වාසි දායක ලෙස යුරෝපා හවුලේ වෙළඳපොළට පහසුවෙන් ඇතුළුවීමට GSP+ සහනය ඔස්සේ ලබාදී ඇති අවස්ථාව
මෙන්ම ත්‍රස්ත විරෝධි කටයුතු සඳහා ලබාදෙන ආධාරද ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබේ. 
 
ඒ යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වඩාත් දැඩි පියවර අනුමත කරන යෝජනාවක් සම්මත කරගැනීමත් සමගයි.
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය දැඩි ලෙස පිරිහෙමින් පවතින පසුබිමක යුරෝපා පාර්ලිමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට එකඟ වී තිබුණු මානව හිමිකම් පිලිබඳ පියවර රාජපක්ෂ ආණ්ඩුව දිගටම මගහරිමින් සිටින තත්වයක් තුළය.
 
 
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී ජුලි 10 බ්‍රහස්පතින්දා සම්මත කරගන්නා ලද මෙම යෝජනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ බියකරු පනත යටතේ සිදුවෙමින් පවතින අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් කෙරේ විශේෂ අවධානයක් යොමුකර ඇත.
 
 
ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා කොමිසමෙන් දැඩි ලෙස ඉල්ලා තිබේ.
 
GSP+ සහනය නැවත සලකා බැලීමේ යෙදී ඇති මේ වසරේ නොවැම්බරයෙදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස ඇගයීමට ලක්වනු ඇති අතර, එහිදී ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.
 
 
තිරසාර සංවර්ධනය සහ යහ පාලනය වෙනුවෙන්...
 
 
FfJ2OyeGvKDmxVzm cover 
 
 GSP+ සහනය යනු තිරසාර සංවර්ධනය සහ යහ පාලනය වෙනුවෙන් ලබාදෙන විශේෂ සහන වැඩසටහනක් වන අතර, ඒ හරහා යුරෝපා හවුලේ වෙළඳපොලට වඩාත් පහසුවෙන් ඇතුල්වීමට ඉඩ ලබාදේ. මෙහිදී මූලිකවම සිදුවන්නේ සහන අවශ්‍ය, සහ මධ්‍යම සහ පහළ ආදායම් ලබන රටවල්වලින් ලැබෙන නිෂ්පාදනවලට පනවන ආනයන බදු ඉවත් කිරීමයි.
 
කෙසේනමුත්, GSP+ සහනය ලබාදෙන්නේ යම් යම් කොන්දේසිවලට යටත්ව වන අතර, යුරෝපා හවුලේ වෙළෙඳ ප්‍රතිපත්තිවලට අනුව, මෙම සහනය ලබාගන්නා රටවල් “මානව හිමිකම්, කම්කරු හිමිකම්, පරිසර සංරක්ෂණය සහ යහ පාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාවට නැංවීමට බැඳී සිටී.”
 
 
ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව යුරෝපා හවුල බලවත් කනස්සල්ල පළකරන අතර, “ප්‍රජා අවකාශය සීමා කිරීම, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් බහුලව සිදුවීම, නිසි ක්‍රියාපටිපාටියට අවනත නොවී සිදුකරන රඳවා තබාගැනීම්, සුළුජාතීන් ඉලක්ක කරගනිමින් සිදුවන ක්‍රියා සහ වැඩිවෙමින් පවතින ආණ්ඩුව හමුදාකරණය” වැනි කරුණු පිලිබඳව ඉහත කී යෝජනාව හරහා අවධානය යොමු කර තිබේ.
 
 
EpYemJaXMAceBmQ 
හෙලේනා ඩාලි
 
යුරෝපා හවුලේ පූර්ණ සැසිවාර විවාදයේදී අදහස් දක්වමින්, සමානාත්මතාවය සඳහා වන යුරෝපා කොමසාරිස්, හෙලේනා ඩාලි සිහිපත් කළේ ශ්‍රී ලංකාව GSP+ සහනය නැවතත් ඉල්ලා සිටි 2017 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකුල වන ලෙසින් සංශෝධනය කිරීමට එකඟ වූ බවයි.
 
“ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආරක්ෂාවන් ඉවත්කිරීම, වගවීමක් නොමැති කම, පුද්ගලයන් බැහැර කිරීම සඳහා කෙරෙන සංවාද, සිවිල් සංවිධාන වෙන්කොට තැබීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාකාරීන් සහ ලේඛකයන් වැනි පිරිස් රඳවා තබාගැනීමට භාවිත කිරීම ආදිය ආදී සිදුවීම් අපගේ නිරීක්ෂණයට ලක්වී ඇත,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
 hejas and ahnaf
 
හෙජාස් හිස්බුල්ලා - අහ්නාෆ්  ජසීම්
 
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටින මෙරට ප්‍රකට මානව හිමිකම් නීතීඥ හෙජාස් හිස්බුල්ලා සහ තරුණ  කවියකු වන අහ්නාෆ්  ජසීම් ඇතුළු පිරිස නිදහස් කිරීමටද යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සහාය පළ කර ඇත.
 
තවද, පවතින නීතිවලට අනුව සුදුසුකම් සපුරන සියලු දෙනාටම ඇප ලබාදිය යුතු බව අදාළ යෝජනාව හරහා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, සියලුම රැඳවියන්ට නීතීඥ සහාය ලබාගැනීමට සහ පවුලේ සාමාජිකයන් සම්බන්ධ කරගැනීමට අවස්ථාව ලබා දෙනලෙසද නීතිපතිවරයාට බලකර සිටී. කලින් දැනුම්දීමකින් තොරව මානව හිමිකම් කොමිසම විසින් රැඳවියන් හමුවීමට යාම සඳහා අවශ්‍ය සහාය ලබාදීමද ඊට ඇතුළත් ය.
 
 
shani abeysekara 
ශානි අබේසේකර
  
නීතිඥ හෙජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් කවියා ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ ලේඛකයන් නිසි නීතිමය ක්‍රියාවලි අනුගමනය කිරීමකින් තොරව මෙන්ම යුක්තිය ලබාගැනීමට හැකියාවක් නොලැබෙන ආකාරයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම මෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබාගැනීමද සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව දැඩි කනස්සල්ල පළකර ඇත.
 
