පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වුවද ඔහුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා එක ඡන්දයක් ගැනීමට හැකිවේදැයි ජාතික නිදහස් පෙරමුණේ විමල් විරවංශ මන්ත්‍රීවරයාට ද දැන් දැන් සැකසංකා මතුව ඇත.



ඒ අනුව ඔහු පවසන්නේ, ජනාධිපතිවරණ පනතේ කුමක් සඳහන් වුවද ජනාධිපතිවීමට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකට වඩා එක් ඡන්දයක් නොලැබුන ද ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීම ප්‍රමාණවත් බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ද ඔහුට දෙමල හා මුස්ලිම් ඡන්දවලින් සියයට 20ක්වත් ලබාගැනීමට නොහැකිවුවහොත් පොහොට්ටුවට සියයට 45 සිමාව රැඳී සිටීමට සිදුවන බවට පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ඒකාබද්ධයේ ප්‍රධානින් කිහිප දෙනෙකුට පසුගියදා අනතුරු හඟවා තිබිණ. 

ගෝඨාභයට සිංහල ඡන්ද වලින් පමණක් දිනිය නොහැකිබව ඔහුගේ වියත්මඟ ජෙනරාල්වරුන්ට දැනුම්දෙන්නයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකුට පසුගියදා දැඩි ලෙස පවසා තිබිණ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් ආසන මට්ටමින් පත්කරමින් ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' සංවිධාන විසින් සිදුකරන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගෙන් ම මහින්ද රාජපක්ෂට පැමිණිලි ලැබී තිබේ.

wimal text 07. 28
මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂගේ අනතුරු ඇඟවීම් ද සලකා බලමින් ඊට ප්‍රතිචාර දක්වන විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙසේ පවසයි.


''දැන් සමහරුන්ගේ මතයක් තියෙනවා ජනාධිපතිවරණය දිනන්න පුළුවන් සියයට පනහකුත් එකක් ගත්තොත් කියලා. ඒක මිත්‍යාවක්. මොකද අපේ රටේ ඡන්දදායකයෝ කවුරුවත් කාටවත් දෙවෙනි මනාපයක් දෙන්නේ නැහැ. පට්ට ලෝබයි. කවුරුහරි දෙන මිනිහට කතිරෙ ගහනවා ආයිත් දෙවෙනි මනාපයක් කියලා එකක් හිතන්නේ නැහැ. 

එතකොට දැන් අපි හිතමු කවුරුවත් අපේක්ෂයෝ සීයට පනහ ගත්තේ නැහැ කියලා. එතකොට කොහොමද කරන්නේ. දෙකට තුනට ඡන්ද ඉල්ලලා ඡන්ද ගත්තු පක්ෂ දෙකේ ඔනේ ඒ ගොල්ලන්ගේ දෙවෙනි මනාපෙ දීල තියෙන්නේ කාටද බලනවා. 

සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේ තමයි කාටවත් දීල නැහැ. එතකොට අර සීයට හතලිස් හතක් ගත්තු එක්කෙනා නම් වැඩි එයා ජනාධිපති වෙනවා. අරයා අරන් තියෙන්නේ සීයට හතලිස් තුනයි, මෙයා අරන් තියෙන්නේ සීයටJvp text 08.28  හතලිස් හතයි නම් සියයට පනහ ගත්තේ නැහැ කියලා අවුලක් නැහැ සීයට හතලිස් හත ගත්තු මිනිසා රටේ ජනාධිපති වෙනවා. 

ඉතින් ඒ හින්දා අපේ ඔළුවට හොඳයි ඒක නිකන් ස්මාට් ජයග්‍රහණයක් නෙ පළවෙනි වටයෙන්ම ඩෝං ගාලා වැඩේ වෙනවා. මම කියන්නේ නැහැ සියයට පනහකුත් එකක් එපාය කියලා. ඒකට තමයි අපි මැච් එක ගහන්න ඔනේ.  හැබැයි ඒක නොවී තරඟයෙන් ඉස්සරහ නම් අපි ඉන්නේ, අරයා දෙවෙනියා නම් ඒත් අපිට ඒ අවස්ථාව තියෙනවා.

 දෙවෙනි කාරණය තමයි, මෙතෙක් මේ රටේ තිබුණ ජනාධිපතිවරණවල දෙවෙනි මනාපයක් ගන්න අවශ්‍යතාවයක් මතුවුණේ නැහැ. ඒක හින්දා අපිට ඒ ගැන අත්දැකීමක් නැහැ. මේ ආණ්ඩුව සහ ආර්ථිකයෙන් වැටිල්ලෙනුත් ඔවුන්ට විශාල ලෙස දැනිලා තියෙනවා. ඉතින් ඒ වගේ හේතු මත ඔවුණුත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙකට යන්න ඉඩ තියෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණ බලයි කවුරුහරි නිකන් ගිය පාර ගෙනාවේ කාවද මේ ජිප්සීන්ව හරි, විගණකාධිපති කෙනෙක් හරි ඔය වගේ එක්කෙනෙක් දාල බලයි සිංහල ඡන්ද ටිකක් කඩන්න. අපිට නැති කරන්න. ඒගොල්ලො ඒ කොන්තරාත්තුවට බහී. 

