ඊයේ (ජුලි 06) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉලක්ක කර ගනිමින්
බරපතල වාග් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තාවේ.
 
ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර සුපුරුදු පරිදි ඊයේ රැස්වීමද කැඳවා තිබුනේ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.
 
'පොහොට්ටුව' ලකුණ යටතේ පසුගිය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලනිප අපේක්ෂකයින් අතරින් මෛත්‍රීපාල සිරිසේන - පොළොන්නරුව (මනාප 1,11,137), දුමින්ද දිසානායක - අනුරාධපුර (75,537),  මහින්ද අමරවීර - හම්බන්තොට  (1,23,730), ලසන්ත අලගියවන්න - ගම්පහ  (73,061),  නිමල් සිරිපාල - බදුල්ල  (1,41,901), චාමර සම්පත් - බදුල්ල  (66,393), දයාසිරි ජයසේකර - කුරුණෑගල  (1,12,452), ශාන්ත බණ්ඩාර - කුරුණෑගල  (52,086), ශාන් විජයලාල් - ගාල්ල  (67,793), රන්ජිත් සියබලාපිටිය - කෑගල්ල  (1,03,300), සාරතී දුෂ්මන්ත - කෑගල්ල  (58,306), ජගත් පුෂ්පකුමාර - මොණරාගල  (66,176),  අංගජන් රාමනාදන් - යාපනය (36,395) සහ කාදර් මස්තාන් - වව්නියාව (13,454) යන අපේක්ෂකයින් 14 දෙනා පාර්ලිමේන්තුවට තේරීපත්විය.
 
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා සුරේන් රාගවන් යන දෙදෙනාගේ නම් ශ්‍රී ලනිපය විසින් අනුපිලිවෙල යටතේ 'පොහොට්ටුවේ' ජාතික ලැයිස්තුව සඳහා යෝජනා කර තිබුනද බැසිල් රාජපක්ෂගේ උපදෙස්මත පාර්ලිමේන්තුවට  නම් කර තිබුනේ සුරේන් රාඝවන් ය. 
 
 
දැඩි ප්‍රහාරයක් : මෛත්‍රී නිහඬයි !
 
 
පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු, දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය දින කිහිපයේ 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විවේචනය කිරීම බරපතල ලෙස විවේචනය කර ඇතැයි පැවසේ.
 
තම පක්ෂය ආණ්ඩුවේ පාර්ශවකරුවකු ලෙස කටයුතු කරමින් සිටින අවස්ථාවක දී ශ්‍රීලනිප ලේකම්වරයා සිදුකරන එවැනි ප්‍රකාශ වගකීම් විරහිත බවට චෝදනා කර ඇතැයි වාර්තා වන්නේ, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා චාමර සම්පත් විසිනි. මෙම රැස්වීමට සුරේන් රාඝවන් සහභාගිවී නොතිබුන බවද පැවසේ.
 
මෙහිදී විවේචනවලට ප්‍රතිචාර දක්වා ඇති ශ්‍රීලනිප ලේකම්වරයා, තමා එසේ කරුණු දැක්වුයේ පක්ෂය හා පාක්ෂිකයින්ගේ අයිතිය වෙනුවෙන් බව අවධාරණය කර ඇතැයි ද වාර්තාවේ.
 
බැසිල් රාජපක්ෂ විසින් පසුගිය කාලයේ පක්ෂයට හා පාක්ෂිකයින්ට සිදුකළ කෙනෙහිලිකම් සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර ඇති ශ්‍රීලනිප ලේකම්වරයා, '' මම කතා කළේ මගේ ප්‍රශ්නයක් ගැන නෙමෙයි.. පක්ෂයට පාක්ෂිකයින්ට මුනදෙන්න වෙලා තියන අවුල ගැන..මේ වෙනදේවල් එක්ක අපට දැන් පාක්ෂිකයින් අතරට යන්න පුලුවන්ද? ගමකට යන්න පුලුවන්ද ? මෙහෙම ගියොත් පක්ෂය දියවෙලාම යන එක නියතයි..'' යැයි අවදාරණය කර ඇතැයි ද පැවසේ.
 
පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා තමන් සිදුකරන මැදිහත්වීම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයේ මැති ඇමතිවරුන්ට අවුලක් ලෙස හැඟීයන්නේ යන්නේ නම්, තමා ඕනෑම මොහොතක රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත්ව පක්ෂය ගොඩනැගීමට ගමින් ගමට යාමට සුදානම් බවත් සඳහන් කර ඇතැයි සඳහන් වේ.
 
සියලු කාරණා වලට නිහඬව සවන්දී ඇති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, ලබන 15 දා ජනාධිපතිවරයා හමුවීමට දින යොදාගෙන ඇති බැවින් එහිදී මෙම ගැටළු නිරාකරණය කරගැනීමට කටයුතු කරමු යැයි යෝජනා කර ඇතැයි ද පැවසේ.
 
 
කුඩම්මගෙ සැලකිලි ගැන අමරවීර කියයි
 
Mahinda Amaraweera
අමාත්‍ය මහින්ද අමරවීර
 
 
කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ද පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බවයි.  
 
ඒ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය .
 
එමෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම්  මදිපුංචිකම්ද සිදුවී ඇතැයි පැවසූ අමරවීර ඇමතිවරයා, ජනාධිපතිවරයා හා හා අගමැතිවරයා ඉදිරියේදී මුණගැසී රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ යෝජනාවලිය බාර දෙන බවද ප්‍රකාශ කළේය .
 
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී  පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ නොගන්නා බවද ඔහු එම අවස්ථාවේදී පැවසුවේය . 
 
 
  
 
 
සබැඳි පුවත් :
 
 
 
 
##########
THE LEADER TV 
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම 
 
අලුත් සුළඟ ශ්‍රිලනිපය දෙකඩ කරයි!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්