රූපලාවන්‍යය කර්මාන්තය ආදී සමහර කර්මාන්ත වලට පිරිසිදු සාන්ද්‍ර යූරියා අවශ්‍යයතාවයක් පවතින බැවින්
එම තත්වය යොදාගෙන රට තුළට සාන්ද්‍ර යූරියා විශාල තොග ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම සඳහා රාජ්‍යය නිලධාරින් දෙදෙනෙකු විසින් ජාවාරමක් ආරම්භ කර ඇති බව ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා ලීඩ් නිව්ස්' වාර්තා කරයි.
 
ඔවුන් කි ග්‍රෑම් 10ක් අවශ්‍යය ස්ථානයට කි ග්‍රෑම් 1000ක් හෙවත් මෙට්‍රික් ටොන් 1ක් සඳහා බලපත්‍ර ලබා දීමට ක්‍රියා කරණ බවද අනාවරණය වී ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
එසේ ආනයනය කරණ පිරිසිදු සාන්ද්‍ර යූරියා යොදා ගනිමින් එම ප්‍රමාණය මෙන් 100 ගුණයකින් දියර පොහොර වර්ග නිපදවිය හැකි බවද විද්වතුන් අදහස් පළ කොට ඇත.
 
ඒ අනුව රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව වෙනත් ආකාරයකට රසායනික පොහොර ආනයනය කර ඒවා දියකර දියර පොහොර හැදීමේ ජාවාරම දැන් ආරම්භ වී ඇති බව වාර්තාවේ.
 
 මෙම ජාවාරම පිටුපස කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුද සිටින බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ.

 

 

 


 

THE LEADER TV 
 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට!
 
 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්