එජාප අපේක්ෂකයා වෙනින් කව්රුවත් නෙමෙයි කරු !

මගේ දේශපාලන අනාවැකිය නම් එක්සත් ජාතික පක්ෂයේ තරඟ වදින්නේ රනිල් වික්‍රමසිංහ මහතා නෙවෙයි නම් ඒ අවස්ථාව ලැබෙන්නේ ඊළඟට කරූ ජයසූරිය මහත්තයාට. ජලනි ප්‍රේමදාසට ආර්යාව කියන වචනයෙන්  සංග්‍රහ ලබන්න සෑහෙන කාලයක් ගත කරන්න ඔන. එතුමියට ඒක ඉතා ඉක්මනින් උවමනා වෙලා තිබුණට ඒක ඉක්මනින්, ඉක්මනින් නෙවෙයි ඒක කොහෙත්ම සිද්ධවෙන එකක් නැහැ. ගිහිල්ලා අද දින පොතේ ලියාගන්නකෝ මෙන්න මෙහෙම කිව්වැයි කියලා. 

එතකොට දැන් කරු ජයසූරිය මහත්තයා පක්ෂයේ නායකත්වය ඉල්ලන්නේ නැහැ. එතකොට කරු ඉල්ලලා පරදිනවා රනිල් විපක්ෂ නායකයා වෙනවා. අයෙ රනිල් ඉන්නවා. දැන් රනිල් බලන්නේ මෙහෙමනේ, දැන් සජිත්ට දුන්නොත් පක්ෂ නායකත්වයත් දෙනවා. එතකොට හිඟන්නා වගේ ගෙදරට වෙලා ඉන්ඩ වෙනවා. දැන් කරුට දුන්නොත් කරු ඔය පන්ඩිතකම් ඉල්ලන්නේ නැහැ පක්ෂ නායකත්වය ඉල්ලන්නේ නැහැ දෙන්න මට එකක් මම ට්‍රයි එකක් දීල බලන්නම් කියනවා. ආවොත් ආවා ගියොත් ගියා. එතකොට කරුත් එක්ක මේ සූදුව ලේසියි. 

'රනිල් වැඩිපුරම කැමති විපක්ෂ නායකකමට'

රනිල්ට එතකොට මුකුත්ම නැති වෙන්නේ නෑ අඩුම ගානේ ආයේ නැවතත් එතුමා වඩාත්ම කැමති විපක්ෂ නායක තනතුර එතුමට ලැබෙනවා විපක්ෂ නායක නිලනිවසේ. ඒ නිල නිවස එතුමගේ ඇත්ත ගෙදරට වඩා පුරුදු පුහුණු තැනක් එතන. ඒ තරම් එතන එතුමා ජීවත් වෙලා තියෙනවා. එතන නැතිවුණාම නින්ද යන්නේ නැති සයිස් එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම අසනීපවලට හරියන උත්තරය තමයි කරු. 

ජනාධිපතිවරණය අපි ඉදිරිපිට තියෙන එකම තීරණාත්මක අවස්ථාව. ඒක මිස් කරගත්තොත් ආයිත් අපිට ඒ අවස්ථාව හම්බවෙන්නේ නැහැ. රටට අපිට ඉතින් සොරි කියන්න තමයි වෙන්නේ. සොරි කියලා වැඩක් නැහැ. ඒ නිසා මේක ඒ ජයග්‍රහණය සඳහා අපි හරියට ස්ථානගත වෙන්න ඔනේ කලින් මැතිවරණවලදී ලැබුණට වඩා. 

sorry tex 2019. 08.28
දිනාගත යුතුම දිස්ත්‍රීක්ක හතර !


ප්‍රතිශතාත්මකව අපිට වැඩී. වැරදුනේ ඒකෙන් නෙවෙයි. නැගෙනහිර මුස්ලිම් ඡන්ද අඩුයි. ඒක හරි. සියයට පහකටද කොහෙද බැස්සා. ඒක සියයට 30 කට 33 කට වගේ තිබුණ එකක් මගේ මතකයේ හැටියට දැන් සියයට පහකට විතර බැස්සා.  ගම්පහ අපි පැරදුනා. කුරුණෑගල අපි පැරදුනා. 

ලංකාවේ ජනාධිපතිවරණය දිනන්න ඉතාම සංවේදී දිස්ත්‍රික්ක තුනක් හතරක් තියෙනවා. කුරුණෑගල ඉහලින් දින්නොත්, ගම්පහ ඉහලින් දින්නොත්, මහනුවර දිනාගත්තොත්, කොළඹ දිනාගත්තොත්, මෙන්න මේ  හතර දිනන කෙනා තමයි ලංකාවේ ජනාධිපතිවරණය දිනන්නේ.''


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්