දැඩි ජාතිකවාදී ස්ථාවරයක් දරන හිටපු විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවී කළ සාකච්ජා වලින් අසතුටට පත්ව සිටි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන දැවැන්තයන්
පිරිසක් නව විදේශ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර සිටිති.  
 
ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ආසන්නයේදී නව විදේශ ඇමැති ජී. ඇල්. පීරිස් හමුවීමෙන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් නිකුත් කළ නිවේදනයක ''මෙම රැස්වීම්  තුල පැවති විවෘත බවත්, ප්‍රතිපල දායක බවත් විසින් අප අපේක්ෂා සහගත වුයේ ආණ්ඩුව විසින් අලුත් ප්‍රවේශයක් ගනු ඇති බවයි. එහෙත්, අපගේ රැස්වීම් මගින් තවමත් කිසිදු දෘශ්‍යමාන වෙනසක් භූමියේ සිදු වී නැති බව  සිහි තබා ගන්නා අතර යම් වෙනසක් ඇති බව ලෝකයට පැවසීමට හැකි වන අයුරින් අපගේ සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵලයක් ලැබෙන තෙක් අපි බලා සිටිමු.'' යැයි දැක්වේ.
 
 ඊට පෙරාතුව, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ එවක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ නාමල් රාජපක්ෂ,  අලි සබ්රි, තාරක බාලසුරිය, බැසිල් රාජපක්‍ෂ යන ඇමැතිවරුන් සමඟත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟත් සාකච්ජා පැවැත්වූහ. 
 
 
 
 
මහාචාර්ය පීරිස් සමග පැවති  සාකච්ජා ගැන ප්‍රශංසාවෙන් කතා කරන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කියා සිටින්නේ, ''සංහිඳියාව සඳහා නව ප්‍රවේශයක් අනුගමනය කිරීමේ රජයේ අභිප්‍රාය පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබා දෙමින්, ජාතික ගැටලුවලට විසදුම් සෙවීමේදී එහි හවුල්කරුවකු වීමට සිවිල් සමාජයට ආරාධනා කළ  බවයි.''
 
 
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න ද සහභාගීවූ මෙම හමුවේදී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ විසින් කරුණු කිහිපයක් ඇතුලත් සංදේශයක් අමාත්‍ය වරයා වෙත බාර දී ඇත්තේ  ඒ කෙරෙහි ඔහුගේ අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.
 
 රාජපක්ෂ ආණ්ඩු හිතවාදී බෞද්ධ භික්ෂුවක් වන කලුපහනේ පියරතන, විශ්‍රාමික රදගුරු ආසිරි පෙරේරා, සී.ජී ජෙයකුමාර්, පැෆරල් සංවිධානයේ ප්‍රධානි රෝහණ හෙට්ටිආරච්චි, ආචාර්ය ජෝ විලියම්ස්, ආචාර්ය දයානි පනාගොඩ, මහාචාර්ය ටී. ජෙයසිංහම්, මහාචාර්ය ටියුඩර් සිල්වා, මුස්ලිම් කවුන්සිලයේ හිල්මි අහමඩ්, විශාඛා ධර්මදාස, ජාවෙඩ් යුසුෆ්, සංජීව විමලගුණරත්න, සාරා ආරුමුගම්, ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානි ආචාර්ය ජෙහාන් පෙරේරා, මඩකලපුවේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වන වී. කමලදාස්, සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු එම සංදේශයට අත්සන් තබා තිබේ.
 
 රාජ්‍ය නොවන සංවිධාන යනු ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් ලෙස පෙන්වා දෙන එම සංදේශයේ දැක්වෙන්නේ,  ''කොවිඩ් -19 වසංගතය පවතින මේ කාලයේදී අවශ්‍යතා ඇති ජන කොටස් සඳහා ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය, ආහාර සහන සහ ආරක්‍ෂක උපකරණ සැපයීමේදී යහපාලනයට සහ ජනතාවගේ යහපැවැත්මට දායක'' වන බැවින්, රාජ්‍ය නොවන සංවිධාන සේවකයන් නිරීක්‍ෂණය සහ ප්‍රශ්න කිරීම, රජයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ කාර්යාලයන්ට හදිසියේ කඩා වැදීම, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය පිහිටුවීම තුලින්  රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජය තුළ ගැටුම්කාරිත්වයක් ඇති විය හැකි බවය.
  
