බංකොලොත් තත්වයට පත්වෙමින්, වසා දැමීමට පවා නිර්දේශව තිබෙන ශ්‍රී ලංකන් ගුවන්සමාගම රුපියල් ගණනක මුදලක් වියදම් කරමින් සිය ගුවන්යානවල
මහනුවර දළදා පෙරහැරේ ස්ටිකරයක් ඇලවීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.
 
මේ සඳහා එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALP ගුවන්යානය  යොදා ගැනීමට සැලසුම් කර ඇතැයි 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි. 
 
අදාළ ස්ටිකර් ඇමරිකාවෙන් ලබාගැනීමට නියමිත අතර අමුද්‍රව්‍ය වලට පමණක් යන වියදම රුපියල් ලක්ෂ 78ක් පමණ වන බවත්, මෙහි අනෙක් සියලු කටයුතු සමගින් ගුවන්යානයක ස්ටිකර් අලවා අවසන් කරන විට එම වියදම රුපියල් කෝටියත් ඉක්ම වනු ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
ඉන් අනතුරුව තවත් මෙවැනි ගුවන්යානා 6ක මෙලෙස ස්ටිකර් ඇලවීමටත් සැලසුම් කර ඇත.
 
 
 
Lankac news sl17 
 
ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉතා ශීඝ්‍ර ලෙස අඩුවෙමින් තිබෙන තත්ත්වයක් තුළ මෙවැනි වියදම සිදුකිරීම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බලවත්සේ විරෝධය පළකරමින් තිබේ.
 
''ලංකාව ගෙන්වන අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා සීමා කර තිබියදී මෙලෙස මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන කරුණක් වෙනුවෙන් පිට රටට මුදල් යැවීම කෙතරම් සාධාරණද? මෙතරම් බංකොලොත්ව, සේවක පඩි නඩි පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින ගුවන් සමාගමක් රජයේ භාණ්ඩාගාරයෙන් ණයට ලබාගන්නා මුදල් කිසිදු පැකිලීමකින් තොරව මෙවැනි අනවශ්‍ය කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සාධාරණද? මේ මොහොතේ අත්‍යාවශ්‍යම දේ ගුවන්යානයක පෙරහැර ස්ටිකර් ඇලවීමද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.
 
ඔලිම්පික් ලාංඡනය පින්තාරු කරල ! 
 
SL 2021.07.17
 
 
 
මීට අමතරව ඔලිම්පික් තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම සහ අමාත්‍යවරුන්ට යාම සඳහා වෙනම ගුවන්යානා දෙකක් මේවන විට සූදානම් කර ඇතැයි වාර්තාවේ.
 
ඒ සඳහාද විශාල අමතර මුදලක් යොදවමින් ඔලිම්පික් ලාංඡනය පින්තාරු කර ඇත. 
 
එහිදී එළඹෙන ජූලි මස 19 වනදා සහ 21 වනදා මෙම ගුවන්යානා දෙක (4R-ALM, 4R-ALL) ජපානය බලා පිටත්වීමට නියමිත බව පැවසේ.
 
ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපානයේ ටෝකියෝ  නුවරදී පැවැත්වීමට නියමිතය. 
 
 
 
 
000000
 

 
 
 
බුරුතු පිටින් නිලධාරීන් ඔලිම්පික් යාම නවතී
 
 
 
මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගිවන ක්‍රීඩකයින් සමග යාමට ක්‍රීඩා අමාත්‍යාංශය අවස්ථාව ලබාදෙන්නේ සීමිත පිරිසකට පමණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි.
 
 'නෙත් නිවුස්' කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ තමන් වෙත මීට පෙර ඉදිරිපත් කෙරුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවන පිරිස ඇතුළත් නාමලේඛණයද සංශෝධනය කළ බවයි.
 
 

 
පිළිතුරුදීමේ අයිතිය :
 
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
THE LEADER TV
 

රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට 

 
 

 

අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්