leader s

හත්ලක්ෂයක් පමණ වන එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය
අවධානය යොමු කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ ‘අරුණ’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.
 
පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට මෙන්ම පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද එන්නත් ලබාදෙන බවත් එම දෙපාර්ශ්වයේම සිටින්නේ දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ පිරිසක් බවත් ලේකම්වරයා කියා සිටියි.
 
 
ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරනවාද?
 
 
හැකි ඉක්මනින් එන්නත් ලබාදීමට හැකි වුවහොත් ජූලි මස දී පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කරන අමාත්‍යංශ ලේකම්වරයා, කෙසේ වුව ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් කිව නොහැකි යැයි ද සඳහන් කකරයි.
 
 
එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නොහැකි වුවහොත් එක් මාත්‍රාවක් ලබා දී හෝ පාසල් ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාව වී ඇත.
 
 
දැනට දින නියම කර ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග තවදුරටත් කල් දැමීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳ තීරණයක් ගැනෙන්නේ ඉදිරියේ දී උද්ගත වන තත්ත්වයන් මත යැයි ද ලේකම්වරයා කියා සිටියි.
 
පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබා දිය යුතු බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණ.
 
 අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු පවත්වා ගෙන යාමට අදාළව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අමාත්‍යාංශයට පසුගිය සතියේ යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පාසල් ආරම්භයට පෙර සිසුන්ටත් එන්නත ලබා දිය යුතු බවට වන යෝජනාවක් ද එහි අන්තර්ගත විය.
 
 
##########
THE LEADER TV 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්