  
 
 
 
රිෂාඩ් අත්අඩංගුවට ගෙන දින 50යි
 
 
Rishad 2021.06.13
 
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක වන්නි දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්
සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අදට  (ජුනි 13) දින 50 ක කාලයක් ගතව තිබේ.
 
අප්‍රේල් 24 දා උදැසන ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවේ  2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දී ඇතැයි කියමිනි.
 
කෙසේවුවද මේ දක්වා ම ඔවුන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති අතර අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටියි.
 
 
 
 තම යෝජනාව හරහා යුරෝපා පාර්ලිමේන්තුව බලකර සිටින්නේ රඳවා සිටින පුද්ගලයන්ට වහාම සාධාරණ චෝදනා මත පදනම්වූ නඩු විභාගයක් ලබාදෙන ලෙසත්, එවැනි චෝදනා නැත්නම්, කොන්දේසි විරහිතව ඔවුන්ව නිදහස් කරන ලෙසත් ය.
 
 
 
සුලුජාතීන්ට හිරිහැර කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම නිසා ශ්‍රී ලංකාවේ රජයට ත්‍රස්ත විරෝධී කටයුතු සදහා ලබා දෙන  ආධාර ද අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.
 
යුද අපරාධ සහ මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම සලසා දීම සඳහා  කිසිදු ආකාරයක ජාත්‍යන්තර මැදිහත්වීමක් පවතින ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් කලකිරීමට පත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවෙන් පිටත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නිර්දේශ කර ඇත.
 
 
හමුදාව පිලිබඳ පරීක්ෂණ:
 
 
කෙසේනමුත්, හමුදාව පිලිබඳ පරීක්ෂණ තමන් විසින්ම සිදුකරන ලෙසද යුරෝපා හවුල ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී.
 
තවද, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණවලට සහ ඔවුන්ට නිසි දඬුවම් දීමේ ක්‍රියාවලියට සිදුවිය හැකි බාධා වැළක්වීමට පියවර ගන්නා ලෙසද ඉහත කී යෝජනාව හරහා ශ්‍රී ලංකාවට බල කෙරේ.
 
  
එමෙන්ම, යුද සමයේදී සෑම පාර්ශවයකම ඉහළ පෙළේ නිලධාරීන් විසින් සිදුකළ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙසද, බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු හමුදා නිලධාරීන් රජයේ උසස් තනතුරුවලට පත්කිරීම නවතන ලෙසද, අදාළ යෝජනාවෙන් ශ්‍රී ලංකාවට බල කර ඇත.
 
 
නව අන්තවාදී මතවාද දැරීමෙන් මුදවාගැනීමේ විධිවිධාන හරහා බලධාරීන්ට අන්තගාමීන් යැයි සැකකෙරෙන පුද්ගලයන් වසර දෙකක් දක්වා කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව රඳවා තබාගත හැකි අතර, එය මුස්ලිම් ජනතාව ඇතුළු සුළුජාතීන්ව ඉලක්ක කරගනිමින් සිදුවන ක්‍රියාවලියක් ලෙස හඳුන්වා දෙමින් මානව හිමිකම් සංවිධාන එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර ඇත. මේ පසුබිම තුළ, එම විධිවිධාන වහාම අත්හිටුවන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව නිර්දේශ කරයි.
 
අනුමත කරන ලද යෝජනා යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික රටවලට යොමුකරනු ඇති අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ තීරණය කෙරෙනු ඇත්තේ ඉන් අනතුරුවය.
 
එම රටවල් GSP+ සහනය අත්හිටුවීමට තීරණය කළහොත්, ශ්‍රී ලංකාවට සිය අපනයන වෙළඳපොල අහිමි වීමේ අවදානමක් මතු වනු ඇත. යුරෝපා හවුලට අයත් රටවල් ශ්‍රී ලංකාවේ විශාලතම තනි වෙළඳ සහකරු වන බැවින්, අපනයන-ආනයන ක්‍රියාවලිය බලපෑමට ලක්වීම හේතුවෙන් දැඩි විදේශ විනිමය අහිමිවීමක් සිදුවනු ඇත.
 
 
1Hs7zA7TE7urgefd 02 
GSP+ සහනය අහිමිවුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක පමණ මුදලක් අහිමි වනු ඇති බවට ගණන් බලා තිබේ. 
 
 
සහනදායී බදු ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම විදේශ විනිමය උපයන නිෂ්පාදනය වන අපනයන ඇඳුම් ක්ෂේත්‍රය විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා ඇත.
 
GSP+ සහනය අහිමිවුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක පමණ මුදලක් අහිමි වනු ඇති බවට ගණන් බලා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ විදෙස් වෙළඳපොලේ වඩාත් මිල අධික වනු ඇති අතර, ඒවාට ඇති ආකර්ශනයද අඩු වනු ඇත.
 
  
##########
 
THE LEADER TV 
ගම්මන්පිලට ගහන්න ගිය පොහොට්ටු ලේකම් ඉල්ලා අස්වෙයි?
මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image