The Leader News
BREAKING
ස්පාඤ්ඤ මාරක දුම්රිය අනතුර: කෝපා ඩෙල් රේ සියලු තරග කල්දමයි●යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට ජගත් සංවිධානයෙන් කොන්දේසි 9ක්●යුරෝපා මහ බැංකු ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හදිසියේම ඉල්ලා අස්වෙයි●අනුරාධපුර පූජා නගර සැලැස්ම: මතභේද සහ සැබෑ තතු●බිලියන 190ක ආනයන මුදල් ජාවාරම: දෙදෙනෙකු යළි රිමාන්ඩ්●කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශය, ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය පවත්වයි●වනාතවිල්ලුව පුහුණු කඳවුරු නඩුව: සාජිත් මවුලවී අධිකරණයෙන් කල් ඉල්ලයි●මව බේරාගන්න කෝටියක් ගෙවූ දියණියට අත්වූ ඉරණම●හිටපු අධිකරණ ඇමති විජයදාසගේ පුත් රඛිතගේ දේපළ අල්ලස් කොමිසම තහනම් කරයි●හිටපු ඇමති බෝගොල්ලාගමගේ ඇප නියෝගය නොවැම්බර් 6ට●
Top Ad
පුවත්

චීනයට අරහං වූ කොළඹ පෞද්ගලික රෝහලේ PCR පරීක්ෂණ 'සල්ලි හොයන මෙහෙයුමක්'

T

The Leader Desk

July 15, 2021 • 8:55 AM

චීනයට අරහං වූ කොළඹ පෞද්ගලික රෝහලේ PCR පරීක්ෂණ 'සල්ලි හොයන මෙහෙයුමක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට තුලට මාරාන්තික වසංගත ප්‍රභේද ගලා ඒමටත් හේතු වන්නට ඇති බවට සැක පහල වී තිබේ.
  • ගුවන් තොටුපලින් ඇතුල් වන්නන්ගේද PCR පරීක්ෂණ සිදුකරන කොළඹ පෞද්ගලික රෝහලකින් නිකුත් කරනු ලබන වාර්තාවල නිවැරදිතාවය දැඩි ලෙස ප්‍රශ්න කරන චීනය ජුලි 13 වැනි දින සිට එම රෝහලෙන් නිකුත් කරනු ලබන වාර්තා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුනි.
  • ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් චීනයෙන් එළි කරන තුරු ඒ වැරැද්ද ගැන නොදැන සිටීම ගැන විමතිය පල කරන ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන සිටින රජයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජිතයෝ බලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස බල කර සිටිති.
  • “එම රෝහලෙන් ලබාගත් PCR සහ and IgM anti-body පරීක්ෂණ වලින් ලබාගත් නෙගටිව් වාර්තා සහිතව මෑතදී ශ්‍රී ලංකාවෙන් පැමිණි මගීන් කිහිප දෙනකුම චීනයට ඇතුල්වීමෙන් පසු කෝවිඩ් 19 රෝගීන් බවට රෝග නිශ්චය කර තිබේ,” යි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
රට තුලට මාරාන්තික වසංගත ප්‍රභේද ගලා ඒමටත් හේතු වන්නට ඇති බවට සැක පහල වී තිබේ.
 
ගුවන් තොටුපලින් ඇතුල් වන්නන්ගේද PCR පරීක්ෂණ සිදුකරන කොළඹ පෞද්ගලික රෝහලකින් නිකුත් කරනු ලබන වාර්තාවල නිවැරදිතාවය දැඩි ලෙස ප්‍රශ්න කරන චීනය ජුලි 13 වැනි දින සිට එම රෝහලෙන් නිකුත් කරනු ලබන වාර්තා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුනි.
 
 
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් චීනයෙන් එළි කරන තුරු ඒ වැරැද්ද ගැන නොදැන සිටීම ගැන විමතිය පල කරන ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන සිටින රජයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජිතයෝ බලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස බල කර සිටිති.
 
 
“එම රෝහලෙන් ලබාගත් PCR සහ and IgM anti-body පරීක්ෂණ වලින් ලබාගත් නෙගටිව් වාර්තා සහිතව මෑතදී ශ්‍රී ලංකාවෙන් පැමිණි මගීන් කිහිප දෙනකුම චීනයට ඇතුල්වීමෙන් පසු කෝවිඩ් 19 රෝගීන් බවට රෝග නිශ්චය කර තිබේ,” යි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
 
“චීනයට ඇතුල්වන සියලුම මගීන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සලසනු පිණිස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය PCR සහ IgM anti-body පරීක්ෂණ සඳහා නම් කරනු ලැබූ රෝහල පිළිගැනීම අත්හිටවන අතර, එම රෝහලෙන් නිකුත් කරන PCR සහ IgM anti-body පරීක්ෂණ වාර්තා 2021 ජූලි 13 දින සිට බාරගනු නොලැබේ,”
 
වෙනත් පෞද්ගලික රසායනාගාර හයක PCR වාර්තා ඉදිරියටත් පිළිගන්නා බවද චීන තානාපති කාර්යාලය පවසා තිබේ.
 
