ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අළුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. 
ඒ, සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සදහායි.
 
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය බවයි. 
 
සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
 
 
 
විදේශ අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පමණක් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ, තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයකට අනුවය. 
 
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගීවන අඩුම දූත පිරිස මෙය වන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.
 
 ජනාධිපතිවරයාගේ බිරිද වන අයෝමා රාජපක්ෂ ද සිය පෞද්ගලික වියදමින් මෙම සංචාරයට එක්වීම විශේෂත්වයකි.
 
මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාදයන් නිවැරදි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවර රාජ්‍ය නායක සමුළුව ඉවහල් කරගනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පෙන්වා දෙන්නේ, මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මෙන්ම සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය “කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම්” වනු ඇති බවයි. 
 
සිය රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ එකඟතාවන්ට එලැඹෙමින් පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජයගැනීමට මෙවර සැසිය මහඟු අවස්ථාවක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
 
 
 
රටේ ප්‍රධානියා මහින්ද යාපා 
 
මේවනවිට අගමැති මහින්ද රාජපක්ෂ ද ඉතාලි සංචාරයක යෙදී සිටින අතර ඒ අනුව දැනට මෙරට තුල සිටින ප්‍රධානියා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ය.
 
 
 
 
THE LEADER TV 
පොළොං නරුවෝ 
 

 
බැසිල්ගේ චාටු කතාවලට විමල්ලා අහුවෙයි? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්