පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය ගැන්විම හා බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කනස්සල්ල පළකර සිටියි.
 
රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අද (19) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමට හේතුව සභාවට දැනුම් දිය යුතු බව සදහන් කළේය.
 
එසේ අත්අඩංගුවට ගැනීමට හේතුවක් පාර්ලිමේන්තුවට ලබා නොදී බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා තබා ගැනීම සිදු කර ඇති බව හිටපු අගමැතිවරයා කියා සිටියේය.
 
මෙය සභාවේ අයිතිවාසිකම්වලට පටහැනි බවත්, සාමාජිකයෙකු රඳවා තබා ගැනීමට හේතුව සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පැවසීය. 
 
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු අත්ඩංගුවට ගැනීමට උත්සාහ කරන බව ද රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී වරයා මෙහිදී කියා සිටියේය.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින් විසඳා ඇති බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. 
 
 
 “ඇත්තේ එකම නිගමනයකි, ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔහුව බිය ගැන්වීමටයි.” සජබ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ ය.
 
 
පාර්ලිමේන්තුවට එහි සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තුවට අවසානයේ වගකිව යුතු කැබිනට් මණ්ඩලයේ බලතල ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව ආරක්ෂා කරන ලෙස හිටපු අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 
 
මෙම කරුණු සම්බන්ධයෙන් කථානායකවරයා විසින් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා,  එය පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. 
 
 
 
 
 

 
THE LEADER TV 
 
 
ආණ්ඩුවේ මන්ත්‍රී සෙට් එකට සැපක් දෙන්න යයි!
 
 
 
දඩ කොළෙත් පිල්ලි ගහයි ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්