අධිකරණයට සිදුකරන ලැබුවේය කියන අපහාසයට මේ වන විටත් ඔහු වන්දි ගෙවා තිබෙන රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු
කරන්නැයි හිටපු කතානායක කරු ජයසුරිය, ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි. 
 
''මේ වනවිට රන්ජන් රාමනායක මහතා බන්ධනාරය තුළ කල්ගෙවන්නේ යහපත් සෞඛ්‍ය තත්වයකින් නොවේ. ඒ නිසා ඔහුට ලබාදී ඇති මෙම දඩුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්න යැයි අප සියළුම පාර්ශවයන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපතිතුමාගෙන් මෙහිදී අප ඉල්ලා සිටින්නේ ඒ ගැන අවධානය යොමුකරවන ලෙසයි. බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි ප්‍රාර්ථනා කරනවා.'' යයි හිටපු කථානායකවරයා පවසයි.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමිනි.
 
 
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
 
DSC04714
 
 
 
''අද වන විට අපේ රට වේගයෙන් විනාශ වෙමින් පවතින බව සෑම පාර්ශවයකින්ම ලැබෙන වාර්තා මගින් පෙනෙන්නට තිබෙනවා. රටේ ආර්ථිකය බරපතල ලෙස කඩාවැටෙමින් පවතින බව අප පසුගිය සතියේදීත් පෙන්වා දුන්නා. 
 
විදේශ විනිමය සංචිතය සීග්‍රයෙන් අවම වෙමින් තිබීම, විදේශ ණය වාරික ගෙවීම සදහා ඉදිරි මාස කිහිපය තුළ ඩොලර් මිලියන ගණනාවක් අත්‍යවශ්‍යව තිබීම, අවශ්‍යම ආනයන කටයුතු සදහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්වයක් මතුව තිබීම වැනි කරුණු  එහිදී අප සහේතුකව පෙන්වා දුන්නා. 
 
මෙම තත්වය නිසා බලවත් අසීරුවට පත්ව සිටින තවත් පිරිසක් පිළිබදව ද මේ වන විට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ තමයි විදේශ රටවල අධ්‍යාපනය ලබමින් සිටින ශ්‍රී ලාංකික දූ දරුවන්. එක පැත්තකින් රට තුළ ජීවත්වන අපේ දූ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අද අහිමි වී තිබෙනවා. 
 
රටේ පාසැල් පද්ධතිය වැහිලා. සියළුම විශ්වවිද්‍යාල වසා දමලා. ඔවුනට විකල්ප අධ්‍යාපන අවස්ථා ලබාදීමට වගකිවයුත්තන් අපොහොසත් වෙලා.'' 
 
 
 විදේශ රටවල අධ්‍යාපනය ලබමින් සිටින අපේ දූ දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු එම රටවලට ගෙන්වාගැනීමට නොහැකි තත්වයක් මේ වන විට ඇතිවී තිබෙන බවත්, අපේ රටේ ආර්ථිකය ඒ තරමටම පිරිහි ඇති බවත් කරු ජයසුරිය කියා සිටියි.
 
 
'නමුත් මේ රටේ පාලකයන් සුරංගනා කතා කියමින් වෙනත් ලෝකවල ජීවත්වෙන පිරිසක් වගේ බොළද කතා දොඩවමින් ජනතාව මුලාකරන්නට හදනවා. අඩුම වශයෙන් මේ තත්වයෙන් රට ගොඩගැනීම සදහා නිසි දැක්මක් හෝ වැඩපිලිවෙලක් පිළිබදව ඔවුන් කල්පනා කරන ආකාරයක්  පෙනෙන්නට නැහැ. 
 
මෙම තත්වය පිළිබදව අප තුළ ඇතේතේ බලවත් කම්පාවක්, වේදනාවක්.. මෙම තත්වය පිළිබදව ආණ්ඩුව රටේ ජනතාවට කරුණු පැහැදිලි කළයුතුයි. ඔවුන්ගේ සැලසුම් හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ජනතාවට කරුණු දැක්විය යුතුයි. 
 
