The Leader News
BREAKING
Top Ad
පුවත්

රුපියල බාල්දුවීම නිසා විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළයයි

T

The Leader Desk

December 22, 2025 • 3:42 AM

රුපියල බාල්දුවීම නිසා විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක් වූ ඩොලරයේ අගය මේ වන විට රු.
  • බිලියන 37 ක් වූ විදේශ ණය ප්‍රමාණයේ වටිනාකම මත එමගින් ඇති කර ඇති අතිරේක බර රු.
  • බිලියන 703 [ඩො.බිලියන 37 වරක් රු.
  • (එනම් IMF ඇ.ඩො.මිලියන 206 වරක් රු.
අකුරු ප්‍රමාණය (Font Size):


2024 ඔක්තෝබර් මස රු. 293 ක් වූ ඩොලරයේ අගය මේ වන විට රු. 312 දක්වා (රු. 19 කින්) ඉහළ ගොස් ඇත.  2025 මැද භාගය වන විට ඇ.ඩො. බිලියන 37 ක් වූ විදේශ ණය ප්‍රමාණයේ වටිනාකම මත එමගින් ඇති කර ඇති අතිරේක බර රු. බිලියන 703  [ඩො.බිලියන 37 වරක් රු. 19] කි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ලබාදෙන ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමට වඩා වැඩි පාඩුවක් රුපියල අවප්‍රමාණයවීම හේතුවෙන් පමණක් සිදුවන බවයි. (එනම් IMF ඇ.ඩො.මිලියන 206 වරක් රු. 312  [රුපියලේ අගය])

මෙම තත්වය සරළව පැහැදිලි කළ හැක්කේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඒකක 1 කින් අවප්‍රමාණය වන සෑම විටකම විදේශ ණය බර අතිරේක රු.බිලියන 37 කින් වැඩි වන බව ය.  

2022 දී රුපියල අවප්‍රමාණය වීම හා වෙනත් හේතු මත ආර්ථිකය කඩා වැටීමෙන් පසුව මහ බැංකු විනිමය අනුපාත අනුව ඩොලරය රු. 361 දක්වා ඉහළ ගියේය (වානිජ්‍ය බැංකු ගණුදෙනු සඳහා එය සැබෑ විනිමය අනුපාතය රු. 400ක් පසුකර තිබුණි.).  පසුගිය රජයේ ආර්ථික කළමනාකාරණය හේතුවෙන්  ඩොලරය රු. 293 දක්වා ශක්තිමත් විය. පසුගිය මාස කිහිපය තුල රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් ඇත.

වැරදි ආර්ථික කලමනාකරණය හා සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට අසමත්වීම, විදේශ ණය ප්‍රමාණය මෙළෙස අති විශාල ලෙස ඉහළ යාමට හේතුවකි. අවසාන විග්‍රහයේ දී, රු. බිලියන 700ක් පමණ වන මෙම මුදල සපයා ගැනීමට සිදුවන්නේ ජනතාව මත තවදුරටත් සෘජු හා වක්‍ර බදු මගිනි.

2025 මාර්තු මස ඩො.මි. 6,531 ක් වු විදේශ සංචිත 2025 නොවැම්බර් මස මිලියන 6,033 දක්වා මාස 8 තුල මිලියන 498 කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Screenshot 2025 12 22 090512
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...