මේ දිනවල කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
 
ඒ අනුව කර්මාන්තශාලා ප්‍රධානීන් දැනුවත් කර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් උපදෙස් ලබා‍දී ඇති බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන 'අද දෙරණ' වෙත කියා සිටියේය. 
 
"මේ දවස්වල කර්මාන්තශාලාවල රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. ඒ ආකාරයෙන් වැඩිපුර රෝගීන් හමුවෙනවා නම් ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට බලාපොරොත්තුවෙනවා. නැත්නම් අපි උපදෙස් ලබාදීලා තියෙන්නේ ආසාදිත රෝගීන් වෙන්කර අරගෙන ආසාදිත නොවන සේවකයින් යොදවා කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට. සියලුම කර්මාන්තශාලා අවම බාධා යටතේ වැසීමකින් තොරව පවත්වාගෙන යෑමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට කටයුතු කරමින් ඉන්නේ." විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තව දුරටත් පැවසිය. 
 
මෙම තත්ත්වය තුළ සංචරණ සීමා අවසන් වීමෙන් පසුව ද ඇඟලුම් කර්මාන්තාශාලා ආශ්‍රයෙන් නැවතත් කොරෝනා රැල්ලක් රට පුරා පැතිර යාමේ අවධානමක් පවතින බව වසංගත රෝග විශේෂඥයින් අනතුරු අඟවති.
  
රජය විසින් මුළු රටම වසා තබා දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඟලුම් කර්මාන්තශාලා, අපනයන භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා සියල්ල විවෘත කර තැබීමට කටයුතු කළේය.
 
එම තත්ත්වය තුළ වෙළඳ කලාප තුළ කෝවිඩ් 19 ආසාදිතයින්ගේ යම් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ඊයේ වන විට නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවල 149 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය අසාදනය වී ඇතැයි වාර්තාවේ.
 
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක ද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට කෝවිඩ් 19 වෛරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ. 
 
 කර්මාන්තශාලාවේ සේවය සඳහා අදාල ප්‍රදේශවලින් තරුණ තරුණියන් පැමිණ ඇති බැවින් අදාළ ග්‍රාම සේවා කොට්ඨාශයේ ජනතාව නිරෝධායනයට ලක් කර ඇත.
 
අපේක්ෂා කරන ආකාරයට එම  කර්මාන්තශාලා ක්‍රියාත්මක කිරීමේදී, රජය සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි වර්ධනය වෙනුවෙන් හඳුන්වා දෙන ලද “Bio Bubble” හෙවත් ජෛව ආරක්ෂණ බුබුළු වැඩසටහන ක්‍රියාත්මක කල  නම් මෙම තත්වය යම් තරමකින් හෝ වලක්වා ගැනීමට ඉඩ තිබිණ.
  
වෙළඳ කලාපයේ මෙම අහිංසක කම්කරුවන් රැකියාවට පැමිණෙන්නේ අවට ඇති නේවාසිකාගාර, බෝඩිම් කාමරවල සිටය. 
 
එවැනි තත්ත්වයක් තුළ රට පුරා ක්‍රියාත්මක සියලුම ඇඟලුම් කර්මාන්තශාලා තුළ මොවුන් රඳවාගෙන ජෛව ආරක්ෂණ බුබුළු යටතේ සේවයට යොමුකළේ නම් ඔවුන්ටත්, ඔවුන්ගෙන් සමාජයටත් කොරෝනා වැලඳීම අවමකර ගත හැකිව තිබිණ.
 
මෙහි භයානකම අවස්ථාව වන්නේ සංචරණ සීමා අවසන් වීමත් සමඟම රජයේ තුන්වන සංචරණ සීමාවලට යටත් නොවූ මොවුන් දහස් ගණනක් සිය ගම්බිම් බලා යාමත් සමග මතුවිය හැකි අවධානමයි. ඔවුන්ට කම්හල්තුලම  නිරෝධායනය කර සමාජයට යොමු කිරීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් වනු ඇත. 
 
 
 
''හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතුයි''
 
 labour.department
 
ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් අතර කොරෝනා වයිරසය බරපතල ලෙස පැතිරීමක් සිදුවෙමින් තිබෙන බව  
නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය මිට සති දෙකකට ඉහත දී අදාල බලධාරීන් දැනුවත් කර තිබුන ද ඒ කෙරෙහි කිසිඳු ලෙසකින් අවධානය යොමු නොකිරීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇතැයි චෝදනා එල්ලවෙමින් තිබේ.
 
එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මැයි 23 වන දා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, රට පුරා කම්හල්වල කෝවිඩ්-19 ආසාදනය වීමට හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතු බවයි.
 
මරාන්තික කොරෝනා වසංගත සමයේ සේවක ගැටළු සම්බන්ධයෙන් තීන්දු ගැනීම සදහා පිහිටුවා ඇති ඉහළ මණ්ඩලය මාස තුනකට ආසන්න කාලයක් නොකැඳවීම පිළිබදව කණස්සල්ල පළ කරන වෘත්තිය සමිති
නායකයන් සතියක් ඇතුලත එය නොකැදවුවහොත් ස්වාධිනව තීන්දු ගන්නා බවට රජයට අනතුරු අගවා තිබේ.
 
කෝවිඩ්-19 වසංගතය සහ සේවක රැකියා පිළිබදව කටයුතු කිරිමේ ත්‍රෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව වහා කැදවිමේ අවශ්‍යතාව අවධාරණය කරමින් මැයි 27 සිකුරාදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල වෙත ලිඛිතවම එම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිය සමිති පහක් විසිනි.
 
 
 
සබැඳි පුවත් :

 

 


 

THE LEADER TV 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්