The Leader News
BREAKING
Top Ad
පුවත්

සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වන්නැති කාදිනල් හිමි ඇතුළු 8කගේ ඉල්ලීම් සලකා බැලීම අගෝස්තු 4ට

T

The Leader Desk

July 17, 2026 • 3:55 PM

 සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වන්නැති කාදිනල් හිමි ඇතුළු 8කගේ ඉල්ලීම් සලකා බැලීම අගෝස්තු 4ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහරාන් ගැන තොරතුරු දීලත් CIDය මඟහැරියා - ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කරුණු මතු කරයි
  • එමඟින් තහවුරු වී ඇත්තේ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් සහ ඔහුගේ කල්ලිය බවයි.
  • මෙම ලැයිස්තු දෙකෙහිම පසුව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සහරාන්, රිල්වාන් සහ ජමීල් යන අයගේ නම් ඇතුළත් වී තිබුණි.
  • අප තොරතුරු දුන්නත් ඔවුන් අත්අඩංගුවට ගැනීම මඟහැරියා," යනුවෙන් බුද්ධි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රෝ ඔත්තු සේවා තොරතුරු 'හුදු තොරතුරක් පමණක්' ලෙස රවි සෙනෙවිරත්න සැලකූ බව අධිකරණයේදී හෙළි වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව අටක් විසින් ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් සලකා බැලීම ලබන අගෝස්තු මස 04 සහ 06 යන දිනවල සිදු කිරීමට අභියාචනාධිකරණය අද (17දා) තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කෙරුණේ, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ගේ දේශන අවසන් වීමෙන් අනතුරුව මෙම අතරමැදි ඉල්ලීම් සලකා බලන බවයි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ බුද්ධි තොරතුරු නොසලකා හැරීම

මෙහිදී අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ලබාදුන් ඓතිහාසික තීන්දුව උපුටා දක්වමින් කරුණු රැසක් අනාවරණය කළේය. එමඟින් තහවුරු වී ඇත්තේ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් සහ ඔහුගේ කල්ලිය බවයි.

එමෙන්ම, ඉස්ලාමීය අන්තවාදී විමර්ශන අංශය (Q Branch) භාරව කටයුතු කළ සෙනරත් මුදියන්සේලාගේ කෝනාර බණ්ඩාර ලබාදුන් සාක්ෂි අනුව, සහරාන් සහ ඔහුගේ සගයන් පිළිබඳ සියලු තොරතුරු කල්තියාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණ ද, ඔවුන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් මෙම ව්‍යසනය වැළැක්වීමට නොහැකි වී තිබේ.


2016 අප්‍රේල් සිට 2019 අප්‍රේල් දක්වා කාලය තුළ එවකට බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් සහරාන් පිළිබඳව පොලිස්පතිවරයා සහ CIDය වෙත බුද්ධි වාර්තා 97ක් ද, ආරක්ෂක ලේකම්වරයා වෙත වාර්තා 11ක් ද යොමු කර තිබුණ ද ඒ වෙනුවෙන් කිසිදු ඵලදායී පියවරක් ගෙන නොතිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.



ලැයිස්තුගත අන්තවාදීන් සහ CIDයේ නිද්‍රාශීලී පිළිවෙත

2017 වසරේදී අන්තවාදීන් 97 දෙනෙකුගේ ලැයිස්තුවක් ද, 2019 ජනවාරි 31 වනදා පුද්ගලයන් 129 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් ද රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබේ. මෙම ලැයිස්තු දෙකෙහිම පසුව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සහරාන්, රිල්වාන් සහ ජමීල් යන අයගේ නම් ඇතුළත් වී තිබුණි.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවල (PCOI) අන්තර්ගත කෝනාර බණ්ඩාර ගේ සාක්ෂි උපුටා දක්වමින් නීතිඥවරයා කියා සිටියේ, 2018 දෙසැම්බර් මාවනැල්ල බුදු පිළිම වන්දනාව සහ වණාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සිදුවීම් පිටුපස සහරාන් සිටින බව බුද්ධි අංශ අනාවරණය කර තිබූ බවයි.

