ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත ජාතිය හමුවේ අද (10) සහතික කර සිටියේය. 
 
ජනාධිපතිවරයා එම කාරණය අවදාරණය කර සිටියේ, අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමිනි.
 
''ඒදා මම පොරොන්දු වුණු විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ලබාදීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක්‍රමයත් මම ඇති කරනවා. මම රුවැන්වෑලිසෑය වැඳ ගන්නට ගිය වේලාවේ පඩිපෙළ නගිනකොට තරුණ ස්වාමීන්වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නිතීයක් ගේනවා කිව්වා, අපි ඒ ගැන බලාගෙන ඉන්නවා කියලා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා.'' යයි ජනාධිපතිවරයා එම උත්සව සභාව අමතමින් කියා සිටියේය.
 
20 ගෙනෙනවිට දුන්න පොරොන්දුව !
 
 
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට ඇති ඉඩකඩ අහෝසි කර, නව මැතිවරණ ක්‍රමයක් සහිත නව ව්‍යවස්ථාවක් වසරක් තුල දී හඳුන්වා දෙන බවට ජනාධිපතිවරයා සහතික වුයේ මිට වසරකට පෙරය. ඒ, 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විමල් විරවංශ ඇතුළු හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීම සඳහාය. 
 
ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ද ඔහු එයට පෙර යම් යම් වගන්ති වලට විරෝධය ප්‍රකාශ කර තිබුණි. 
 
කෙසේ වුවත් නව ව්‍යවස්ථාවක් ගෙන එන අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දේශපාලනයේ සක්‍රිය ලෙස දායක වීමට ඇති හැකියාව අහිමිකරන බවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමි කරන බවටත් අවසාන මොහොතේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුවක් මත ඔහු ඇතුළු හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරු 20 ට  පක්ෂව ඡන්දය භාවිත කළේය.
 
ජනාධිපතිවරයා ඉතා හැඟීම්බර ලෙස කළ කල ඉල්ලීම මත මෙම තීරණය ගත් බව අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී පැවසිය. 
 

 
 
 
20 වන සංශෝධන සම්මතකර ගැනීම සඳහා වූ ඡන්ද විමසු 2020 ඔක්තෝම්බර් 22 දා  ජනාධිපතිවරයා වෙනුවෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුව හමුවේ පොරොන්දුවක් ලබාදෙමින් කියා සිටියේ, වසරක් තුල නව ව්‍යවස්ථාව ගෙනෙන බවත්, එහිදී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමේ ඉඩකඩ අහුරන බවත්ය. 
 
අධිකරණ ඇමතිවරයා එම ප්‍රකාශය කලේ විමල් විරවංශ අමාත්‍යවරයා ඇතුළු  ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොරොන්දුව තහවුරු කරමිනි. 
 
 
 

 
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විශේෂඥ කමිටුවක්
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 
විද්වවත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර මුලදී ය.
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව එවකට සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල 2020 සැප්තැම්බර් 03දා  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ ය.
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් සකස් කිරීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් මෙසේය.
 
සභාපති - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන 
මහාචාර්ය නසීමා කමුර්දීන්
ආචාර්ය ඒ. සර්වේෂ්වරන්
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ
මහචාර්ය වසන්ත සෙනෙවිරත්න 
මහාචාර්ය ජී.එච් පීරිස්
 
 
 
''නිදහසට කරුණු කියන්නේ නැහැ''
 
 
 
කෙසේවුවද ජනාධිපතිවරයා අද අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයේදී කියා සිටියේ, තමා නිදහසට කරුණු ඉදිරිපත් නොකරන බවයි.
 
බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බව පැවසු ජනාධිපතිවරයා, ඉදිරියේ දී නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට තමා ජනතාවට පොරොන්දු වන බවද සඳහන් කළේය.
 
''නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැ''යි  ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. 
 
දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 
 
 

THE LEADER TV 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
මෙන්න නා, ලෝ ,? 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්