ඒ වගේම මේ රටේ ජනතාවද  මෙම අසීරු අවස්ථාව පිළිබදව නිසි අවබෝධයකින් යුතුව සිටිය යුතුයි මෙම කරුණු පිළිබදව සියළුම පාර්ශවයන්හි අවධානය යොමුවේවා යයි ප්‍රාර්ථනා කරනවා.''
 
 
මුළුරටම බංකොලොත් !
 
''අද අපේ රට බංකොලොත් වි තිබෙන්නේ ආර්ථික අතින් පමණක්ම නොවේ. දේශපාලන වශයෙන්ද මුළුරටම බංකොලොත් වෙලා. අද මේ රටේ පාලකයන් කටයුතු කරමින් සිටින ආකාරය දකින විට පෙනෙන්නේ එවැනි තත්වයක්. 
 
ජනතාවගේ හැගීම් පිළිබදව ඔවුන් තඹදොයිතුවක අවධානයක් හෝ යොමුකරවන බවක් පෙනෙන්නට නැත. අද මේ රටේ නීතිය එක් එක් අයට අදාළව එක් එක් ආකාරයට යොදාගන්නා ආකාරයක් පෙනී යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයින්ට එක් නීතියක් හා විපක්ෂයේ දේශපාලනඥයින්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන බවක් පෙනීයනවා.
 
 
 
ENbtU4HWsAEObeK
                                  රන්ජන් රාමනායක 
 
 
රන්ජන් රාමනායක මැතිතුමා පිළිබදව අද අප විශේෂ අවධානයක් යොමුකරන්නේ ඒ නිසයි. රන්ජන් රාමනායක කියන්නේ දකුණු ආසියාවේ ම ප්‍රසිද්ධියක් ලබා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අප දන්නා තරමට ඔහු චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක රගපා තිබෙනවා. සරසවිය හා OCIC යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළවල හොදම නළුවා ලෙස ඔහු සම්මානයට පාත්‍රව තිබෙනවා. 
 
ඒ වගේම පසුගිය වසර ගණනාවකම ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.ඒ වගේම චිත්‍රපට ගණාවක්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. පුද්ගලයෙක් වශයෙන්ද ඔහු ඉතාමත් නිහතමානී අයෙක් වනවා. 
 
මේ රටේ නිතර අසන්නට ලැබෙන වංචා දූෂණ කිසිවෙකට හෝ ඔහු හවුල්වී ඇති බවක් අප අසා නෑ. ඒ වගේම ඔහු අපරාධකරුවෙක් ද නොවේ. ඒ අනුව ඔහු අද පත්ව සිටින ඉරණම පිළිබදව අපද අවධානය යොමුකරනවා. 
 
අධිකරණයට ඔහු විසින් සිදුකරන ලැබුවේය කියන අපහාසයට මේ වන විටත් ඔහු වන්දි ගෙවා තිබෙනවා. ඒ ගැන අප ප්‍රශ්ණ කරන්නට යන්නේ නෑ. නමුත් ඔහුට ලැබී තිබෙන දඩඬුවම මෙතරම් බරපතළ වියයුතුව තිබුණේද කියන ප්‍රශ්ණය සමාජය තුළ තිබෙනවා. අධිකරණ ක්ෂේත්‍රය තුළත් ඒ පිළිබදව සංවාදයක් පවතිනවා. 
 
 
මෙවැනි වරදවලට අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, විශේෂයෙන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ මෑතකදීත් ලබාදී තිබෙන දඩුවම් පිළිබදව සලකා බැලිමේදීත්  මෙම කරුණට අදාලව සංවාදයක් අප රටතුළ ඇතිවීම යහපත් දෙයක් ලෙස අප සලකනවා.
 
