පසුගිය සතිය පුරාම බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත හා සංඛ්‍යා ජාතික මට්ටමේ දී බහිරවයෙකු විසින් ගිලදමා ඇතැයි හිටපු

ඌව ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

 
මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව සඳහන් කර ඇත.
 
අගෝ. 11 දින රෝගීන් 412 ක් ද, අගෝ. 12 දින රෝගීන් 317 ක් ද, අගෝ. 13 දින රෝගීන් 313 ක් ද බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට වාර්තා වී ඇත. 
 
ජාතික කෝවිඩ් දත්ත මගින් වාර්තා කර ඇත්තේ බදුල්ලේ රෝගීන් සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවකි. බදුල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් දත්ත සැඟවීම රෝගීන්ගේ ජීවිත අවදානම ඉහළ නැංවීමට ද, අනාගත සැලසුම් හා සැපයුම් ලබා ගැනීමේ දුෂ්කරතා ඇති කරයි.  
 
 
පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කළ රෝගීන් ගේ ගණණ පමණක් ජාතික වාර්තාවලට අතුලත්වන නමුත්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් තහවුරු කළ රෝගීන් සංඛ්‍යා නැත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 16 ක ද,  බදුල්ල, මහියංගනය, වැලිමඩ, බණ්ඩාරවෙල, මිගහකිවුල, පස්සර, ලුණුගල, දියතලාව, මහියංගනය, හා ගිරාදුරුකෝට්ටේ රෝහල්වල ද ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරති.
 
 
දිස්ත්‍රික්කයේ කෝවිඩ් මධ්‍යස්ථාන වලින් හිඳගොඩ (270), කහගොල්ල (ළමුන් ද සමඟ 280), බිඳුණුවැව (248), බණ්ඩාරවෙල (243 ඉක්මවයි), දියතලාව (18), දියතලාව ආයුර්වේද රෝහල (80), වැලිමඩ (30 ට වැඩි), රෝගීන් ප්‍රතිකාර ලබයි.  දියතලාව ආයුර්වේද රෝහල හැර අන් සියළු මධ්‍යස්ථාන අද වන විට පිරී ඇත.
 
 මහියංගනය, ගිරාදුරුකෝට්ටේ, පස්සර, ලුණුගල මධ්‍යස්ථාන අලුතෙන් ආරම්භ කරනු ඇත. බදුල්ලේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අවම වශයෙන් 1100 කට ආසන්න රෝගීන් පිරිසක් රෝහල්ගත නොවී නිවෙස්වල ඇති බවයි.
 
2021 මැයි 10 දින ද බදුල්ලේ කෝවිඩ් දත්ත සැඟවීම පිළිබඳ මා විසින් කරුණු හෙළිදරව් කළෙමි. එම අවස්ථාවේ දී සතියක් පමණ බදුල්ලේ නිවැරදි දත්ත ප්‍රචාරය කළ නමුත්, මේ වන විට දත්ත සැඟවීම නැවතත් බරපතල ආකාරයෙන් සිදුවේ.
 
 
'වසංගතයක සත්‍ය වසන්කිරීම බිළි පුජාවකින් අවසන්වේවි'
 
 
රෝගී සංඛ්‍යාව සැඟවීම හේතුවෙන් බදුල්ලට ලැබෙන උපකරණ හිඟයක් මතුව ඇත. සැපයුම් ජාල අඩාල වී තිබේ.   බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකු, රියදුරන් 3 ක් සහ සහායකයෙකු, හෙදියන් 5 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 7 ක් පමණ ආසාදනය වී ඇත. වැලිමඩ, ඌව පරණගම, බණ්ඩාරවෙල සෞඛ්‍ය කාර්යාලය සඳහා වාහන සැපයිම අත්‍යවශ්‍ය ය.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ වසංගත තත්වය මැඩලීම සඳහා අවශ්‍ය උපකරණ සහ පහසුකම් වැඩි කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. ''
 
 
සබැඳි පුවත් :
 
 

 


 
THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image