leader s

රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම්

වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි.

 
එම අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි.
 
රට පුරා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල සිටින දෙමව්පියන් හා වැඩිහිටියන් ඉතා වැඩි වේගයකින් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට පත් වෙමින් තිබේ.
 
මේ නිසාම නිවෙස්වල දෙමව්පියන් හා වැඩිහිටියන් ක්ෂණිකවම නිරෝධායන මධ්‍යස්ථානයන්ට හෝ රෝහල්වලට යොමු කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මගින් සිදු කෙරෙන අතර සංචරණ සීමා පැවනීමද වරින් වර සිදු වේ.
 
ක්ෂණිකව සිදු කෙරෙන මෙම ක්‍රියාවලිය හේතුවෙන්, නිවෙස් තුළ සිටින ළමයින් අනාරක්ෂිත තත්වයකට, යම් කරදරයකට, අතරමං වීමකට, හුදකලා වීමකට, හිංසනයකට හෝ අපයෝජනයකට පත් විය හැකි බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.
  
එවැනි සිදුවීමක් පිළිබදව කිසියම් හෝ තොරතුරක් වේනම් කිසිදු මුදල් අයකිරීමකින් තොරව දවසේ පැය 24 පුරාම සිංහල, දෙමළ හා ඉංශ්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන 1929 අංකයට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වැඩි දුරටත් ඉල්ලා සිටි.
 
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණගේ අතිසනින් යුතුව නිකුත් කර තිබෙන විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් මගින් රට වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ ව්‍යවසනකාරි අවස්ථාවේදී ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
 

1929

 

 


THE LEADER TV 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

GMOA ලැජ්ජයි! සෞඛ්‍ය අංශ හඬනගයි!

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්