මහලු මවකට හෝ මහමග යාමට බැරි තත්වයක් උදාවී ඇති බවට පොලිසිය භාර අමාත්‍යවරයා ලැජ්ජාව පල කර දින කීපයක්
ගතවෙත්ම ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
 
කාන්තාවන්ට සිදුවන හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුව මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ අඩුම වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ හතරක්වත් ශ්‍රී ලංකාවේ සිදුවන බවට පොලිසියම කියා තිබියදීය. 
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාව හදුන්වා දීම සිදුවු බවයි.
 
එහි  සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු කර ඇත.
 
 cvbcvbf
 
 
"මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. දිවයිනේ ඕනාම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහැර ආදී අකටයුතුකම් ක්ෂනිකව දනුම් දීමේ අවස්ථාව හිමිවෙනවා."
 
 
 
මෙම වැඩසටහනට සමගාමිව 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්ත කමිටු නව සාමාජිකයන් සදහා පත්වීම් ලිපි ප්‍රධානය, වනිතා විභව කාන්තා කමිටු ප්‍රකාශනය එළිදැක්වීම ද සිදුවු බව රජය නිවේදනය කර තිබේ.
 
එම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජාතික කාන්තා කමිටු සභාපතිනි ශිරන්ති බියට්‍රිස් දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්  සහභාගී වී ඇත.
 
1938 හඳුන්වා දීමට දින කීපයකට පෙර පොලිසිය භාර අමාත්‍යවරයා කියා තිබුනේ “අපේ රටේ මහළු කාන්තාවකටවත් තනියම පාරේ බැහැලා යන්න බැරි” බවයි.
 
“උදේටත් පිරිත් අහලා නැගිටින අපි, රෑටත් පිරිත් අහලා බුදියන අපි, මුළු දවස පුරාම බන අහන පන්සල් යන අපේ රටේ බැරිනම් පොලිසිය පමණක් නොවෙයි සමස්ත ජනතාවම ඒකට ලජ්ජා වෙන්න ඕනේ,” යි රියර් අද්මිරාල් වීරසේකර කොළඹදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.
 
පොලිසිය තුල සිදු වී ඇති ස්ත්‍රී හා පිරිමි දූෂණ ඇතුළු ලිංගික අපයෝජන සම්බන්ධ චෝදනා රැගත් දෙස් විදෙස් වාර්තා ගණනාවක් පලවී තිබුනත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර රජය ප්‍රකාශයට පත් කර නැත.
 
 
දිනකට ස්ත්‍රී දුෂණ හතරක්
 
ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් සිදුවන බව රටේ ඉහළම පොලිස් ප්‍රධානියකු විසින් පසුගිය වසරේ අනාවරණය කර තිබුනි.
 
අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි 2020 වසරේ  එම  හෙලිදරව්ව කර තිබුනේ 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමිනි.
 
මුහුණු පොත හරහා නිකුත් කර තිබෙන වීඩියෝ පටයක් මගින් නියෝජ්‍ය පොලිස්පති වරයා පෙන්වා දී තිබුනේ 2019  වසර තුළ මෙරටින් ස්ත්‍රී දුෂණ 1642 ක් වාර්තා වී ඇති බව යි.
 
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එහිදී පවසා තිබුනේ සෑම පැය හයකට වරක්ම ශ්‍රී ලංකාව තුළ කාන්තාවක් දුෂණයට ලක් වන බවයි.
 
 

 

 

 


 

THE LEADER TV 
 
රාජපක්ෂ කොන්ඩම් තියරියේ අලුත්ම ගොදුර ! | Gossip
 
  
 
ආර්ථිකේ බැස්සා බැසිල්ලක් ! | මොණරවිලගේ ලියමන 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්