ජනාධිපතිවරයා අලුතින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය,
කාබනික ආහාර, එළවළු , පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණ කෘෂිකර්ම නමින් නව රාජ්‍ය ආමාත්‍යාංශයක් ද ස්ථාපිත කර තිබේ.
 
ජාතික පොහොර ලේකම් කාර්යාලය හා රජයේ පොහොර සමාගම් ඇතුළු ආයතන 7 ක් නව රාජ්‍ය ආමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.
 
එම වගකීම් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යා ශෂීන්ද්‍ර රාජපක්ෂ යටතට පවරා ඇත.
 
 
රාජ්‍ය අමාත්‍යාංශයක් විසුරුවා හරියි: 
 
 
එළඹෙන මහ කන්නයේ පටන් රසායනික පොහොර භාවිතය සියයට සීයක් තහනම් කොට කාබනික පොහොර යෙදවුම් භාවිතා කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් මාස දෙකකටත් වඩා වැඩි කාලයක් ගිය නමුත් සැලසුම් කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් නොහැකි වූ නිසා පොහොර නිෂ්පාදන හා සැපයුම් කෘමිනාශක භාවිතා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විසුරුවා හැර තිබේ.
 
 
ඒ අනුව, 
 
1) ජාතික පොහොර ලේකම් කාර්යාලය
 
2) සීමාසහිත ලංකා පොහොර සමාගම 
 
3) කොළඹ කොමර්ෂල් පොහොර සමාගම
 
4) ශ්‍රී ලංකා ජාතික  සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය (ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය) යන රාජ්‍ය ආයතන මෙන්ම ඊට අදාල ,
 
1) පළිබෝධනාශක පාලනය කිරීමේ පනත
 
2) පැළෑටි ආරක්ෂා කිරීමේ පනත
 
3) පොහොර විධිමත් කිරීමේ පනත
 
4) ශ්‍රී ලංකාවේ ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර පනත
 
 
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යා ශෂීන්ද්‍ර රාජපක්ෂ යටතට පවරා ඇත.
 
 
 
මහින්දානන්දටත් ආයතන කිහිපයක්:
 
 
එසේම, ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතේ තිබූ,
 
 1) වී අලෙවි මණ්ඩලය
 
2) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු  පර්යේෂණ හා පුහුණු  ආයතනය 
 
3) ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත පවරා දී තිබේ. 
 
 
වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක් අලුතින් ස්ථාපනය කර ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශය යටතේ තිබූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද ඊට ඇතුළත් කර තිබේ.
 
පොහොර හිටපු රාජ්‍ය  ඇමති  මොහාන් ද සිල්වා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.
 
ඒ අනුව, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යටතේ තිබු පහත සඳහන් ආයතන නව අමාත්‍යාංශය යටතට,
 
1) ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව හා අනුබද්ධ ආයතනත්
 
2) සමුද්‍ර හා පරිසර ආරක්ෂණ අධිකාරියත් 
 
3) වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවත් ගැසට් කර තිබේ.
 
 
 
 
 
 
 
##########
THE LEADER TV 
 
දයාසිරි ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි ද?
 
බාලවයස්කාර දැරියක් මිලට ගත් ලුතිනන් කමාන්ඩර් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්