ඉන්ධන මිළ ඉහළ නැංවීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ මිළ ගණන් ද ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙති.
ඉන්ධන මිළ වැඩි කිරීම මෙරට ආර්ථිකයට කෙටි කාලීනව සහ දිගු කාලීනව බලපෑම් එල්ල කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යාපීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා මහාචාර්ය ජනක් කුමාරසිංහ 'නෙත් නිව්ස්' වෙත පැවසිය.
 
 
 

 
''බොහෝ රටවල් ඉන්ධන සදහා මිළ ස්ථායීතාවක් පවත්වාගෙන යාම සදහා විවිධ උපක්‍රම භාවිත කරනවා. ලෝක වෙළදපොළේ බොරතෙල් මිළ අඩු අවස්ථාවලදී වැඩි වශයෙන් ඉන්ධන තොග මිලදි ගැනීම ඉන් එක් උපක්‍රමයක්. කෙසේ වෙතත් බොරතෙල් මිළ අඩු අවස්ථාවන්වලදී එලෙස ඉන්ධන තොග වැඩි වශයෙන් මිළ දී ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව ඔහු පවසයි.
 
 

 
 
ඉන්ධන මිල වැඩිවීම හරහා මෙරට ජන ජීවිතයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ග දුනුසිංහ ද මෙසේ පැවසිය.
 
 

 
 
බස් ගාස්තු සියයට විසිපහකින් වැඩිකරන්නැයි ඉල්ලයි Anjana 2021
 
 
 
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් ගාස්තු සියයට විසිපහකින් වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.
 
එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමට සිදුව ඇති හෙයින් ඒ සඳහා තවත් සියයට දහයක බස් ගාස්තු සංශෝධනයක් ද සිදුකළ යුතු බව එම සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් 'අරුණ' පුවත්පතට පවසා තිබේ.
 
ඉන්ධන මිල ඉහළ දැමීම, ලීසිං වාරික ගෙවීමේදී සහනයක් නොලැබීම, ටයර් ඇතුළු අමතර කොටස්වල මිල ඉහළ යාම ඇතුළු ගැටලු රාශියක් මැද සිය වෘත්තිය කරගෙන යන බවත් මේ හේතුවෙන් පවතින බස් ගාස්තුවට අමතරව සියයට පහළොවකින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවත් අංජන ප්‍රියන්ජිත් කියා සිටියි.
 
මෙරට ප්‍රධානම බස් සංගමය වශයෙන් මෙම ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බව ද මේ පිළිබඳ සෙසු බස් සංගම් හා ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසයි.
 
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හා අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ පිළිබඳ සිය යෝජනා හා අදහස් නිල වශයෙන් මෙතෙක් ඉදිරිපත් කර නොමැත.
 
 
 
 
බස් ගාස්තු වැඩි වීම නිසි අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ නොහැකියි -ගැමුණු විජේරත්න      Gamaunu 2021.06
 
 
 
 
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් වී ඇති නමුත් බස් ගාස්තු වැඩි වීම කොපමණ අගයකින් සිදුවිය යුතුයි ද යන්න නිසි අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ නොහැකි බවය. 
 
ඒ සම්බන්ධයෙන් සිය යෝජනා ඇතුළත් ලිපියක් සකස් කරමින් සිටින බවත් හෙට (15දා) එම ලිපිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත ලබා දෙන බවත්ය.
 
 
 
 
ඉන්ධන මිල ඉහළ දැමීම රජයේ වැරදි තීරණයක්
 
 
එමෙන්ම අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාරගෙන් 'අරුණ' පුවත්පත කළ විමසුමකදී සඳහන් කර ඇත්තේ, තම සංගමය ද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවය. 
 
කොවිඩ් 19 වසංගත තත්වය මැද ඉන්ධන මිල ඉහළ දැමීම රජයේ වැරදි තීරණයක් බවක් බව ඔහු පවසයි.
 
 
 
 
බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ - දිලුම් අමුණුගම
 
78bdca7e 995be89b 18b41577 dilum amunugama 850x460 acf cropped 850x460 acf cropped
                                         දිලුම් අමුණුගම
 
 
කෙසේවුවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ කිසි ලෙසකින් හෝ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවයි.
 
ඉදිරියේදී බස් හිමියන්ට යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
 
 
 

 
##########
 
THE LEADER TV 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
ගම්මන්පිලට ගහන්න ගිය පොහොට්ටු ලේකම් ඉල්ලා අස්වෙයි?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්