සහරාන් සහ රිල්වාන් සැඟවී සිටි ස්ථාන පවා පෙන්වා දී තිබියදීත්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ. "අප සතුව ක්‍රියාත්මක කළ හැකි බුද්ධි තොරතුරු තිබුණා, නමුත් අපට අත්අඩංගුවට ගැනීමේ බලය තිබුණේ නැහැ. අප තොරතුරු දුන්නත් ඔවුන් අත්අඩංගුවට ගැනීම මඟහැරියා," යනුවෙන් බුද්ධි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

රවි සෙනෙවිරත්නගේ සාක්ෂි සහ 'හුදු තොරතුරු' තර්කය

හිටපු අපරාධ පරීක්ෂණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්) රවි සෙනෙවිරත්න ජනාධිපති කොමිසම හමුවේ දුන් සාක්ෂි ද මෙහිදී විශේෂ අවධානයට ලක් විය. ඉන්දීය 'රෝ' (RAW) ඔත්තු සේවාව මඟින් නිලන්ත ජයවර්ධන වෙත ලබා දී තිබූ තීරණාත්මක බුද්ධි තොරතුරු 'ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ බුද්ධි තොරතුරක්' (Actionable Intelligence) නොව 'හුදු තොරතුරක්' (Mere Information) පමණක් ලෙස තමන් සැලකූ බව රවි සෙනෙවිරත්න පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය එම තර්කය බැහැර කර ඇත.

අප්‍රේල් 16 වැනිදා අදාළ බුද්ධි වාර්තාව කියවීමෙන් පසුව ද එය තමන්ට රටට එල්ල වූ තර්ජනයක් ලෙස නොසිතුණු බවත්, අප්‍රේල් 19 වැනිදා වන තෙක් ඒ වෙනුවෙන් කිසිදු පියවරක් නොගත් බවත් රවි සෙනෙවිරත්න කොමිසම හමුවේ පිළිගෙන තිබේ. වණාතවිල්ලුව සිදුවීමෙන් පසුව සහරාන්ගේ මැදිහත් වීම පිළිබඳව හොඳින්ම දැන සිටිය ද, සහරාන්ගේ ක්‍රියාවන්ට එරෙහිව පියවර ගැනීමට නොහැකි වූ බව ඔහුගේ සාක්ෂිවල සඳහන් වේ.


සුරේෂ් සලේගේ අනතුරු ඇඟවීම් යටපත් කිරීම

ප්‍රහාරය වැළැක්වීමට තිබූ අවස්ථා මඟහැරීම සම්බන්ධයෙන් ජනක ද සිල්වා කොමිෂන් සභා වාර්තාවේ කරුණු ද මෙහිදී මතු කෙරුණි.

විශේෂයෙන්ම එවකට බුද්ධි අංශවල සිටි සුරේෂ් සලේ විසින් රට තුළ ඉස්ලාමීය අන්තවාදය වර්ධනය වීම පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇඟවීම් සිදු කර තිබුණ ද, ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ඔහුව පසෙකලා එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීමට බලධාරීන් කටයුතු කර තිබූ ආකාරය නීතිඥවරයා පෙන්වා දුන්නේය.

විමර්ශකයන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ මෙම බරපතළ නොසැලකිලිමත්භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඇති ඡේද ගණනාවක් අධිකරණය හමුවේ කියවනු ලැබීය.

පෙත්සම් විභාගය තාවකාලිකව අත්හිටවූ අතර, සලකා බැලීම් ඉදිරි දිනවලදී ද පැවැත්වීමට නියමිතය.

 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වන්නැති කාදිනල් හිමි ඇතුළු 8කගේ ඉල්ලීම් සලකා බැලීම අගෝස්තු 4ට | The Leader