ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් ඊයේ 10) අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂයේ තරුණ නායකයකුගේ පැසසුමට ලක්ව ඇත.

ජනතාව බලාපොරොත්තු වූ දේ වත්මන් ආණ්ඩුවෙන් සහ තමාගෙන් ඉටු කරගැනීමට නොහැකි වුවහොත් පරාදවූ පිරිස නොව අලුත් කණ්ඩායමක් පත් කරගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ එම ප්‍රකාශය එසේ පැසසුමට ලක්කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් පත්කර ඇති මාධ්‍යවේදී දිනුක් කොළඹගේ විසිනි.

'සන්ඩේ ලීඩර්' පුවත්පතින් මාධ්‍ය මෙහෙවර ඇරඹු දිනුක්, එජාප නායකයා විසින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හා අකුරැස්ස ආසනයේ එජාප සංවිධායක ලෙසද පත්කර ඇත.

පසුගිය අවුරුදු 05ක් ආණ්ඩ බලය හොබවා අසාර්ථක වුනු නිසා තමා ජනාධිපති වූ බවත්, පරාද වූ කණ්ඩායමක් අවුරුදු දෙකකට පසු පැමිණ කිසිම බලයක් නොතිබූ පිරිසක් මෙන් මේ ගත වූ අවුරුදු දෙක ගැන කතාකරන බවත් ඊයේ පැවති උත්සවයේදී පැවසු ජනාධිපතිවරයා, “මේ අපේ ජනතාවත් රැවටෙනවා. දැන් මම වුනත් මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනා. ජනතාව, මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුනත් මන්ත්‍රීවරු වුනත් ඔබ බලාපොරොත්තු වුණ දේ ඉටු නොකළොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නැහැ කොහොමද කරන්නේ කියලා. නමුත් ඒක තමයි කළ යුත්තේ...'' යැයි එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.



ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන දිනුක් කොළඹගේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සඳහන් කර තිබේ.

 

''අසමත් වූවන් තෝරා නොගත යුතු බව ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. අලුත් මුහුණු සොයා බලන මෙන් ඔහු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. නවක තරුණ දේශපාලනඥයින්ට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට ස්තුතිය පළ කර සිටිනවා.

 

දේශපාලනයේ නියැලෙන තරුණ වෘත්තිකයෙකු ලෙස, දේශපාලන කවවල දැනට සිටින සාමාජිකයින් අසාර්ථක වී ඇති බව හඳුනා ගැනීම ඉතා වැදගත්ය. නවක තරුණ දේශපාලඥයින් ලෙස ජනතාව අපව නොහඳුනන්නේ අපට මාධ්‍යයේ ඉඩක් නොලැබුණු නිසාය.

කෙසේ වෙතත් තරුණ වෘත්තිකයින් ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපගේ වටිනාකම ඔප්පු කිරීමට අපට අවස්ථාවක් ලබා දෙන ලෙසයි. එසේම අපිව ඉදිරියට ගෙනියන්න මේ රටට උගත් නායකයින් අවශ්‍යයි කියා මා තරයේ විශ්වාස කරනවා.

තවද මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හුරුපුරුදු මුහුණු දෙස මදක් නොබලන ලෙසත්, නුහුරු නුපුරුදු අය ගැන සොයා බලන ලෙසත්ය.

තරුණ දේශපාලනඥයකු ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලනයේ නව මුහුණුවලට හා ඔවුන්ගේ හඬට සවන් දෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලතම පක්ෂයේ දොරටු දැන් විවර වී ඇත. මෙම දුෂ්කර කාලයේදී අපේ රටට ආදරය කරන එය නව මගකට විවර කිරීමට  කැමති සියලුම තරුණ උගත් වෘත්තිකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ අප හා අත්වැල් බැඳගන්නා ලෙසයි.

දේශපාලනය යනු වෘත්තියක් නොව, අප සැවොම ගරු කළ යුතු සේවයකි. ''




THE LEADER TV
 

මළ ප්‍රේතයෝ රටින් පන්නන්න යෝජනාවක් එයි !
 


මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්