leader s

කෘෂිකාර්මික ඉඩම් වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගස් සිටුවීම නිසා සිය ජීවන උපාය අහිමි වු දෙමළ ගම් වැසියන් පිරිසක් මඩකලපුවේදී විරෝධතාවයක් දියත්කර තිබේ.

කෝරළෙයි පත්තු දකුණ - කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නොවැම්බර් 16 වැනි අගහරුවාදා විරෝධතාවය දියත් වු  බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

විරෝධතාවයට එක් වු කෝරාවේලි සහ වට්ටවාන් ගම් වැසියන් චෝදනා කර ඇත්තේ තමන් දීර්ඝ කාලයක් තිස්සේ වගා කටයුතු සිදු කරන කෘෂිකාර්මික ඉඩම් වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන වගා ආරම්භ කිරීම නිසා තමන්ට වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

තමන් මුහුණ දී සිටින ගැටළුව සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලනඥයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇතත් මේ වන තෙක් එයට විසදුම් ලබා දීමට ඔවුන් අසමත්ව ඇති බවට ගම්වැසියන් චෝදනා කරති.

සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් කෝරළෙයි පත්තු දකුණ - කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීමටත් විරෝධතාකරුවන් කටයුතු කළ බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

රජයේ ආරක්ෂක අංශවලට අමතරව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් කොල්ල කෑමෙහි යෙදෙන බවට එල්ල වන චෝදනා දිගින් දිගටම නැගෙමින් පවතී.
 
 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්