ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ දී ටෙන්ඩර් මගඩියක්
සිදුව ඇතයි වෙබ් අඩවි ඔස්සේ පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 
 
ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය පවසා ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම මේ වනතුරුත් සිදුකර නොමැති අතර, ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන අක්‍රමිකතා සිදුව ඇති බවට විවිධ වෙබ් අඩවි හරහා පළවන සාවද්‍ය පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවත් ඔහු එම නිවේදනය මගින් ප්‍රකාශ කර සිටියි.
 
ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණුව ලැබීම සඳහා දෙපාර්තමේන්තුවේ ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරීමටත් සැලසුම් කර තිබෙන අතර ජිම්නාස්ටික් උපකරණ මිලදීගැනීම සම්බන්ධව  මිළ ගණන් කැඳවීම සිදු කර තිබෙන බවත්,  මිලදී ගන්නා ක්‍රීඩා භාණ්ඩවල අන්තර්ජාතික ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
 
මේ සම්බන්ධව තාක්ෂණ ඇගයීම් කමිටුවක් මගින් ඇගයීමක් සිදුකර ඇති අතර තවදුරටත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ තාක්ෂණික කමිටු නිලධාරීන්ගේ විශේෂඥ මතය විමසා මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට අප අදහස් කර තිබෙන බවත්, ජිම්නාස්ටික් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සම්බන්ධව අවසන් තීරණයක් මේ වනතුරුත් අරගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
 
ක්‍රීඩා අමාත්‍යංශයේ ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ පුවතක් පළමුවරට වාර්තා කර තිබුනේ 'ලංකාදීප' වෙබ් අඩවියයි. 
 
අනතුරුව සමාජ මාධ්‍ය වෙබ් අඩවි ගණනාවක් ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබිණ. 'ද ලීඩර්' ද 'ක්‍රීඩා අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩියක් !  '' යන සිරස්තලයෙන් යුතුව ජුනි 20දා වාර්තාවක් පළකරනු ලැබිය. 
  
එම තත්වය තුළ 'පිළිතුරු දීමට ඇති අයිතිය' යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ගේ නිවේදනය මෙසේ පළකර සිටියි. 
 
 
Gim 
  
 
 
##########
THE LEADER TV 
 
සියගණනක් මරු කටට යැවූ එන්නත්කරණයට විරෝධය! - බැසිල්ටත් චෝදනා
 
ස' කොටු කරන්න රනිල් ඇටවූ උගුල!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්