bakmaha text
පසුගිය අප්‍රේල් 3 දින “මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම” “Bakmaha diuruma oath for a country free of drugs” යනුවෙන් සිංහල හා ඉංග්‍රීසි  ජාතික පුවත්පත් සියල්ලේම පාහේ ව්‍යාකරණ මෙන්ම අක්ෂර වින්‍යාස දෝස රැසක් ද  සහිත අමුතු ආකාරයේ මුල් පිටු දැන්වීම් කවරයක් පළ කොට තිබුණි.

bakma diwuruma123

ඒවා අතර

නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට මරණිය දණ්ඩනය ක්‍රියාත්මකයි !
මත්කුඩු කිලෝ තොගයක් ජනතාව ඉදිරියේ ගින්නට
කුඩු ජාවාරමේ මහා මොළකරුවන් සොයා නොනවතින මෙහෙයුමක
පාසල් දරුවන් මත් රකුසාගෙන් බේරා ගන්න පාසල් තුළට සේවාවක්
පාණාතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
රැකියා විරහිත උපාධිධාරියෙක් අළුගෝසු තනතුරට අයදුම් කරයි

ආදී ලෙස සඳහන් පාඨ සිංහල පුවත් පත් වලද

Get sentence for illegal Drugs

Liquor and Others…Police Narcotic Beauro

Drugs to burn before public

Bakmaha diuruma oath for a country free of drugs

ආදී වූ වැකි ඉංග්‍රීසි පුවත් පත් වලද  මුල්පිටු දැන්වීම් කවරයක් (False Cover) සහිතව ප්‍රචාරය කොට තිබුණි.

ඒ   අනුව අප්‍රේල් මස 4 වන දින “ බක්මහ දිවුරුම” නමින් අප්‍රේල් 3 වන දින ජාතික පුවත් පත් වල පළ කරන ලද මුල්පිටු දැන්වීම් කවරය සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතට අනුව,  vikalpavoices සම කර්තෘ ඉෂාරා දනසේකර විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු ඉල්ලීමක් විද්‍යුත් තැපෑල මඟින් යොමු කර තිබිණ.

එමඟින්

1. 2019. 04. 03 දින “බක්මහ දිවුරුම” සම්බන්ධයෙන් වන දැන්වීම පළ කරන ලද පුවත් පත් මොනවාද?
2. පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා වැය කළ සමස්ත මුදල කොපමණද? යන තොරතුරු විමසා තිබේ.


Screen Shot 2019 07 28 at 1.13.23 PM


කෙසේවෙතත් එය ලද බවට වන මුලික දැනුම්දීම ඇය වෙත ලැබී ඇත්තේ 2019.05.06 දින ජනාධිපති සහකාර ලේකම් ඉරේෂා. එන්. වීරසේකර නමැත්තිය විසින් තොරතුරු ඒකකය වෙනුවෙන් අත්සන් කරන ලද ලිපියකිනි.

latter1 2019.07.28


ඉන් අනතුරුව දින 14 ක් තුළ අදාළ තොරතුරු නොලැබීම මත ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු දැනගැනීමේ  ඒකකය වෙත 2019. 05.31 , 2019.06.07 , 2019. 06.10 , 2019.06.12 යන දින 4 තුලදී සම්බන්ධ කරගත හැකි වූ අවස්ථා 6 කදී අදාළ තොරතුරු ඉල්ලීම සම්බන්ධව නැවත දුරකථන ඔස්සේ විමසීම් කර ඇත.

ඒ අනුව 2019 ජුනි 12 වන දින විද්‍යුත් තැපෑලෙන් සහ ලියාපදිංචි තැපෑලෙන්, ජනාධිපති අතිරේක ලේකම් බි.කේ.එස් රවින්ද්‍ර (තොරතුරු නිලධාරි) ගේ අත්සනින් යුතුව “ අදාළ අංශ මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා අමතර කාලයක් අවශ්‍ය වීම හේතුවෙන් , තොරතුරු ඉල්ලීම වෙනුවෙන් තොරතුරු සැපයීමට දින 14 ට අමතරව තවත් දින 21 ක කාලයක් ගතවන බව දන්වා ඒවා තිබුණ.
67374707 476022239629255 1497267879043661824 n 662x1024

