මාරාන්තික කොවිඩ් වසංගතයේ දරුණු ප්‍රභේද ඉදිරියේදී තවදුරටත් ඇතිවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුමාන කර තිබේ.
 
"කොවිඩ් වසංගතයේ ආරම්භයේ තිබූ වුහාන් ප්‍රභේදයට වඩා වරින් වර ඉස්මතු වූ ඇල්ෆා ප්‍රභේදය සහ ඩෙල්ටා ප්‍රභේදය ආරම්භක ප්‍රභේදයට වඩා දරුණු විය. ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේද ඇතිවිය හැකි බවය."
 
එම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වැනි රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම, වැළැක්වීම නොහැකි බවයි එම සංගමය පවසන්නේ.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව අගෝස්තු 24 අගහරුවාදා  නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ වුහාන් ආරම්භක COVID ප්‍රභේදයේ R0 අගය 2.3-2.7 අතර වු බවයි.
 
පසුව වාර්තා වු  ඇල්ෆා ප්‍රභේදයේ R0 අගය 4-5ත් වූ අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයේ R0 අගය 5-8ත් අතර වේ.
 
R0 අගය යනු රෝගය වැළඳුණු එක් පුද්ගලයකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයන් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැලඳේද යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන අගයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
 
 
 
එම සංගමය තව දුරටත් පෙන්වා දෙන්නේ වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද, ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ඇති වීමත් සමග සිදුවන මරණ අනුපාතික ඉහළ යෑමක් දැක ගැනීමට හැකි වු බවයි. එමෙන්ම එන්නත ලබා ගත්  පුද්ගලයන් මරණයට පත් වීම සම්බන්ධයෙන්ද එම නිවේදනයේ අවධානයට යොමුව තිබේ.
 
 
 
"එමෙන්ම එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධය වෛරස් ප්‍රභේදයේ වෙනස් වීමත් සමඟ ඉහළ යනු දැක ගැනීමට හැකි වේ. එබැවින් අද වන විට අප එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන රෝගී වූ සහ මරණයට පත් වූවන් ගැන කතා කරන යුගයක් එළඹ ඇත."
 
මෙම වෛරස් ප්‍රභේද වල දරුණු වීමත් සමඟ පළමු රැල්ලට වඩා දරුණු දෙවැනි රැල්ලක්ද, දෙවැනි රැල්ලට වඩා පාලනයට අපහසු වූ තුන්වැනි රැල්ලකටද, ඊටත් වඩා දරුණු වූ හතරවැනි රැල්ලකටත් අද වන විට අපට මුහුණ දීමට සිදුවී ඇති බැවින් එම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වැනි රැල්ල සහ ඊළඟ කොවිඩ් ප්‍රභේදයට මුහුණදීමට සූදානම් විය යුතු බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු වැඩි දුරටත් සදහන් කරයි.
 
 
 
 
THE LEADER TV 
 
විමල් - ගම්මන්පිල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක : සියල්ල හෙළි වේ.
 

 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්