 
ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන තුරු, පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා මෙම නීතිය භාවිතා නොකිරීමට යෝජනා කරන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පවසන්නේ   ''දැඩි කොන්දේසි යටතේ අත්අඩංගුවට ගත් අය ඇප මත හෝ සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූලව වලංගු සාක්ෂි නොමැති අවස්ථාවලදී නිදහස් කිරීම වේගවත් කිරීම'' කළ යුතු බවය.
 
ජනාධිපතිවරයාගේ කතා බොහෝ විට සිංහලෙන් පමණක් සිදුකිරීම 
 
ICCPR පනත වෛරී ලෙස ප්‍රකාශ කිරීම සහ අනිසි ලෙස භාවිතා කිරීම ගැන පෙන්වා දෙන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ, ''සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුතියේ කොටස්  මෙරට  නීතියට ඇතුළත් කර ඇති මුත්,  පීඩාවට ලක්වන සුළුතර ප්‍රජාවන්ගේ ආරක්‍ෂාව සඳහා භාවිතා කරනවා වෙනුවට නීතිය ඔවුන්ට  එරෙහිව යොදා ගන්නවා'' යැයි පවසන ඔවුන්  ජාතික උත්සව වලදී ජාතික ගීය දෙමළෙන් ගායනා නොකරන අතර ජනාධිපතිවරයාගේ කතා බොහෝ විට සිංහලෙන් පමණක් කියවීම මගින් සුළුතර ජන ප්‍රජාවන් ආණ්ඩුව විසින් කොන් කර ඇති බවද පෙන්වා දෙති.
 
 මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කර ගැනීමේ ගැටළුව හමුවේ කොවිඩ් වින්දිතයන්ගේ අවමගුල්වලට ඉඩ ලබා දීම දිගින් දිගටම තහනම් කිරීම සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් නඩු විභාගයකින් තොරව සිරගත කිරීම පිළිබඳ ගැටළුව දිගටම පවතින බැවින් එය වෙනස් කරන ලෙස ඔවුන්  ඉල්ලා තිබේ.
 
 උතුරු නැගෙනහිර දෙමළ කතා කරන නිලධාරීන් අඩු කිරීමත්, දෙමළ කතා කරන ජනතාව වෙසෙන නැගෙනහිර සහ කඳුකරයේ දෙමළ භාෂාව භාවිතා නොකිරීමත් ගැන අවධානය යොමු කොට ඇති රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම, මඩකලපුවේ සහ අම්පාර දිස්ත්‍රික්වල පුරාවිද්‍යා සාධක යොදා ගනිමින් ඉඩම් පවරා ගැනීම කොවිඩ් වසංගතය තුළදීත් සිදුවන බව ඔවුන් විදේශ ඇමැති වෙත ඉදිරිපත් කළ සංදේශය මගින් පෙන්වාදෙයි.
 
කෙසේ වෙතත්, ආණ්ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනම සම්බන්ධයෙන් දියයුතු ප්‍රමුඛතාව මහාචාර්යවරයා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට සිහිපත් කර දී ඇත.
 
 
 
මතුව තිබෙන ගැටළු ආණ්ඩුව සමඟ සාකච්ජා කොට විසදීමට පොරොන්දු වූ ජී ඇල් පීරිස් විදේශ අමාත්‍යවරයා, යතාර්ථවාදී නොවන ඉලක්ක තබා ගෙන ක්ෂණික ප්‍රතිපල අපේක්ෂා කිරීම  සුදුසු නොවන බව පවසමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සංවේදී කරුණක් වන සංහිඳියාව ගොඩනැගීමේදී ආණ්ඩුවට සුවිශේෂී වූ ඡන්ද පදනමක් ඇති බවයි.

 
THE LEADER TV 
 

හම්බන්තොට ස්පේෂල්?

 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්