කෝවිඩ්-19 මර්ධන එන්නත් ලබාදීම මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී, නිලධාරිවාදයට යටවී ඇති තත්ත්වය තුල එම එන්නත් ගෙන්වීමේ අයිතිය පෞද්ගලික අංශයට ද ලබාදී මේ තීරණාත්මක
 
මොහොතේදී ජනතාවට යම් සහනයක් ලබාදෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.
 
ප්‍රකට සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන අජිත් පැරකුම් ජයසිංහ පවසන්නේ, එන්නත ලබාදීම මේවනවිට දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමක් බවයි.
 
යම් ප්‍රතිපත්තියකට අනුව, සාධාරණ අන්දමින් කෝවිඩ්-19 එන්නත් ලබාගැනීම පුරවැසියන්ගේ අයිතිවාසිකමක් බව ඔහු පෙන්වා දී ඇත.
 
 
 
මානව හිමිකම් උල්ලංඝනයක් !
 
 
මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුවන ලාලිත හේවාගම මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 
''පෞද්ගලික රෝහල් සඳහා එන්නත් ආනයනය කර කැමති අයට මුදල් වියදම් කර එන්නත් කර ගැනීමට ඇති අවස්ථාව අවහිර කරන ජනාධිපති උපදේශකයින් කරන්නේ මානව හිමිකම් උල්ලංඝනයකි. ''
 
 
 
 

WhatsApp Image 2021 05 11 at 9.05.20 AM

 
 
 
 
 
සාධාරණ වෙළඳ මිළක් නියමකර පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත ගෙන්වීමට රජයෙන් අවසර දිය යුතු බව මාතර මහ නගරසභාවේ හිටපු සභාපති, උපුල් නිශාන්ත ද පසුගියදා ප්‍රකාශකර තිබිණ.
 
''එතකොට හැකියාව තියෙන මිනිස්සු එන්නත විදගනීවි. එසේ කරගත නොහැකි අනෙක් අයට රජය නොමිලේ ලබාදීමට කටයුතු කලයුතුයි. සමහර ආයතන තමන්ගේ කාර්ය මණ්ඩල වලට විදගැනීමට කටයුතු කරාවි. '' යයි ඔහු සඳහන් කර තිබුනේ මාතර මහ නගර සභාවේ මාසික සභා රැස්වීමක දිය.
 
 
Screenshot 2021 05 11 at 13.15.16
 
 
 
 
නැති බැරි අයට ආණ්ඩුවෙන්!
ඇති හැකි අයට පෞද්ගලික අංශයෙන්!
 
 
ආණ්ඩුව බරපතල මුල්‍ය අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ, යමක් කමක් ඇති අයට කොවිඩ් එන්නත නොමිලේ ලබානොදී ඔවුනට පෞද්ගලික අංශයෙන් මිලක් ගෙවා එන්නත ගැනීමට අවස්ථාවක් ලබාගැනීමටත්, එසේ ඉතිරිකර ගන්න මුදලින් අදාල වයස් කාණ්ඩයේ අනෙකුත් සියලු පුරවැසියන්ට නොමිලේ එන්නත ලබාදීමට කටයුතු කරන ලෙසත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.  
 
කොරෝනා ආසාදනය වී පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට යොමුව පුද්ගලයින් පෞද්ගලික හෝටල්වල දී නිරෝධායනයට ලක්කරන අතර එහිදී ඇතැම් සාමාන්‍ය හෝටලයක වුවද දිනක ගාස්තුව රුපියල් 25,000 කට අධිකය. 
 
එසේ දින 10ක් රෝහල්ගතව සිටියදී ගෙවන ගාස්තුවට වඩා අඩු මුදලකින් පෞද්ගලිකව අංශය විසින් ගෙන්වන එන්නතක් ලබාගැනීමට හැකිවනු ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝදෙනෙකුගේ අදහසවී තිබේ.
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
###############
 
 
 
 

                                          THE LEADER TV 

 
 
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
 

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්