 
රජයේ රසායනාගාර නොතකා හරිමින් පෞද්ගලික රෝහල් වලට PCR පරීක්ෂණ ලබා දීමේ “සල්ලි හොයන මෙහෙයුමක්” නිසා රටින් පිටව යන අයගෙන් පමණක් නොව රට තුලට පැමිණෙන අයගෙන්ද වසංගතය පැතිර යාමේ අවදානම ඉහල ගොස් ඇති බවට ශ්‍රී ලංකාවේ රසායනාගාර විද්‍යාඥයන්ගේ ප්‍රධානතම සංවිධානය අනතුරු අඟවයි.
 
 
"විදේශිකයන් කිසිවෙකුගේ හෝ විදේශ රටවල ඉදලා එන කිසිවෙකුගේ පරීක්ෂණයක් කරන්න ලංකාවේ රජයේ රසායනාගාරවලට නිදර්ශක එව්වේ නෑ. එතකොට මේ පරීක්ෂණවලින් වැඩි හරියක්ම කරේ ඔය කියන රසායනාගාරය. අඩුගානේ පී.සී.ආර් පරීක්ෂණය හරියට කරන්නේ නැතුව  අපි කොහොමද ප්‍රභේද හදුනා ගන්නේ," යි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.
 
 
New covid Varieties in Sri Lanka ravi kumudesh 1 
 
රවී කුමුදේශ් 
 
 
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරන්නේ චීනය විසින් අදාල රෝහලට පැනවූ තහංචිය ලංකාවේ සමස්ත වෛද්‍ය රසායනාගාර සේවාවටම බලපාන “කළු පැල්ලමක්” බවයි.
 
"චීනය වගේ රටවල් දන්නෑ ලංකාවේ නවලෝක කියන්නේ මොකක්ද? වෛද්‍ය සමීක්ෂණ ආයතනය MRI කියන්නේ මොකක්ද? ජාතික රෝහල කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලෝ දන් නෑ. ඒ ගොල්ලෝ දැන් තහවුරු කරගෙන තියෙන්නේ දැන් ලංකාවේ රසායනාගාර සේවාවේ  මෙහෙම වැරදි වෙනවා කියන එක. එතකොට මේක ලංකාවේ වෛද්‍ය රසායනාගාර සේවාවේ සමස්තයට කරපු කලු පැල්ලමක්."
 
 
රජය වගකිව යුතුයි
 
 
මෙම තත්වයට අදාළ රෝහලේ රසායනාගාරය පමණක් වග කිව යුතු නැති බව පෙන්වා දෙන රවී කුමුදේශ් වෘත්තීයවේදියා අවධාරණය කරන්නේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මෙම තත්වයට වග කිව යුතු බවයි.
 
 
අදාළ රෝහලේ පරීක්ෂණ දෝෂය චීනය විසින් සොයා ගන්නා තෙක් අනාවරණය කර ගැනීමට නොහැකිවීම පිළිබදව, පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කරන අධ්‍යක්ෂවරයා ලැජ්ජාවට පත් විය යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
 
PCR පරීක්ෂණයේ නිරවද්‍යතාව සහතික කිරීමේ අත්සන තැබීමද ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති අයකු ජීවමාන ආකාරයෙන් සිදු නොකරන බව හෙළි කරන එම සංගමයේ සභාපති වරයා නිවැරදි කරන ලෙස ඉල්ලා සිටි එම වරද “කොමිස් මුදල් ලබන නිසා යට ගැසූ” බලධාරීන් මේ අපකීර්තියට වගකිවයුතු බවට චෝදනා කරයි.
 
"මේ හැම එකක්ම කොමිස් මුදල් හරහා යට ගැහුවා. ඒ නිසා මේ කලු පැල්ලම ඇති කිරීම පිළිබදව මං හිතන්නේ විනය පරීක්ෂණයක් කෙරෙන්න ඕනේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවාවටත්,  අධ්‍යක්ෂක පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය  කිරීමේ සභාවටත්."
 
අනාගතයේදී PCR පරීක්ෂණ වාර්තා නිරවද්‍ය වීමට නම් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයකුගේ (MLT) අතින්ම සජීවී ලෙස අත්සන් තැබීම අනිවාර්ය කළ යුතු බවට ඔහු නිර්දේශ කරයි.
 
 
ගුවන් තොටුපලේ PCR රසායනාගාරය !
 
 
ගුවන් මගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර කොමිස් මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති, රවී කුමුදේශ් පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා කර තිබුනි.
 
mm 
 
 
සබැඳි පුවත් :
 
 
THE LEADER TV 
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? 
 
තෙල් නැතුව බැසිල් ඇවිලෙයි ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...