'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවති
අතර එය කිසිඳු තීන්දුවකින් තොරව අවසන්වී ඇතැයි වාර්තාවේ. 
 
මේ සාකච්ජාවට කැඳවා තිබුනේ, මෙරට රාජ්‍ය බලය මෙහෙයවන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පමණි.
 
 ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,  ශෂින්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක, මාලක චන්ද්‍රදාස  ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් මෙම හමුවට එක්ව සිටිබව වාර්තාවේ.
 
මෙම සාකච්ජාවට ආරම්භ කිරීමට පෙර ජනාධිපති වරයාගේ නිවසට පැමිණි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ හමුවී, ''ගොඨ බාප්පා ගන්න ඕනෑම තීන්දුවකට අපි එකඟයි'' යයි  පවසා ඇතැයි ද පැවසේ.  
 
ජනාධිපතිවරයා සාකච්ජාව ආරම්භයේ සිටම තරම නොරුස්සන ස්වභාවයකින් කතාබහ කර ඇති බවත්, කිසිවකු ඊට බාධාවක් කර නැති බවත් සඳහන් වේ.
 
ඉන් අනතුරුව ටික වෙලාවක් තවදුරටත් කතාබහ කර පවුලේ සාමාජිකයින් දිවා භෝජනයට එක්ව ඇත. 
 
දිව භෝජනයෙන් පසුව, යලි කතාබහක් ඇරඹි ඇති අතර එහිදී බලවත් වෙහෙසකින් පසු අදාළ මාතෘකාවට කතාබහ යොමුකර ඇති අගමැතිවරයා, '' මේ බැසිල්ට පාර්ලිමේන්තු එන්න ඕන කියනවා ..නේ.'' යයි පවසද්දී පවා ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බව පැවසේ.
 
එහිදී  බැසිල් රාජපක්ෂ ද මුනිවත් රැක තිබෙන බව සඳහන් වේ.
 
 

 
''බැසිල් බාප්පට මොකක්ද දෙන අමාත්‍යංශය '' ? ශෂින්ද්‍ර රාජපක්ෂ විමසා ඇතත් ඊට ද ජනාධිපතිවරයාගෙන් සැහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුන බව පැවසේ. 
 
'ද ලීඩර්' වෙත වාර්තා වන පරිදි මෙම සාකච්ජාව නිමාවී ඇත්තේ බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට අදාල කිසිඳු වැදගත් තීන්දුවකින් තොරවය.
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ පවුලේ හිතවතකු පැවසුයේ, බැසිල් රාජපක්ෂ ගේ මාධ්‍ය නඩය විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැල්ලු කරන ආකාරයෙන් සිදුකර තිබු ප්‍රචාරක මෙහෙයුම ජනාධිපතිවරයාගේ නොසතුටට හේතුවී ඇති බවයි.
 
''බැසිල්ව ගේන්න ඕන කියන අය ඔය නොකියා කියන්නේ ජනාධිපති ගෝඨාභයත්, අගමැති මහින්දත් ෆේල් කියන එක ද? '' සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පහුගිය දවස්වල ප්‍රශ්න කර තිබිණ.
 
ඒ කෙසේවෙතත්, රට පාලනය කරන්නේ එක් පවුලක් විසින් කියන කරණය රාජපක්ෂ පවුල් සමාගම අද දිනයේ ද  රටටම ප්‍රදර්ශනය කළේය. 
 

 
 
 

THE LEADER TV 
මහින්ද- දුටුගැමුණු, බැසිල්- කාවන්තිස්ස නම්'ස' කවුද?
 
මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනයට : අර්ජුන් ඇලෝසියස්ට අනුමැතිය ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්