ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ
ජ්‍යෙෂ්ඨ  නිලධාරියකු වන අනුෂ පැල්පිට පත්කර තිබේ. 
 
අගමැති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා ගෙන් කළ ඉල්ලීමක් අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් ජුලි 12 දින අත්සනින් යුතුව අදාල පත්වීම සිදුකර තිබේ.
 
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු පෞද්ගලික හේතුන් මත පසුගියදා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් විශ්‍රාම ගනු ලැබිය.
 
fdsfd 
 
 
 
මහ බැංකු අධිපති ඉවතට ?
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයේ වෙනසක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දුකර ඇතැයි තහවුරු නොකල ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
 
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කරනු ලැබිය.
 
කෙසේවුවද මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අලුතින් අයකු පත්කිරීමේ සුදානමක් පවතින බවත්, ඒ සඳහා මේවනවිට මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න හා මහාචාර්ය සම්පත් අමරතුංග යන දෙදෙනාගේ නම් සලකා බලමින් සිටින බවත්ය. 
 
 
සබැඳි පුවත් :
 

 

 

 


 

THE LEADER TV 
 
 

බැසිල් දැල එලයි - කැටගොඩ අවුලක

ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්