ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ 'පැන්ඩෝරා පත්‍රීකා' නමින් ප්‍රකට වුණු වත්කම් සටහන් වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් අතර තම සමීපතම ඥාති
දියණියක වන නිරුපමා රාජපක්ෂගේ නම සඳහන්වීම නිසා බලවත්සේ තිගැස්මකට ලක්ව සිටින ආණ්ඩුවේ ප්‍රබලයකු, ඊට අදාල මාධ්‍ය වාර්තා හාස්‍යයට ලක්කිරීම සඳහා රටේ ජනප්‍රිය පුද්ගලයින්ගේ නම් ඇතුලත් කරමින් ව්‍යාජ නාම ලේඛන සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ ගතකරමින් සිටින බව වාර්තාවේ. 
 
නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තීරු නඩේසන්ගේ ගජ මිතුරකු වන ආණ්ඩුවේ ප්‍රබලයා, මෙම මඩ මෙහෙයුම පවරා ඇත්තේ, මෑතකදී ආරම්භකළ 'වියත් මාධ්‍ය' කාර්යාංශයක් වෙත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.
 
ව්‍යාජව සකස් කරන ලද එම නාම ලේඛණ තුළ මෙරට විවිධ කේෂ්ත්‍රයන් නියෝජනය කරනු ලබන ප්‍රවීනයින් ගේ නම් ද ඇතුලත්කර තිබේ. 
 
හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් ඉකුත්දා විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලන විසින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් සටහන් කරමින් මෙරට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන නම් ලැයිස්තුව අසත්‍ය බවට කරුණු හෙළිවී ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කර ඇත. 
  
මෙවන් පසුබිමක් මත කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන්ට අවශ්‍ය කරනු ලබන පුද්ගලයින්ව රට හමුවේ අපහසුතාවයට පත් කිරීම පිණිස මෙම ව්‍යාජ නාම ලේඛණයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි හරහා මුදා හැර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි ද 'නෙත් නිව්ස්' පවසයි. 
 
ICIJ වෙබ් අඩවිය විසින් පැන්ඩෝරා පත්‍ර මගින් හෙළිවූ ලාංකිකයින් සම්බන්ධයන් තොරතුරු සියල්ලම හෙළි කර ඇත. පැන්ඩෝරා පත්‍ර මගින් හෙළිවූ ලාංකිකයින්ගේ නම් ලැයිස්තුව OFFSHORE LEAKS DATABASE (by The International Consortium of Investigative Journalists) හි පලවී තිබේ.
 
 
පිළිතුරුදීමේ අයිතිය :
 
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
 
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

The Leader TV 
 
මෙන්න නා, ලෝ ,?
 
 
පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 
 
 
සල්ලි හංගලා තියෙන්නෙ එතැන විතර ද? 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්