යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාසයකට ආසන්න කාලයකට ඉහත අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු සම්බන්ධ පරීක්ෂණ වාර්තා පොලිසිය විසින් ලබා නොදීම නිසා ඔවුන් තවත් සති දෙකක්  
රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.
 
දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
 
නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.
 
අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.
 
අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.
 
රිමාන්ඩ් භාරයේ පසුවන කාන්තාවන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණය විසින් වැඩි දුර විස්තර වාර්තාවක් ඊයේ දිනයේ ඉල්ලා තිබුනද  එම වාර්තාව අධිකරණයට  ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර නොතිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවට පොලිසිය කළ ඉල්ලීමට ඉඩ දෙමින් වාලච්චේන වැඩ බලන  මහේස්ත්‍රාත් ඔවුන් ජුනි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.
 
 
THE LEADER TV 
 
 
 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි?
 
 
 
 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්