සාධාරණ වෙළඳ මිළක් නියමකර පෞද්ගලික අංශයට කොවිඩ් එන්නත ගෙන්වීමට රජයෙන් අවසර දිය යුතු බව මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත පවසයි.

''එතකොට හැකියාව තියෙන මිනිස්සු එන්නත විදගනීවි. එසේ කරගත නොහැකි අනෙක් අයට රජය නොමිලේ ලබාදීමට කටයුතු කලයුතුයි. සමහර ආයතන තමන්ගේ කාර්ය මණ්ඩල වලට විදගැනීමට කටයුතු කරාවි. '' යයි මාතර මහ නගර සභාවේ විපක්ෂ නායකයා වන ඔහු පැවසුයේ පෙබරවාරි 11ද පැවති මාතර මහ නගර සභාවේ මාසික සභා රැස්වීමට සහභාගී වෙමිනි.
 
මාතර නගරයේ ව්‍යාපාරික ප්‍රජාවගේ මුල්‍ය අනුග්‍රහය ලබාගනිමින් 'මාතරට කොවිඩ් අරමුදලක්' ස්ථාපිත කළ යුතු බවට නගරාධිපතිවරයා විසින් එම රැස්වීමට ගෙන ආ යෝජනාවට විරෝධය පළකරමින් උපුල් නිශාන්ත මන්ත්‍රීවරයා මෙසේද පැවසිය. 
 
  
ගරු නගරාධිපතිතුමනි,
 
මාතර නගරයේ කොවිඩ් අරමුදලක් ගොඩනැගිම පිළිබඳව ඔබ මෙම යෝජනාව ගෙන එන මොහොත වන විට අපේ නගරයේත්, මාතරත් කොවිඩ් තත්වය බරපතල වෙමින් තිඛෙනවා. එය තර්ජනාත්මකව අපේ නගරය තුලත් හිස ඔසවමින් තිඛෙනවා. මේ වන විට නගරයෙන් ද කොරෝනා ආසාධිතයින් බහුලව වාර්තා වෙමින් තිඛෙන අතර ආශ්‍රිතයන් සංඛ්‍යාව ද ඉහල යමින් තිඛෙනවා. 
 
මෙය ජාතික වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් පැතිරුන හා විසඳුම් සෙවිය යුතු ව්‍යසනයක් වුනත් මහා නගර සභාවක් හැටියට අපේ ප්‍රදේශය තුල අපට සැලකිය යුතු කාර්ය භාර්යයක් ඉටුකල හැකියි.
 
 
අද අපේ සභාවේ ඉල්ලීමක් ඉදිරිපත්වුනා මේ වන විට ලංකාවට ගෙනැවිත් තිඛෙන එන්නත, අපේ සභාවේත් කොරෝනා මර්ධන කටයුතු සඳහා ඍජුවම සම්බන්ධවන සෞඛ්‍ය කම්කරුවන්ටත් ලබාදෙන්න කියලා. 
 
 
මම දුටුවා මෙම ඉල්ලීම හා සමාන ඉල්ලීමක් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමාත් හමුදාපතිවරයාගෙන් ඉල්ලා තිබුනා. ඔහුගේ කාර්යමණ්ඩලයට ප්‍රමුඛත්වයක් දී මෙම එන්නත ලබාදෙන්න කියලා. 
 
නමුත් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීටවත්, පීඑච්අයිටවත් මේ ඉල්ලීමට මොකුත් කරන්න බැහැ. එන්නත ලබාදීම පිළිබඳව තීන්දු ගනු ලබන්නේ ඉහල අධිකාරියකිනුයි.
 
 
 
''අවාසනාවකට අපේ රටේ එන්නත විදීම ගැන රටක් හැටියට අපට ජාතික ප්‍රතිපත්තියකුත් නැහැ. වෙනත් බොහෝ රටවල් එන්නත නිපදවන්නත් කලින් තමන්ගේ රටේ එන්නත ලබාදෙන පිලිවෙල පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හැදුවා. ඒක ප්‍රසිද්ධ කලා. අපි රටක් හැටියට කුමන එන්නත අපේ ජනතාවට ලබාදියයුතුදැයි තීරණයක් තවමත් අරගෙන නැහැ.''
 
