යුරෝපයේ රටවල් තුනක පවත්නා අතිරික්ත කොවිඩ් එන්නත් තොගයේ යම් කොටසක් ශ්‍රී ලංකාවේ ජනතාව උදෙසා
ලබාදෙන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය විසින් කරන ලද ඉල්ලීම කෙරෙහි එම රටවල අවධානය යොමු කරන බව ප්‍රකාශ වී ඇතැයි 'සාධාරණ සමාජයක් වන ජාතික ව්‍යාපාරය' පවසයි.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' වෙනුවෙන් එහි සභාපති කරු ජයසූරිය එම ඉල්ලිම කර ඇත්තේ ස්විස්ටර්ලන්තය, ප්‍රංශය හා ජර්මනිය යන රටවල් නියෝජනය කරන තානාපතිවරුන්ගෙනි. 
 
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමගද ජයසූරිය මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.
 
එම සාකච්ඡාවන්හිදී කරු ජයසූරිය අදාළ රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ මේ වන විට ස්විස්ටර්ලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල් සතුව පවත්නා අතිරික්ත කොවිඩ් එන්නත් තොගයෙන් යම් ප්‍රමාණයක් හෝ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලෙසය. 
 
එම ඉල්ලීම කෙරෙහි යහපත් ප්‍රතිචාර දක්වා ඇති එම රටවල් ඒ පිළිබඳව තම අවධානය යොමු කරන බව සඳහන් කර ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' කියා සිටියි.
 
 එමෙන්ම ජයසූරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳව මැදිහත් වී අදාළ එන්නත් තොගය කොවැක් ප්‍රදාන සැලසුම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන ලෙසය.

 

 


 

THE LEADER TV 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

GMOA ලැජ්ජයි! සෞඛ්‍ය අංශ හඬනගයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්