‘ලාෆ් ගෑස්’ සමාගම සිය බෙදාහැරීම් සහ අලෙවි කටයුතු මුළුමනින්ම අත්හිටුවා ඇති තත්ත්වයක්  තුළ ලාෆ් ගෑස් පාරිභෝගිකයින් ලක්ෂ 20කට වැඩි
ප්‍රමාණයක් අසරණ භාවයට පත්ව සිටිති.
 
ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි බැංකුවලින් ලබා නොදීම නිසාත්,  රජය සාධාරණ මිල වැඩි කිරීමක් ලබා නොදීම නිසා සමාගමට දිනපතා දැවැන්ත පාඩුවක් සිදුවෙමින් පවතින නිසාත්, ලාෆ් ගෑස් සිලින්ඩර විකිණීම අත්හිටුවන බව ලාෆ් ගෑස් සමාගම පාරිභෝගික සේවා අධිකාරියට හා විෂය බාර අමාත්‍ය ලසන්ත අලගියවන්න ට නිල වශයෙන් දැනුම්දී ඇත. 
 
ගෑස් සැපයුමෙන් 30% වෙළඳපොළ පංගුවක් හිමි ‘ලාෆ්’ සමාගමේ ප්‍රකාශකයකු පවසා සිටියේ, ආණ්ඩුව විසින් සහන නොදෙන පසුබිම තුළ තම සමාගම පාඩු ලබන නිසා ගෑස් ආනයනය නවතා ඇති බවය. කෙසේවෙතත් ගෑස් සැපයුම සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට ආණ්ඩුවේ සහාය පතන බවද ඔහු කියා සිටියේය.
 
කෙසේවුවද, ආණ්ඩුවේ බලධාරීන් ගෙන් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද ඔහු පැවසිය. 
 
 
මෙම තත්ත්වය තුල කහ පැහැයෙන් යුතු ලාෆ් ගෑස් සිලින්ඩර භාවිතා කරන පාරිභෝගිකයින් ලක්ෂ 20 කට බරපතල ප්‍රශ්නය වී ඇත්තේ එම සිලින්ඩර වලට ගෑස් පිරවීමට ලිට්රෝ සමාගමට නිත්‍යානුකුල අයිතියක් නොමැතිවීම නිසාය.
 
 
ඉලෙක්ට්‍රික් කුකර් විකිණී අවසන් !
 
 
මෙහි තවත් බරපතල කාරණයක් වන්නේ ගෑස් පාරිභෝගිකයින්ට මේවනවිට ඉලෙක්ට්‍රික් කුකර් ලබාගැනීමේ හැකියාවක් ද නොමැතිවීමයි. මේවනවිට බොහෝ වෙළඳ සැල්වල ඉලෙක්ට්‍රික් කුකර් සියල්ල විකිණී අවසන්ව ඇතයි වාර්තාවේ.
 
රජය මේවනවිට ආනයන සීමා කිරීමට දැඩි නීති පනවා ඇත. 
 
ඒ කෙසේවෙතත්, ඉන්දන හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය සඳහා ඩොලර් වෙන්කර ඇති පරිදිම එවැනිම අත්‍යවශ්‍ය භාණ්ඩයක් වූ ගෑස් සඳහා ද සීමිත ඩොලර් ප්‍රමාණයක් වෙන්කිරීමට රජය කටයුතු කළේනම් මෙවැනි තත්වයක් උද්ගත නොවනු ඇත.
 
 
15,000ක රැකියා අහිමිවේ !
 
 
ලාෆ් ගෑස් අලෙවිය නැවැත්වීමත් සමග ලාෆ් ගෑස් අලෙවිකළ වෙළඳුන් හා බෙදාහරින්නන් 10,500 කට වැඩි පිරිසක්  ද බලවත්සේ අසරණ භාවයට පත්ව සිටින අතර ඒ ආශ්‍රිත සෘජු හා වක්‍ර රැකියාවල නිරතවූ 15,000 කට වැඩි පිරිසකගේ රැකියා ද අහිමිවීමේ අවදානමක් පවතී.
 
 
ලිට්රෝ පාඩුව බිලියන 1.4 දක්වා ඉහළයාමේ අවදානමක් !
 
ලාෆ් ගෑස් පාරිභෝගික ජනතාව පත්ව ඇති අසීරුතාවයට පිළියමක් ලෙස අවශ්‍ය වුවහොත් ලාෆ් ගෑස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබා දීමට ලිට්ට්‍රෝ ගැස් සමාගම සූදානම් බව රජය පවසයි.
 
පසුගිය දා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලාෆ් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත් එය ආවරණය කිරීමේ හැකියාව තම සමාගම සතුව ඇති බවය.
 
  
yowun
 
ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ
 
 
ඕනෑම වර්ණයකින් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීමට ලිට්රෝ සමාගම පියවර ගෙන ඇති බව ද ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
 
කෙසේවුවද ලාෆ් ගෑස් වෙළඳපොල ද ලිට්රෝ සමාගම විසින් අත්පත්කර ගතහොත්, ලිට්රෝ සමාගම මේවනවිට මාසිකව ලබන රුපියල් බිලියන 1.1ක පාඩුව රුපියල් බිලියන 1.4 දක්වා ඉහළයාමේ ඉඩක් ඇතැයි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පැවසිය.
 

 


THE LEADER TV 
 
ඉෂාලිනිගේ මරණය ගැන ඔබ නොඇසු කතා !
 
 
 
දයාසිරි පැන්නීමට බැසිල්ගෙන් තවත් වෙඩි මුරයක්! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්