වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීමෙන් ඉන්ධන අර්බුදය විසදෙන්නේ නැතැයි දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර, රජිත් කීර්ති

තෙන්නකෝන් පවසයි.

 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
ඛනිජ තෙල් හිඟයක් රට තුළ ඇති බවට සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ආනන්ද පාලිතව අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.
 
 
 
හිටපු ආණ්ඩුකාරවරයා සිය නිවේදනය මගින් අවදාරණය කර සිටින්නේ, පණිවුඩකරුවාට වෙඩි තැබීමෙන් ‘ආර්ථික අර්බුදය හෝ ඉන්ධන අර්බුදය‘ විසදාගත නොහැකි බව රජය තේරුම් ගත යුතු බවයි.  
 
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
 
ලංකාවේ ආණ්ඩුව දැන් මාස 16 කින් තෙල් ආනයනය කිරීමේ ඩොලර් බිල්පත් පියවා නැත. අවසන් බොර තෙල් ටෙන්ඩර  දෙකටම විකුණුම්කරුවන් ඉදිරිපත් වූවේ නැත. සති තුනකට පෙර මුදල් ගෙවන්නට බැරුව තෙල් නැවක් වාරයෙන් පිට නවතා තිබුණි. සපුගස්කන්ද තෙල් පිරි පහදුවේ දැවි තෙල් හිලව් කිරීමේ පදනම මත පසුව තෙල් නැවත ගොඩබෑවේය. ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැතිකම සැබෑ අර්බුදයකි. 
 
 
අදත් (22) ලංකාවේ දකුණ, නැගෙනහිර, ඌව ඇතුළු  පාලත් රැසකට ලාෆ්ස් ගෑස් නැත.  ලාෆ්ස් මිලට සමාන වන ලෙස ලිට්රෝ සමාගම ද ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලා ඇත.
 
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩුවේ. නමුත් තෙල් මිල එයට සාපේක්ෂව අඩුවන්නේ නැත. 2021 මුල් මාස 6 තුල ඉන්ධන ආනයනය සඳහා පසුගිය වසරේ මුල් මාස හයට වඩා ඩොලර් මිලියන 1342.5 ක් (55% ක වැඩිවීමක්) වැය කර ඇත. ලංකාවේ ආනයන වියදමෙන් 18% ක් ඉන්ධන සඳහා ය.
 
විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන්, විදුලි නිෂ්පාදන සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන තෙල් සංඛාවට රු. කෝටි 15,350 ණය ය. භාණ්ඩාගාරය ඒ මුදල් සංස්ථාවට දෙන්නේ නැත.
 
රටේ ගෑස් අවශ්‍යතාව සපුරන්නට නම් දින 2 ½ කට වරක් මෙ.ටො. 3500 ගෑස් නැවක් රටට පැමිණය යුතුය.  දැන් ගෑස් සිලින්ඩරයට පුරවන ගෑස් ප්‍රමාණය අඩු කර ඇති අර්බුදය දින කිහිපයකට කල් දමා ගෙන ඇත. 
 
ලිට්රෝ සමාගම මාසයකට රු. බිලියන 1.4 කට ආසන්න පාඩුවක් විදගනී.  ලිට්රෝ සමාගම බිදවැටෙනු ඇත්තේ ශ්‍රී ලංකා රංක්ෂ සමාගම ද සමඟ එකවරය.  රටේ ගැස් නැති විට ආණ්ඩුව අලුත් ගෑස් සමාගමක් ගැන කියා මිඩියා ජිමික් එකක් පෙන්වීය. 
 
  
මේ එකක්වත් දැන් රහස් පොලිස් අත්අඩංගුවේ සිටින ආනන්ද පාලිත ගේ වැඩ නොව ආණ්ඩුවේ අසමත් බවයි.  ආණ්ඩුව කරන්නේ අර්බුදය දෙසට අත දිගු කරන පණිවුඩකරුවා ට හිරි හැර කිරීමය. රටේ ඉන්ධන අර්බුදය සැගවිය නොහැකිය.  ආනන්ද පාලිත දඬු කදේ ගැසුවාට ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.''
 
 

 

 

THE LEADER TV 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්