කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.
ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී ඇත.
 
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද පාර්ලිමේන්තුව දැනුවත් කරමින් මේ බව හෙලි කරන ලදී.
 
 

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතය.

එම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා ය.

 
අගමැති ආණ්ඩු පක්ෂයේ සහාය ඉල්ලයි
 
ඊයේ (17) පස්වරුවේ දී අරලියගහ මන්දිරයේදී ආන්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවූ අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි ඒ සියලුදෙනාගෙන් ඉල්ලීමක් කර ඇත.
 
වරාය නගර පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින් ද, එමගින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ගැන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින්ද එහිදී විශේෂ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
 
වාසුදේව නානයක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ, දයාසිරි ජයසේකර ,මහින්ද අමරවීර, විමල් වීරවංශ, සාගර කාරියවසම්, ජීවන තොන්ඩමන්, ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස් යන පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ.
 

 

Port 2021.05.18

 
 

 
 
###############
THE LEADER TV 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්