ඒ අනුව 2019 ජුලි මස 15 වන දින අත්සන් කරන ලදුව ,2019.07.25 දින එම තොරතුරු ඉල්ලීමට ලිඛිත තොරතුරු  ලියාපදිංචි තැපෑලෙන් ඉෂාරා දනසේකර වෙත ලැබි තිබුණි. බි.කේ.එස් රවින්ද්‍ර මහතාගේ අත්සනින් යුතුව එවන ලද  එම ලිපියෙන් vikalpavoices සම කර්තෘවරිය විසින් විමසන ලද  තොරතුරු ඉල්ලීම වෙත පහත පිළිතුරු ඒවා තිබේ. ඒ අනුව,

2019.04. 03 දින “බක්මහ දිවුරුම” සම්බන්ධයෙන් වන දැන්වීම පළ කරන ලද පුවත් පත් ලෙස ලංකාදීප, දිවයින, මව්බිම, දිනමිණ, අද සහ රැස පුවත්පත ද

බක්මහ දිවුරුම වැඩසටහනේ මාධ්‍ය ප්‍රචාරය කටයතු වෙනුවෙන් ප්‍රචාරය වූ පුවත්පත් දැන්වීම් සඳහා මේ දක්වා කිසිදු මුදල ගෙවීමක් සිදු කර නොමැති බවත් අදාළ අංශ මඟින් දැනුම් දී ඇති බව දක්වා තිබේ.

67082638 654335165047711 3655265164602638336 n e1564059226104 768x1021

ඒ අනුව ගැටලු කීපයක් මතු වේ.

බක්මහ දිවුරුම සම්බන්ධ ව්‍යාජ කවරයක් ( false Cover )  පළ කොට තිබු  ” Daily Mirror ” පුවත් පත, අප්‍රේල් 4 වන දින නිකුත් කරන ලද තම Late city Edition හී  සඳහන් කොට තිබුණේ  “එම වෙළඳ දැන්වීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් තමන් වෙත මුදල්  ගෙවා මෙම කවරය පළ ඇති අතර ඇති බවත්, එහි අන්තර්ගතයේ දෝෂ සම්බන්ධව තමන්ට කිසිදු වගකීමක් කර්තෘ මණ්ඩලය ලෙස භාර ගත නොහැකි බවත්ය.

Bakmaha diwuruma


එහෙත් තොරතුරු ඉල්ලීමට පිළිතුරු දක්වා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය එවන ලද තොරතුරු වලට  අනුව ඩේලි මිරර් (Daily Mirror) පුවත් පතට එම දැන්වීම් ලබා දී ඇති බවට තොරතුරු  දක්වා නැත.

එසේම දක්වා ඇති පුවත් පත් වලටද දැන්වීම් සඳහා කිසිදු ගෙවීමක් කර නැති බවද තොරතුරු වල දක්වා තිබේ.

එසේ නම් මේ දැන්වීම අදාළ පුවත් පත් මඟින් පළ කොට ඇත්තේ, නොමිලයේ ද? නැත්නම් ඒවා ප්‍රචාරය කොට ඇත්තේ මුදල් ගෙවා ඇති බවට ජනතාව නොමග යවමින්ද ? එසේත් නැත්නම්  කිනම් පදනමක් මතද ? යන්න  දැන් ගැටලුවක්ව පවතී.

නිරාවරණය කොට ඇති තොරතුරු අනුව, සත්‍ය පවසන්නේ කවුරුන්ද යන උභෝතෝකොටිකය මේ අනුව මහජනතාව මත  පැටවී තිබේ. 

 ඔවුන් දෙපාර්ශයම සත්‍ය තොරතුරු මහජනයාගෙන් වසන් කරනවාද? මේ මහජන මුදල් සම්බන්ධ විනිවිද භාවය පවත්වා ගත යුතු තත්වයක් බරපතල තත්වයක් නොවේද? ඒ අනුව අපට සත්‍ය දැනගැනීමට ඇති අයිතිය දැන් උරගා බැලිය හැකි ඊළඟ පියවරට අප යා යුතුව තිබේ.

(vikalpa.org)


සබැඳි පුවත් 
 [RTI] ‘බක්මහ දිවුරුම’ ආණ්ඩුවේ අලුත් බයිස්කෝප් හා මහජන මුදල්.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්