කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත් විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව
අනතුරේ නො හෙළන ලෙසත් ඉල්ලා සිටිමින් සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127 දෙනෙකුගේ අත්සනින් යුතුව අද (14) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.
  
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප්‍රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් ලෙස තමන් නිරීක්ෂණය කර ඇතැයි අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය, එම මාධ්‍ය නිවේදනය ඔස්සේ පෙන්වා දේ.
  
 
 
වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත් ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් දැඩි සේ හෙළා දකින බවත් මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් ව්‍යාජ චෝදනා නගා සිරගත කිරීමත් වසංගත සමයක ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවට ඔවුහු චෝදනා කරති.
  
 
 
 
මෙරට ප්‍රජාතන්ත්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස අඛණ්ඩව පෙනී සිට ඇති අතර, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව තමන් විරෝධය දක්වන පළමු අවස්ථාව මෙය නොවන බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
  
“වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සංස්කාතික උරුමයන් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය යනාදි ක්ෂේත්‍රයන් සඳහා හමුදා ප්‍රධානීන්ගේ සහ හමුදා සමාජිකයින්ගෙන් යුතු කාර්ය සාධක බලකා පත් කිරීම ඇතුළුව හමුදාකරණය වන ප්‍රතිචාර ඉහළ යෑම සම්බන්ධව අප දිගින් දිගටම අවධානය යොමු කර ඇත්තෙමු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහයට එරෙහිව මතු වී ඇති ජනතා අරගලයට අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය වශයෙන් අප සහය පළකරන්නේ එම අරගලයේම දිගුවක් වශයෙනි.”
  
මෙම පනතේ අඩංගුව විමසා බැලීමේදි මෙය පැහැදිලිව සිවිල් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට ගන්නා තිව්‍ර උත්සාහයක් බව ඔවුහු පෙන්වා දෙති. 
 
 
 
 
කොතලාවලට පනතට එරෙහිව විරෝධය පෑමට විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු මේ පිළිබඳ උනන්දු සියලු දෙනාට අයිතියක් ඇති අතර මේ සඳහා නායකත්වය දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ උත්සාහයට තමන් විරෝධය දක්වන බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය එම ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර ඇත. 
 
 
ව්‍යාජ චෝදනා නගමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා ආචාර්යවරු බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම් පිළිබඳ සිදුවීම් ගණනාවක් මේ වන විට වාර්තා වී ඇත.
  
“මෙම අත්අඩංගුවට ගැනීම් බොහොමයක්, නිරෝධායන නීති උල්ලංඝනය කළේය යන ව්‍යාජ චෝදනා මත සිදුව තිබෙන බව අප නිරීක්ෂණයයි.” 
 
“එලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ වසන්ත මුදලිගේ, අමිල සන්දීප. චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය නායකයින්ට බන්ධනාගාරය තුළ දි කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබේ. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිතභාවය සහ මොවුන්ගේ ජීවිත ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමේ වගකීම රජය බාර ගත යුතුව ඇති බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු.”
 
රැඳවුම්භාරයේ සිටින්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම අවශ්‍යයෙන්ම රජයේ වගකීමක් බවත් වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බවත් එම මාධ්‍ය නිවේදනය සඳහන් වේ.
  
මේ වන විට පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රමාද කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය සිය මාධ්‍ය නිවේදනයේ ඔස්සේ අවධාරණය කරයි.  
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 

හම්බන්තොට ස්පේෂල්?

 

 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්