චීන රජය විසින් 2021 වර්ෂයේ ‘අනාගත විද්‍යා ත්‍යාගය’ මහාචාර්ය මලික් පීරිස් ට පිරිනමා තිබේ.
 
ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස් ට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් ට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවයි.
 
ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් ට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ද හිමිව තිබේ.
 
2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැළකේ.
 
මහාචාර්ය මලික් පීරිස් හොංකොං විශ්වවිද්‍යාලයේ වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන අතර යූන් ක්වොක් යුන්ග් එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරනු ලබයි.
 
2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් "අනාගත විද්‍යා ත්‍යාගය" පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
 
හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් සායනික හා මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අතර ඉන්ෆ්ලුවෙන්සා, කොරෝන වයිරස් වැනි රෝග පිළිඉඳව අධ්‍යයනයහි විශේෂ උනන්දුවක් දක්වන අයෙකි.
 
2003 වසරේදී ලොව පුරා පැතිරී ගිය සාර්ස් රෝගය, එහි රෝග නිර්ණය හා රෝග කාරකය සඳහා නව කොරෝනා වෛරසය හේතු වූ බව සොයා ගැනීමේදී මහාචාර්ය පීරිස් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
 

THE LEADER TV 
 
කබ්රාල් ලෑස්තියි 
 
 
දේශීය චින්තනයක් ඇති අපේ නායකයෝ යටට අඳින් නෑ - මධුර කතා 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්