වසංගත තත්වය තුළ රට නිවැරදි දිශාවට යොමුකරවීම සඳහා සියලු පාර්ශව මැදිහත් විය යුතු බවත්,

එසේ නොවුවහොත් ඇතිකරලිය හැකි ප්‍රතිවිපාක බොහෝ වේදනාකාරී විය හැකි බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති හිටපු කතානායක කරු ජයසුරිය අවදාරණය කර සිටියි.

 
රටේ අනාගතයට අදාළව මෙන්ම ජන ජීවිතයේ සුරක්ෂිතභාවයට අදාළව රජය ගන්නා ඇතැම් තීන්දු තීරණ ඒකමතික නොවීමද  බරපතළ ගැටලු නිර්මාණය වීමට හේතුවක් වී ඇතැයි පවසන කරු ජයසුරිය, පොහොර ආනයනය පිළිබඳව රජයේ අභ්‍යන්තරය තුළ දකින්නට ඇති මතභේදය ඊට හොඳම උදාහරණයක් බව කියා සිටියි.
 
ඔහු එම කාරණා සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
20 වන සංශෝධනය මගින් එක් පුද්ගල අධිකාරියක් වෙත මොනතරම් බලයක් ආරෝපණය කරගත්තද, පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් පමණක් නොව හයෙන් පහක බලයක් රඳවා තබා ගත්තද බලය යනු තාවකාලික දෙයක් පමණක්ම වන බව හිටපු කතානායකවරයා සිය නිවේදනය මගින් පෙන්වාදී ඇත.
 
එම නිවේදනයේ තව දුරටත් මෙසේද සඳහන් වේ.
 20 
 
''අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ දරුණුතම වසංගත රෝග තත්වයකටය. රටක් ලෙස එය මෑත ඉතිහාසයේ මුහුණදෙන බරපතළම වසංගත රෝග තත්වය ලෙස සැලකිය හැකිය. රට එවැනි ව්‍යසනකාරී තත්වයකට පත්ව ඇති මොහොතක එය මැඩපවත්වමින් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සැලසීමේ පරම හා ප්‍රමුඛතම වගකීම පැවරෙන්නේ රජයටය. 
 
එහෙත් එම වගකීම් හමුවේ රජය ගනු ලබන ඇතැම් තීන්දු තීරණ බරපතළ ලෙස ප්‍රශ්ණකාරී වී තිබේ. ඒ මගින් රටේ ජනතාවගේ ජීවිත පරදුවට තබන තත්වයක් නිර්මාණය කර තිබේ. 
 
ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉතාමත්ම පැහැදිලිව පෙන්වා දී ඇති ආකාරයට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමග රට තුළ රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර එම තත්වය හමුවේ රෝහල් තුළ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවයට දැනටමත් ළඟා වී තිබේ.
 
 එම තත්වය තවත් වර්ධනය වුවහොත් ඉතාමත් අනතුරුදායක තත්වයක් මතු විය හැකි බව වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත. 
 
 


සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක්

 
මෙවැනි පසුබිමක රට තුළ පනවා තිබූ සංචරණ සීමා වැනි ක්‍රියාමාර්ග තවදුරටත් ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශ්න කරන වෛද්‍ය විශේෂඥවරුන් එම තත්වය හඳුන්වා දී ඇත්තේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් ලෙසටය. 
 
ඒ අනුව පැහැදිලි වන සත්‍යය වන්නේ රජය මෙවැනි අර්බුදයක් හමුවේ පවා වගකීමකින් යුක්තව කටයුතු නොකරන බවය. මෙය බරපතළ කාරණයකි. 
 
එබැවින් මේ රටේ ජනතාවගේ නාමයෙන් අන් සියල්ලටම පෙර අප වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම බරපතළ වසංගත රෝග තත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව  තීන්දු තීරණ ගන්නා ලෙසටය. 
 
මෙවැනි ව්‍යසනකාරී තත්වයකට රට ගොදුරුවෙමින් පවතින මාහොතකදීත්, රජය මේ රටේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු නොකිරීමද ප්‍රශ්කාරීය. එමෙන්ම එය අවාසනාවන්ත තත්ත්වයකි. එබැවින් ඒ පිළිබඳවද රජය ගැඹුරින් අවධානය යොමු කළ යුතුය යන්න අපගේ පිළිගැනීමයි. 
 
පොහොර : රජයේ අභ්‍යන්තරය මතභේදය !
 
එමෙන්ම රටේ අනාගතයට අදාළව මෙන්ම ජන ජීවිතයේ සුරක්ෂිතභාවයට අදාළව රජය ගන්නා ඇතැම් තීන්දු තීරණ ඒකමතික නොවීමද බරපතළ ගැටලු නිර්මාණය වීමට හේතුවක් වී තිබේ. පොහොර ආනයනය පිළිබඳව රජයේ අභ්‍යන්තරය තුළ දකින්නට ඇති මතභේදය ඊට හොඳම උදාහරණයකි. 
 
