ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් නිදහස් ස්වාධීන ආයතනය බැවින් ඇමතිවරයෙකුට ඉල්ලා අස්වන්න කියා ඔහුව මහ බැංකුවේ අධිපති කිරීමේ දේශපාලන
පත්වීම කිසිසේත් පිළිගත නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි. 
 
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එම කාරණය අවදාරණය කර සිටියේ, සිය කාර්යාලයේ පැවති හදිසි මාධ්‍ය හමුවකදීය.   
 
අජිත් නිවාර්ඩ් කබ්රාල්  මහ බැංකුවට පත් කරන්නේ නම් ඔහුගේ මුල් ධූර කාලයේ ගැටළු බොහොමයකට මුලින් ම පිළිතුරු දිය යුතු බවද ඔහු එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. 
 
එහිදී ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
 
  
ලොව සියලු රටවල මහ බැංකුව යනු රජයේ පාලනයෙන් තොර නිදහස් ස්වාධීන ආයතනයවේ.  
 
 
''රටක උද්දමනය හා භාණ්ඩ මිල පොලී ප්‍රතිශතය හරහා තීරණය කරන්නේ මහ බැංකුව. මහ බැංකුව තීරණය කරන පොලී ප්‍රතිශතයට අනුවයි ණය ලබා ගන්නේත්. එහෙත්  දැන් රජයේ බලපෑම මත ඒ ප්‍රතිශතයට ණය නොගෙන මුදල් නැති වුනාම සල්ලි අච්චු ගහනවා. සල්ලි අච්චු ගැසීමට සාපේක්ෂව ඩොලර් නැති නිසා භාණ්ඩ මිල තවත් ඉහල යනවා. දැන් මේ රටේ සිදු වන්නේ එයයි.
 
මහ බැංකුවේ අධිපති ලෙස ස්වාධීන පුද්ගලයෙක් පත් කළ යුතුවන්නේ ඒ නිසයි. මහ බැංකුවේම නිලධාරියෙක් පත් කිරීමයි සාමාන්‍ය සම්ප්‍රදාය. පිටින් කෙනෙකු පත් කරන්නේ නම් මහ බැංකුවේ නිලධාරීන්ට මෙන් ආර්ථිකය ගැන, මුදල් ප්‍රතිපත්තිය ගැන දැනුම තිබෙන කෙනෙක් පත් කළ යුතුයි.
 
එහෙත් මේ රජය ගෙන එන්න යන දේශපාලඥයෙකුට හෝ ඇමතිවරයෙකුට එම පුටුවේ වාඩි විය නොහැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට මහ බැංකු අධිපති පුටුවේ වාඩි වෙන්න බැහැ යනුවෙන් එකී රෙගුලාසිවලම සඳහන් ව තියනවා.  එවන් කෙනෙක් අස්වූ ගමන් ද එම තනතුරට පත් කළ නොහැකියි.
 
  
දැන් මේ හිටපු එක්කනාව ම ගේනවා නම්,  ඔහු මහ බැංකුව සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු ගැටළු බොහොමයක් තිබෙනවා. මහ බැංකුව විසින් ලබාගන්නා ලද වෝහාරික විගණන වාර්තා පහක් තිබෙනව. ඒ වාර්තා සියල්ල යට ගහලා තිබෙන්නේ, මේ වෝහාරික විගණන වාර්තා වල අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ කාලයේ සිදුවිණැයි කියන අක්‍රමිකතා ගැන සඳහන් වෙන නිසා.
 
 
2002 ජනවාරි 02 සිට 2015 ෆෙබරවාරි 28 දක්වා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමේ නියමය පරිදී මේ වාර්තාවන් විදේශ ආයතන හරහා ලබා ගත්තේ. මේ වාර්තාවල් ලැබුනේ 2019 අවසානයේ දී. 
 
එම අවස්තාවේදී යහපාලන රජය බලයේ සිටියා නම් මුදල් රාජ්‍ය ඇමති විදියට මේ වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට මම භාර දෙනව. 
 
 
කබ්රාල්ගේ ඥාතියෝ !
 
 
මේ වෝහාරික විගණනය කර තියන්නේ ලෝක ප්‍රසිද්ධ කේ.පී.එම්.ජී  හා පී.ඩී.ඕ යන විගණන සමාගම් වලින්. මේ සමාගම් දෙක තෝරා ගැනීමට රජයේ නීතිපති හා විගණකාධිපතිපති දෙපාර්තමේන්තු දෙක සම්බන්ධ වුනා. 
 
හිටපු මහ බැංකුවේ අධිපති නිවාර්ඩ් කබ්රාල් ගේ මුදල් ක්ෂේත්‍රයේ නෑදෑයන් ද මෙහි ගනු දෙනුවල සිටි බව පැහැදිලිව සඳහන් වෙනවා. 
 
ඉහලම තනතුරු දරන්නන්ට ළබැඳියා ගැටුම් තියෙන්නට බැහැ. කබ්රාල් මහත්තයාගේ  ඥාතීන් බැඳුම්කර ප්‍රාථමික ගැනුම්කරුවන් ලෙස කටයුතු කර ඇති බව මේ වෝහාරික වාර්තාවල සඳහන් වෙනවා. 
 
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන මහත්තයා වගේම මුදල් මණ්ඩලයේ සාමජිකයන් ද මෙහිදී ළබැඳියා ගැටුම් තිබූ බව සාක්ෂි ලබා දී තිබෙනවා. ඒ නිසා මහ බැංකුවට මේ රජයෙන් කව්ද පත් කරන්න යන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියනවා.
 
Imaad Shah Ajith nivad
 
 
 
මෙයට අමතරව ඇමරිකාවේ අධිකරන දෙපාර්තමේන්තුවේ සඳහනක් තිබෙනවා, ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නගන්න කියා ඉමාඩ් ශාඩ් සුබේරි කියන පුද්ගලයෙකුට ඇ.ඩො. මිලියන 8.5 ගෙවා තිබෙනවා. ඒයින් ඩොලර් මිලියන 6.5 ක් මහ බැංකුව විසින් සුබේරි ට ගෙවා තියනවා.
 
මේ වංචාවට සුබෙරි ඇමරිකාව අධිකරණයකින් වසර 12 කට හිරේ යැව්වා. 
 
එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් අධිපති ලෙස කටයුතු කළ අවස්තාවේ දී ඇමති මණ්ඩලයේ, රජයේ හෝ පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව මහ බැංකුව විසින් කරන ලද මෙම අයතා ගෙවීම ගැන අද වන තෙක් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැහැ.
 
කිසිදූ රාජ්‍ය අනුමැතියකින් තොරව ගෙවා ඇති මෙම මුදලට එකල අධිපති වූ කබ්රාල් සෘජුවම  වග කිව යුතුයි.''
 
 
 

THE LEADER TV 
 
දේශීය චින්තනයක් ඇති අපේ නායකයෝ යටට අඳින් නෑ?
 
 
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්