 
ඒ කෙසේ නමුත් අප දන්නා අකාරයට මේ වනවිට රන්ජන් රාමනායක මහතා බන්ධනාරය තුළ කල්ගෙවන්නේ යහපත් සෞඛ්‍ය තත්වයකින් නොවේ. ඒ නිසා ඔහුට ලබාදී ඇති මෙම දඩුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්න යැයි අප සියළුම පාර්ශවයන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ගරු ජනාධිපතිතුමාගෙන් මෙහිදී අප ඉල්ලා සිටින්නේ ඒ ගැන අවධානය යොමුකරවන ලෙසයි. 
 
බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස  අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙය රන්ජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා.
 
 
උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ :
 
Report 740x415
මෙවැනි නිර්දේශ සහිත වාර්තා ලබාදිය හැක්කේ කැලෑ උසාවියකට පමණයි
 
 
ඒ සමග අප ආණ්ඩුවේ අවධානය යොමුකරවන තවත් වැදගත් කරුණක් තිබෙනවා. එනම් උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මගින් සිදුවිය හැකි අයුක්තියයි. 
 
දේශපාලන පළිගැනීම්වලට සහන දෙන්නේය යන මුවාවෙන් ලබාදී තිබෙන එම නිර්දේශ මේ රටේ නීතිය කැලෑවද්දවා තිබෙනවා. 
 
ඉතා පැහැදිළි  සාක්ෂි පදනම් කරගනිමින් ගරු නීතිපතිතුමා විසින් අධිකරණය හමුවේ පවරා තිබෙන නඩු ගණනාවකම චූදියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඒ මගින් නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම විපක්ෂය නියෝජනය කරන සක්‍රීය දේශපාලනඥයන් ගණනාවකට දැඩි දඩුවම් ලබාදිය යුතුයැයි එමගින් නිර්දේශකර තිබෙනවා. 
 
 
 
එවැනි තීන්දු ලබාදිය හැක්කේ කැලෑ උසාවියකට පමණයි. කිසිදු ශිෂ්ඨසම්පන්න රටක මෙවැනි දේවල් සිදුවෙන්නේ නෑ. එවැනි රටක කොමිසමකින් මෙවැනි  අනීතික නිර්දේශ ලබාදුන්නහොත් ඊට එරෙහිව පළමුවෙන්ම නැගීසිටින්නේ එම රටවල නීති ප්‍රජාව හා ව්‍යවස්ථාදයකයයි. 
 
අප දන්නා ආකාරයට මෙම කැලෑ උසාවි නිර්දේශයන්ට එරෙහිව පාර්ශව කිහිපයක්ම අධිකරණය හමුවට ගොස් තිබෙනවා. නමුත් මේ රටේ පාර්ලිමේන්තුව එහිදී තම වගකීම ඉටුකරන බවක් පෙනෙන්නට නැහැ. එහිදී වැඩිම වගකීමක් පැවැරෙන්නේ ගරු අග්‍රාමාත්‍ය තුමා වෙතටයි. අඩුම වශයෙන් එතුමා මුල් වී මෙම කැලෑ නිර්දේශ පාර්ලිමේන්තුවේ න්‍යායපුස්තකයෙන් බැහැරකළ යුතුයි.
 
මේ සියළු කාරණා අතරේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස පුණ පුනා අවධාරණය කරන කරුණක් කෙරෙහි නැවත වතාවක් රජයේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. එනම්, 20 වන සංශෝධනයෙන් පසු ස්වාධීන කොමිෂන් සභා සඳහා පත් කර ඇති ඇතැම් සාමාජිකයින් පිළිබඳවයි. 
 
ඔවුන් අතර පොහොට්ටුවේ මෙහෙයුම් කාර්යාලයේ සේවය කරන ලද පිරිසක් ද සිටිනවා. දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ගණනාවක් ද ඒ අතර වනවා. එය ඉතාමත්ම අශෝභන තත්වයක්. එමෙන්ම කිසිසේත්ම යුක්ති යුක්ත කළ නොහැකි බැරෑරුම් කාරණයක් ද වනවා. 
 