 
 
 මෙම ඉන්දියානු එන්නත ලංකාවට එවන්නත් කලින්, එන්නත ලංකාවට පැමිණි බවත් දේශපාලකයින් හා ව්‍යාපාරිකයන් ඇතුලූ පිරිසක් මෙම එන්නත ඒවන විටත් ලබාගෙන ඇති බවකුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමා මාධ්‍යයට කියනවා මම දැක්කා. 
 
එයින් තහවුරු වෙන්නේ රටේ සියලූදෙනාට කලින් නාමිකව සඳහන් නොවන මේ රටේ පිරිසක් මෙම එන්නත ලබාගෙන තිඛෙනවා. 
 
මේ කථා එකිනෙකට ගලපනකොට මට නම් දැන් සැකයකුත් ඇතිවෙනවා. ඉන්දියානු ඇම්බියුලන්ස් එකත් කුමන්ත්‍රණයක් බවත්, එය මරණයේ සලකුණක් බවත් කියලා කැත අවස්ථාවාදී දේශපාලනයක් කරපු රටක මෙම ඉන්දියානු එන්නතට කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි කියලාත් මට ප්‍රශ්නයක් තිබුනා.
 
 ඒවගේම මෙම එන්නත නිෂ්පාදනය වෙන්නේ ඉතාමත්ම වේගයෙන්, කෙටි කාලයක් තුලයි. ඒ නිසා මෙම එන්නත කෙසේ මහජන සෞඛ්‍යයට බලපාවිදැයි ලෝකය පුරාම කුතුහලයක් තිබුනා. මෙම තත්වය නිසාම ලෝකෙ බලවත් රාජ්‍යයන් මෙන්ම බොහෝ රාජ්‍යයන්හි නායකයින් ජනතාව තුල තිඛෙන මෙම බිය නැතිකරන්න ප්‍රසිද්ධියේම මෙම එන්නත තමනට පලමුව විදගනිමින්, ජනතාවට ආදර්ශයක් හා විශ්වාසයක් ලබාදුන්නා. 
 
 
 
 
හැබැයි දේශප්‍රේමී සලූපිලි ඇඳගෙන, රට ජාතිය වෙනුවෙන් දිවි දෙන්න ඉන්න අපේ රටේ ඔය කියන එක නායකයෙක්වත් මේ ඉන්දියානු එන්නත ලබාගන්නවා අපි දැක්කේ නැහැ. පුදුමයි සංදර්ශන ඒකට නැහැ. එයින් මගේ සැකය තව තහවුරු වෙනවා. ඒ අය වෙනත් මාර්ගයකින් මෙම එන්නත විදගෙන නේද කියලා.
 
 
 
මෙම තත්වය අනුව මට දැනෙන හැටියට තව අවුරුදු පහ හයකින් වත් මේ රටේ ජනතාවට මෙම එන්නත ලබදීලා අවසන් කරන්න නම් බැරි වේවි. අපේ රටට අවශ්‍ය එන්නත කුමක්ද කියලා අවසන් තීරණයක් අරගෙනත් නැහැ. අපේ රට මේ වෙනකම් කිසිඳු එන්නතක් ඇනවුම් කරලාත් නැහැ.
 
 නමුත් මෙම එන්නත සඳහා තියෙන දැඩි ඉල්ලූම හා අවශ්‍යතාවය නිසා ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් තමන්ගේ රටට අවශ්‍ය එන්නත් ඇනවුම් කරලා තියෙනවා. සමහරු තමන්ගේ රටේ ජනගහනයටත් වඩා ඇනවුම් කරලාත් තියෙනවා.
 
මේකට හේතු වෙච්ච ඇත්ත තත්වය වෙනස්. ඇත්තටම රටේ ඩොලර් ආදායම නැති වෙලා. විදේශ විනිමය අහිමිවෙමින් යනවා. විදේශ සංචිත කඩාවැටිලා. ඇත්ත කථාව මේකයි. 
 
හැබැයි මේ අර්බුදය බලය ගන්නකොට පෙන්නපු දේශප්‍රේමී කතාවලින් බේර ගන්න බැහැ. දේශීය ආර්ථීකය සවිමත් කරනවා කියලා මේක බේර ගන්න බහැ. ආනයන සීමා කරලා, වහපු ආර්ථීකයකට අද අනාගතයක් නැහැ. මේ බොරු කථාවලට ඇත්ත හේතුව අපිට සල්ලි නැතිකම. ඩොලර් නැති කම. කයිවාරුවලින් බලය ගත්තාට රට ගෙනියන්න බැහැ.
 
