The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
පුවත්

හිටපු බුද්ධි ප්‍රධානී සලේගේ රැඳවුම් කාලය තවත් දින 90කින් දීර්ඝ කරයි

T

The Leader Desk

May 30, 2026 • 3:26 PM

 හිටපු බුද්ධි ප්‍රධානී සලේගේ රැඳවුම් කාලය තවත් දින 90කින් දීර්ඝ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි 27 වන දිනැති MOD/LEG/PTA/21/2026 දරන රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.
  • ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් යුතුව ජාතීන් හා ආගම් අතර සහජීවනය බිඳදැමීමට කුමන්ත්‍රණය කිරීම සහ මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට උපද්‍රව ඇති කිරීම යන චෝදනා සුරේෂ් සලේ ට එරෙහිව එල්ල වී ඇත.
  • පසුගිය පෙබරවාරි 25 වන දා පෑලියගොඩදී අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ දැනටමත් දින 80කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටින අතර, ඔහු මෙම නඩුවේ 3 වන සැකකරු ලෙස නම් කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබේ.
  • "මගේ මහත්තයව බිල්ලක් කරගෙන" - සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක් මෙම රැඳවුම් නියෝගය මුළුමනින්ම අසාධාරණ බව පවසමින් සුරේෂ් සලේ ගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 මැයි 27 වන දිනැති MOD/LEG/PTA/21/2026 දරන රැඳවුම් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ව දැනුවත්භාවයකින් යුතුව ජාතීන් හා ආගම් අතර සහජීවනය බිඳදැමීමට කුමන්ත්‍රණය කිරීම සහ මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට උපද්‍රව ඇති කිරීම යන චෝදනා සුරේෂ් සලේ ට එරෙහිව එල්ල වී ඇත.

පසුගිය පෙබරවාරි 25 වන දා පෑලියගොඩදී අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ දැනටමත් දින 80කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටින අතර, ඔහු මෙම නඩුවේ 3 වන සැකකරු ලෙස නම් කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබේ.


"මගේ මහත්තයව බිල්ලක් කරගෙන" - සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්


මෙම රැඳවුම් නියෝගය මුළුමනින්ම අසාධාරණ බව පවසමින් සුරේෂ් සලේ ගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී. සලේ  විසින් මැයි 18 දා ජනාධිපතිවරයා වෙත විශේෂ ආයාචනයක් යොමු කර තිබිණ.

තම ස්වාමිපුරුෂයා CID භාරයේදී දරුණු මානසික සහ ශාරීරික වධහිංසාවලට ලක්වන බව ඇය එමඟින් අනාවරණය කරයි.

ඇයගේ ලිපියට සහ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ මෝසම් පත්‍රවලට අනුව, සුරේෂ් සලේ ව රඳවා සිටින්නේ මීයන්ගෙන් ගහන, අඩි 6.5 x 4.4 ප්‍රමාණයේ ඉතා කුඩා සිරමැදිරියකය. එසේම, පසුගිය රාත්‍රියක නිලධාරීන් පිරිසක් සිරමැදිරියට ඇතුළු වී ඔහුව බලහත්කාරයෙන් නිරුවත් කර, මාංචු දමා අමානුෂික ලෙස සැලකූ බවට ඇය චෝදනා කරයි. මෙය 1994 අංක 22 දරන වධහිංසා පමුණුවීමට එරෙහි සම්මුති පනත සෘජුවම උල්ලංඡනය කිරීමක් බව පෙන්වා දෙන ඇය, අදාළ CCTV දර්ශන සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසයි.

තවද, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) වෙත ඉදිරිපත් කිරීමද CIDය විසින් හිතාමතාම දින 10කට වඩා ප්‍රමාද කර ඇති බවට බිරිඳ පාර්ශවය චෝදනා කරයි.


'බැඳියාවන් අතර ගැටුමක්' (Conflict of Interest)

මෙම විමර්ශනයේ අපක්ෂපාතීත්වය පිළිබඳවද සුරේෂ් සලේ ගේ නීතිඥයින් ප්‍රශ්න කර සිටී. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වත්මන් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න දෙදෙනාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ (B/34097) නඩුවක් පවතින බවත්, එවැනි පසුබිමක, ඔවුන් යටතේ මෙම විමර්ශනය සිදුවීම බරපතළ 'බැඳියාවන් අතර ගැටුමක්' නිර්මාණය කරන බවත්, සැබෑ වැරදිකරුවන් බේරාගැනීම සඳහා තම ස්වාමිපුරුෂයාව බිල්ලක් (Scapegoat) කරගන්නා බවත් සලේ මහත්මිය පවසයි.

තම ස්වාමිපුරුෂයා මුහුණ දී සිටින මෙම අසීරු තත්ත්වය සැලකිල්ලට ගෙන, වහාම මැදිහත් වී ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටී.


සබැඳි පුවතක් :

'මගේ මහත්තය මීයන් ඉන්න කුටියක නිරුවත්කර මාංචු දැම්මා' - සුරේෂ් සලේගේ බිරිඳ ජනපතිට ලියූ ලිපිය මෙන්න

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...