අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන 'ලංකාදීප' වෙබ් පුවත්පතට පවසා ඇත. 

කෙසේ වෙතත් එම එන්නත් ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.


ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම කළ නොහැකි වී ඇතැයි පවසන මහාචාර්ය චන්න ජයසුමන, ඉන්දියාවේ ප්‍රශ්නය අප තේරුම් ගෙන සිටින බවද කියා සිටියි.


මේ අතර කොරෝනා එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි  මහාචාර්යවරයා කියයි. 

අස්ට්‍රාසෙනිකා පළමු එන්නත ලබාගත් පිරිස අතරින් මෙරට තවත් හය ලක්ෂයකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීමට නොහැකිව අසරණව සිටිති.

අනාගතයේ එන්නත ලබාදෙන විට දෙවෙනි මාත්‍රාව සුරක්ෂා කර තබන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආණ්ඩුවේ බලධාරීන් වෙත යොමුකර ඇති ලිපියක සඳහන් වේ. 

 

අස්ට්‍රාසෙනිකා නාවොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා - විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන



Johnson and johnson

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට " ස්පුට්නික් ලයිට් "හෝ "ජොන්සන් ඇන්ඩ් ජොන්සන් " එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇති බවයි.

එම එන්නත් වර්ග දෙකම එක මාත්‍රාව බැගින් ලබා දෙන කාණ්ඩයේ ඒවා බවත් ඇස්ට්‍රාසෙනිකා එක් මාත්‍රාවක් ගත් අයට මෙම එන්නත්වලින් මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් ඇති නොවන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියයි.

මේ එන්නත් දෙකේ මුල් මාත්‍රාවෙන්ම ප්‍රතිශක්තිය ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ අතර මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මිලදී ගැනීම සඳහා අදාළ සමාගම් සමග ගිවිසුම් ගත වීමේ මුල් අදියරට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි.

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුලි මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි.

 

###############


THE LEADER TV

 

 
පොලිස් ඇමති පියුමිට අමතලා! 


සාපය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්