 
නගරාධිපතිතුමනි, 
 
 
ඔබට මතකද පසුගිය වසරේ මාර්තු මාසේ රට වහනකොට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඉදිරිපිට කියපු කථා. ''අපි දේශීයව දැඩි සත්කාර ඇඳන් හදනවා, වෙන්ටිලේටර් දේශීයව හදනවා, අපේ රටේ අරක හදනවා, මේක හදනවා''  මතකද බොරු දේශප්‍රේමයට මුවා වෙලා කියපු සුරංගනා කථා. කෝ අද? 
 
 
පසුගිය දවසේ මියගියපු වෛද්‍යවරයා කරාපිටියට රැගෙනවිත් තිඛෙන්නේ ඔහුගේ ජීවිතය රැකගන්න අවශ්‍යවන යන්ත්‍රයක සහාය ගන්න. ඒක තියෙන බව කියන්නේ ලංකාවෙන්ම කරාපිටියේ පමණයි. ඒ කියන්නෙ කයිවාරු ගැහුවා, රඟපෑවා  මිසක, පසුගිය මාර්තු මාසේ ඉඳලා අපි ඉදිරි අනතුරට සූදානම් වුනේ නැහැ. මොකුත් කලේ නැහැ. රටම අසරණ වෙලා.
 
 

 
 
දැන් අපි කරවටක් හිර වෙලා ඉන්නේ. මම නම් කියන්නේ රජය මෙම කටුක අමිහිරි සත්‍යය ජනතාවට කිව යුතුයි. අපේ ගෙදරක වුනත් අතේ සතේ නැතිවෙලා නන්නත්තාර වුනාමවත් අපි දරුවන්ට ඇත්ත කියන්න ඕන. 'පුතේ අද පොලූයි බතුයි කමු. බොහොම අමාරුයි' කියලා. 
 
ඒක නොකිව්වොත් දරුවො වෙනදා වගේම බලාපොරොත්තු තියන් ඉන්නවා. ඒක භයානකයි. හැබැයි ඇත්ත කියුවම, ආණ්ඩුව කරපු ගොන්කම් හා බොරු රඟපෑම් ජනතා ඉදිරිපිට එලිදරව් වේවි. ඒක නවත්වන්න බෑ. බොහෝ තැන්වලට, ඈතට ඇඟිල්ල දික්වේවි. එහෙම කරලා අපි වඩාත් සුදුසු එන්නත තීරණය කරන්න අවශ්‍යයි. 
 
ඒකට සාධාරණ වෙළඳ මිළකුත් නියමකරලා පෞද්ගලික අංශයට මෙම එන්නත ගෙන්වීමට අවසර දිය යුතුයි. එතකොට හැකියාව තියෙන මිනිස්සු එන්නත විදගනීවි. එසේ කරගත නොහැකි අනෙක් අයට රජය නොමිලේ ලබාදීමට කටයුතු කලයුතුයි. සමහර ආයතන තමන්ගේ කාර්ය මණ්ඩල වලට විදගැනීමට කටයුතු කරාවි. 
 
උදාහරණයක් විදියට මහා නගර සභාවල කම්කරුවන්ට මෙම එන්නත ලබාදෙන්න වියදමින් කොටසක් රජයට දැරිය හැකියි. ඉතිරිය මහා නගර සභාවට දැරිය හැකියි. මම කියන්නේ පවතින ඇත්තට රට මුහුණ දිය යුතුයි. ඒ නිසා මට නම් ඒකෙ වරදක් නැහැ. 
 
ඇත්ත සැඟවීමෙන් හා එයට මුහුණ නොදීමෙන් ඊටත් වඩා භයානක ප්‍රතිඵලවලට මුලූ ජාතියටම මුහුණ දෙන්න වේවි. ඒකෙ වන්දිය විශාලයි. රටට දරාගන්න අමාරුයි. හැබැයි මම කියන එක ජනප්‍රිය සටන්පාඨයක් නම් නොවෙයි. අද මාතර, වල්ගම සූරච්චිය වහන්න කථාකරනවා. නාවිමන වහනවා. අතන වහනවා. මෙතන වහනවා. ඉතිං මේවා පාලනය කරගන්නේ කොහොමද''.
 
 
 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්