස් සමාගම් ගෑස් ආනයනය කිරීමේ අපහසුතා මතුව ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය 'නෙත් නිවුස්' වෙත සදහන් කළේය.
 
 

 
 
 
ගෑස් සමගාම් අලාභ නොමැතිව පවත්වාගෙන යාමට නම් අවම වශයෙන් රුපියල් 421ක මිල වැඩි කිරීමක් විය යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
 
එසේ නොවුණහොත් ගෑස් ආනයන කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් උද්ගත විය හැකි බව ද ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය වැඩිදුරටත් සදහන් කළේය.
 
 
 

 
 
 
ලෝක වෙළඳ පොලේ වාර්ෂික ගෑස් මිල සාමාන්‍ය අගය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 400 සිට ඩොලර් 420ක් දක්වා වෙනස් වේ. නැව් ගාස්තු වශයෙන් එයට තවත් ඩොලර් 105ක් එකතු විය යුතුය.
 
 
 මෙම වසරේ මැයි මස ලෝක වෙළදපොල ගෑස් මිල මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 481ක් වෙයි. ඒ සඳහා නැවු ගාස්තු ඩොලර් 105ක් එකතු විය යුතුය. අද මෙරට වෙළඳපොලේ කිලෝ 12.5 සිලින්ඩරයක කොළඹ දිස්ත්‍රික් මිල වන රුපියල් 1,493 පවතින්නේ 2018 ඔක්තෝම්බර් මස ලෝක වෙළදපොල මිල වන මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 358 පරාසයේය. 
 
එකල විනිමය අනුපාතය පැවතියේද ඇමෙරිකානු ඩොලරයට රුපියල් 185ක පරාසයේය. නමුත් අද වනවිට විනිමය අනුපාතය රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් ඇත. 
 
 
ඒ අනුව අවම වශයෙන් රුපියල් 420ක මිල ඉහල දැමීමක් නොකළහොත් ලිට්රෝ ගෑස් සහ ලාෆ්ස් ගෑස් යන දේශීය සමාගම් දෙක කඩාවැටීමට ලක්වන අතර තාවකාලික පැලැස්තර වලින් එය නැවතිය නොහැකි බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු පැවසිය.  
 
 
ලිට්රෝ ගෑස් සමාගම පසුගිය වසර 7,8 පුරාවටම රුපියල් බිලියන 3කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයට ලාභාංශ ගෙවමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන ආයතනයකි. මෙම මුල්‍ය වර්ශයේ ලිට්රෝ ගෑස් අලාභය පමණක් රුපියල් බිලියන 4කට ආසන්නය. ලාෆ්ස් ගෑස් සමාගමේ පසුගිය මස තුනෙහි අලාභය රුපියල් බිලියනය ඉක්මවයි. 
 
සෑම දැනුවත් පාරිභෝගිකයෙකුගේම, පුරවැසියෙකුගේම, සංකල්ප භාවිතා කරන රාජ්‍යයකම ස්ථාවරය සහ කාර්ය විය යුත්තේ රටේ ආර්ථිකයට ඍජුවම සහයක් සහ දැවැන්ත මෙහෙයක් ඉටුකරන අත්‍යවශ්‍ය සේවා සපයන ව්‍යාපාර ආරක්ෂා කරමින් පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරාලීමයි.
 
ලෝකයේ ගෑස් නිපදවන්නේ ඛනිජ තෙල් නිස්සාරණයේ අතුරුඵලයක් ලෙසටය. එය ගල්ෆ් කලාපයේ, බටහිර රටවල් සහ, අමෙරිකානු රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන සිදුවන්නකි. 
 
ශ්‍රී ලංකික පුරවැසියන් මෙම ප්‍රශ්නය නිවැරදිව දැකිය යුතුය. තාවකාලිකව ජනතාව සතුටු කිරීම තුලින් තාවකාලිකව ප්‍රශ්නය යටපත් කර ජනතාව සතුටු කිරීම තුලින් සිදුවනුයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෑස් සපයාගැනීම අඩපන වීමයි.
 
ශ්‍රී ලංකාව ගෑස් නිපදවන්නේ නැත.  
 
ශ්‍රී ලාංකික සමාගම් ද ගෑස් නිපදවන්නේ නැත.
 
විනිමය අනුපාත පාලනය වී නොමැති අතර එය රුපියල් 200 ඉක්මවා ඇත. 
 
ලෝක වෙලදපොලේ ගෑස් මිල තීරණය කිරීම මෙරට රජයට, සමාගම් වලට හෝ බ්‍රිතාන්‍ය මහා රැජිනටවත් සිදුකල නොහැක. 
 
එය සිදුකල යුත්තේ සමීකරනානුකුලව විද්‍යාත්මක ක්‍රමයක් හරහා මාසිකව මිල වෙනස් කිරීමයි. 
 
 
රජය සහ පාරිභෝගික සේවා අධිකාරිය සිදුකල යුත්තේ කුමක්ද?
 
සාධාරණව සැමට පිළිගත හැකි මිල සුත්‍රයක් තිබියදී එය පසෙකලා තාවකාලික සුවයක් ජනතාවට ලබාදීම තුලින් සිදුවනුයේ කුමක්ද? අවසන් ප්‍රතිපලය මෙරට ජනතාවට ගෑස් භාවිතාවය අමතක කර පරණ පුරුදු විදියට පරිසරය විනාශ කරමින් කැලේ කපමින් දර වලින් කෑම පිසිමටයි. 
 
 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවකි.
 
 
ගෑස් සඳහා ලෝක වෙළදපොල මිල අඩු වැඩි වනවිට මිල වෙනස් වන මිල යාන්ත්‍රණයක් තිබ්යදී එය ක්‍රියාත්මක නොකර මෙවැනි විහිලු සහගත ක්‍රියා තුලින් සිදුවන්නේ රටේ රටේ ආර්ථිකයට මාරු පහරක් එල්ල වීමයි. 
 
ගෑස් මිල වෙනස් නොකර සිලින්ඩර බර වෙනස් කිරීම තුලින් සිදුවන්නේද වක්‍රාකාරයෙන් ගෑස් මිල වැඩි කිරීමයි. 
 
එම නිසා මෙම සාධාරණ ප්‍රශ්නය ජනතාවට පැහැදිලි කර පාරිභෝගික සේවා අධිකාරියේ නොදැනුවත්කම සහ තිබෙන අලස සහ අකාර්යක්ෂමතා ඉවත්කර රජයට සැබෑ තත්වය පැහැදිලි කර දීම එම අධිකාරියේ වගකීමයි. 
 
එය සිදු නොකර පාරිභෝගික සේවා අධිකාරිය සිදුකරනුයේ කුමක්ද?තම වගකීම පැහැර හැරීමයි. 
 
අවසාන වශයෙන් එහි පාඩුව රජයට, මහජනතාවට හා මෙරට සමාගම් වලට සිදුවේ. දැන් සිදුවනුයේ සමාගම් විසින් මහ ජනතාවට සනහාධාර සැපයීමයි. එය රජයේ කාර්යකි. 
 
 
 

Lasantha Ala                                           රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න 

 
 
 
ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ ගෑස් මිල වැඩි කිරීමකට හෝ ගෑස් හිගයක් ඇතිවීමට මේ මොහොතේ ඉඩ නොදෙන බවයි.
 

 
 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)
THE LEADER TV 

අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!

 

ශ්‍රී ලංකාව රතු කලාපයේ - මාධ්‍ය නිදහසට පොලිස් හිරිහැර රැල්ලක්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්