රසායනික පොහොර ආනයනයට ඉඩ දෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරද්දී මහා භාණ්ඩාගාරය එය ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව විශ්වාසයක් තැබිය යුත්තේ කවර ආයතනය කෙරෙහිද යන ගැටලුව ජනතාව තුළ මතුවී තිබේ. 
 
ජනතා අවශ්‍යතා මුල් කරගෙන රාජ්‍ය අමාත්‍යාංශයක් ගන්නා තීන්දුවක් රාජ්‍යයෙහිම තවත් ආයතනයක් විසින් නිශේධනය කරන්නේද යන ගැටලුව ජනතාව හමුවේ මතුව ඇත. එවැනි තත්වයක් යහපත් රාජ්‍යකරණයක් තුළ කිසි විටෙක නොතිබිය යුතුය.  නමුත් අප රටේ තත්වය එයයි. 
 
ඊට අමතරව ඊනියා කොමිෂන් සභාවක නිර්දේශ පදනම් කරගනිමින් මේ රටේ රාජ්‍ය සේවකයන් හා විපක්ෂයේ දේශපාලනඥයන් දඩයම් කිරීමට ගනු ලබන උත්සාහයන් ව්‍යර්ථ කරලීම සඳහා අද මේ රටේ ප්‍රමුඛ රාජ්‍ය සේවකයන්ටද අධිකරණය ඉදිරියට ගොස් පිහිට පැතීමට සිදුවී ඇත. එය ඉතාමත් බරපතළ තත්වයකි. එමෙන්ම මේ රටේ පාලකයන් ලැජ්ජා විය යුතු තත්වයකි. 
 
ශිෂ්ඨ සම්පන්න ලෝකය කිසිඳු ආකාරයකින් අනීතික නිර්දේශ පදනම් කරගනිමින් යහපත් රාජ්‍ය සේවකයන් හෝ මහජන නියෝජිතයන් දඩයම් කිරීමට ඉඩක් ලබාදෙන්නේ නැත. අද වන විට මේ රටේ උත්තරීතර අධිකරණය ඒ බව මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. 
 
 
පලිගැනීම් කොමිසම !
 
   awdss
තමන්ගේ පටු දේශපාලන අරමුණු මුල් කරගනිමින් අනීතික මෙන්ම නිග්‍රහයට පාත්‍රවිය යුතු කොමිසන් සභාවක නිර්දේශ හිතුවක්කාරී ලෙස තම කර මත තබාගෙන සිටින ආකාරයක් රජයේ ක්‍රියාමාර්ග තුළින් පෙන්නුම් කරයි. 
  
එවැනි කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම පිළිබඳව මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලැජ්ජා විය යුතුය.  ඒ පිළිබඳව ඔවුන් මේ රටේ ජනතාවගෙන් සමාව ගත යුතුව තිබේ. 
 
මෙවැනි පසුබිමක අනාගතය පිළිබඳව යහපත් ප්‍රාර්ථනා දල්වා ගැනීමට කිසිවෙකුට නොහැකිය.
 
 එබැවින් මේ රටේ අධිකරණය සම්බන්ධ සෑම පාර්ශ්වයක්ම ඒ පිළිබඳව අවධාරණයට යොමු කරවමින් රට නිවැරදි දිශාවට යොමු කරවීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ තව දුරටත් ගත යුතුව ඇත. එසේ නොවූවහොත් රටට ඇතිකරලිය හැකි ප්‍රතිවිපාක බොහෝ වේදනාකාරී විය හැකිය. 
 
 
 
 
පැහැදිලි අනාවැකියක් : සාපයක් ! 
 
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට තුළ සිදුවෙමින් පවතින එම තත්ත්වයන් පිළිබඳව බලවත් අවධානයක් යොමු කරවන අතරම පැහැදිලි අනාවැකියක් පළකරන්නටද කැමැත්තෙමු. 
 
එනම් 20 වන සංශෝධනය මගින් එක් පුද්ගල අධිකාරියක් වෙත මොනතරම් බලයක් ආරෝපණය කරගත්තද, පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් පමණක් නොව හයෙන් පහක බලයක් රඳවා තබා ගත්තද බලය යනු තාවකාලික දෙයක් පමණක්ම වන බවය.
 
 බල තන්හාවෙන් මත් වූවන්ට ජනතාව විසින් දඬුවම් ලබාදෙන්නට පෙර ස්වභාව ධර්මයා විසින් හෝ නිසි දඬුවම් ලබා දිය හැකිය. 
 
එබැවින් අප මේ මොහොතේ රටේ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ තාවකාලික බලය පිළිබඳව නොව මේ රටේ අනාගත පරපුර පිළිබඳව හෝ අවධානය යොමු කොට රටේ  යහපැවැත්මට අදාළ නිවැරදි තීන්දු තීරණ ගන්නා ලෙසටය.  ''
 

 

 

 


 

THE LEADER TV

 

 

ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?

 

 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්