මේ ගැන අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයද මේ දැනටමත් යොමු වී පවතිනවා. ඒ නිසා මෙම තත්වය නොපමාවම නිවැරදි කරන ලෙස අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
 
ඒ වගේම අගය කළයුතු තැනකදී ඒවා අගය කරන්නට අප කිසි විටෙක මැලි වන්නේ නැත. පසුගියදා ගරු ජනාධිපතිතුමා අධිකරණ සේවයට අදාළ පත්වීම් කිහිපයක්ම සිදුකරනු ලැබුවා. එහිදී නීතිපතිවරයා සහ ඉහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුට නව පත්වීම් ලබා දී තිබෙනවා. එම පත්කිරීම් විනිවිධභාවයෙන් යුතුව නිසි ආකාරයට සිදුකර තිබෙනවා. එය අප අගය කරනවා.
 
 
 

 
ඒ වගේම රටක් වශයෙන් අප රටේ පුරවැසියා සතු අයිතීන්ට අත නොතැබිය යුතුය. කතාකිරීමේ අයිතිය ද ඇතුළු මූලික අයිතිවාසිකම් කෙරෙහි වඩා ගරුත්වයකින් යුතුව කටයුතු කලයුතුය. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමකදී වුවද එය සිදුවිය යුත්තේ රටේ පවතින නීතියට අනුගතවය. පුද්ගලයන් පැහැරගෙන යන ආකාරයට ඒවා සිදුනොවිය යුතුය. 
 
අපට මේ ගැන මේ ආකාරයට කතාකරන්නට සිදුව තිබෙන්නේ අසේල සම්පත් සමාජක්‍රියාධරයා පසුගියදා රහස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි නිසයි. 
 
එමෙන්ම මහජන උද්ඝෝෂණ අවස්ථාවන්හිදී පොලිසිය මෙන්ම දේශපාලනඥයින් ද වගකීමකින් යුතුව කටයුතු කලයුතුයි. පසුගියදා රිදීමාලියද්ද නගරයේ පැවැති එවැනි ජනතා උද්ගෝෂණයකදී එක්තරා ප්‍රාදේශීය දේශපලකයෙක් මැරහමුදාවක්ද සමග එතැන්ට කඩාවැදී සිදුකළ නිර්ලජ්ජිත පහරදීම අප තරයේම හෙලාදකිනවා. 
 
එමෙන්ම එම පහරකෑමට ලක්වූ සියළුම දෙනාට යුක්තිය ඉටුවිය යුතුයි. ඔවුන්ට යුක්තිය ඉටුකරන්නට නම් සියල්ලටම ප්‍රථමයෙන් එම ප්‍රහාරයට සම්බන්ධ සියළුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු වෙනවා. 
 
දේශපාලකයන්ට අදාලව එක නීතියකුත් රටේ සාමාන්‍ය පුද්ගලයන්ට අදාලව තවත් නීතියකුත් තිබෙන්නට බැහැ. රට තුළ තවදුරටත් කටයුතු සිදුවන්නේ මේ ආකාරයට නම් එමගින් ඇතිකරවිය හැකි ප්‍රතිවිපාක මේ රටේ වගකිවයුත්තන්ට දැකබලාගත හැකිවන දිනය වැඩි ඈතක නොවනු ඇත. 
 
කොවිඩ් වසංගතය නිසා මේ රටේ ජනතාවගෙන් අතිබහුතරය මේ වනවිට නිහඩව බලාගෙන සිටියත් තවදුරටත් එය බලාපොරොත්තු වෙන්න එපා. මහජන බලය කිසිවිටක අවතක්සේරු කරන්න එපා. මේ රටේ පාලක තන්ත්‍රය එය නිවැරදිව අවබෝධ කරගනු ඇතයි අප අපේක්ෂා කරනවා.''
 
 
 
 
##########
THE LEADER TV 
බැසිල් ජාතිකවාදීන් චූන් කරන්න මුස්ලිම් මන්ත්‍රී පන්නයි ද? 
 
 
 
බැසිල් එන්නේ ජනපති - අගමැති ෆේල් නිසා ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image