එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් ආයතනයක් මගින් සංවිධාන කරනු ලබන විශේෂ රැස්වීමක මුඛ්‍ය දේශනය
පැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අරාධනාකර ඇතැයි වාර්තාවේ.
 
ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි එම ආරාධනය කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුව අගය කරමිනි.
 
 
ඉකුත් බදාදා (02) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති 'දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වූ කාර්ය සාධක බළකා' රැස්වීමේදී රසායනික පොහොර තහනමට විරෝධය පළකරමින් අමාත්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා අදහස් දැක්වූ අවස්ථාවේදී, ජනාධිපතිවරයා සිය මේසයේ ලාච්චුව විවෘතකර තමාට ජාත්‍යන්තර සංවිධානයක් විසින් ඒවා ඇති ලිපිය පෙන්වා ඇතැයි සති අන්ත පුවත්පතක් විසින් වාර්තාකර තිබේ.
 
 
“පේනවා නේද…මේ රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරවලට යන්න අපි තීන්දු කළාට පස්සේ යූ.එන්. එකෙන් මට ලියුමක් එවලා තියෙනවා ඒක අගය කරලා. ඒ වගේම ඒ අය තියන සමුළුවක ප්‍රධාන දේශනය කරන්න එන්න කියලා. ඒකෙන්ම පේනවා මේ තීන්දුව ජාත්‍යන්තරයත් අගය කරලා කියන එක. ඒ නිසා අපි ඒ තීන්දුව අමාරු වුණත් ආපස්සට හරවන්නේ නැතිව ඉස්සරහටම යන්න ඕනේ…” යනුවෙන් ජනාධිපතිවරයා පැවසු බව ද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ..
 
 
 
පොහොර මාෆියාව කුමන්ත්‍රණයක !
 mahindananda aluthgamage
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද
 
 
 
කෘෂි පොහොර හා කෘෂි රසායන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීන්දු සම්බන්ධයෙන් රටපුරා මතුව ඇති විරෝධය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කළේ, රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීන්දුව කිසිඳු ලෙසකින් හකුලා නොගන්නා බවයි.
 
 
''ශ්‍රී ලංකාව 1965 ඉඳලා මේ දක්වා අවුරුදු 56ක් රසායනික පොහොරත් එක්ක ජිවත් වෙච්ච රටක්. ඊට ඉස්සෙල්ල අපේ ගොවි ජනතාව පාවිච්චිකලේ කාබනික පොහොර. මේ පහුගිය අවුරුදු 56 පිටරට ගිහින් ආචාර්ය මහාචාර්ය උපාධි ගත්තු කෘෂි විශේෂඥයින් සියලුදෙනාම දන්නේ රසායනික පොහොර යොදලා අස්වැන්න ගන්න. එනිසා තමයි මම අපේ අමාත්‍යංශයට කාබනික පොහොර ගැන විශේෂඥයෙක් ලේකම් විදියට පත්කර ගත්තේ.
 
 
දැන් ලෝකයේ දියුණු රටවල් කාබනික පොහොර තාක්ෂණයට යනවා. රසායනික පොහොරවලින් වෙන විනාශය බරපතලයි. අපි කන්නේ වස. පරිසරයට වෙන විනාශය ගණනය කරන්නවත් බැරි තරම්.'' යයි  පැවසු කෘෂිකර්ම අමාත්‍යවරයා, ආණ්ඩුවේ කාබනික පොහොර ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ රසායනික පොහොර ගෙන්වන ව්‍යාපාරිකන් පිරිසක් බව ද කියා සිටියේය.
 
 
 
රසායනික පොහොරවලට වසරකට බිලියන 100ක් 
 
රසානික පොහොර ආනයනය වෙනුවෙන් ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 100කට වැඩි මුදලක් වියදම් කරන බව පැවසු අමාත්‍යවරයා, එමගින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයන රසායනික පොහොර ව්‍යාපාරයේ ඇතැම් ජාවාරම්කරුවන් මේවනවිට සමහර මාධ්‍ය වලට සල්ලි පොම්ප කර ජනාධිපතිතුමාගේ වැඩසටහනට පහර දෙමින් සිටින බවට ද චෝදනා කළේය. 
 
 
'' කාබනික පොහොර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙරටේ සමාගම් 20කට වැඩිය මහ පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනවා. මේ රටේ ගොවි ජනතාව අවශ්‍ය පෝර. කාබනික ද රසායනික ද කියල එයාලට වැඩක් නැහැ. අපි ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික කලට වෙලාවට දෙනවා. '' යයි පැවසු මහින්දාන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා, කිසිඳු ලෙසකින්වත් රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය රිවස් නොකරන බව යළි යළිත් අවධාරණය කළේය.
 
 
 

THE LEADER TV 

 

හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!

 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්