තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාර දැක්වීමේ අරමුණින්

අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සොයුරන්ගේ  ප්‍රධානත්වයෙන් අද (18) සිදුකෙරිණි.

උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් විසින් දේවාරාධනාව සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සඳ හිරු සෑයේ කොත නිරාවරණය කිරීම සිදුවූයේ, තිස් වසරක යුද්ධය සන්නද්ධ බලයෙන් අවසන් කිරීමට නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ අතිනි.  

මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි.

 

මානුෂීය මෙහෙයුම 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක් වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

ආරම්භක සැලසුම අනුව මෙහි සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණත් පසුගිය යහපාලන රජය සමයේ එහි ඉදිකිරීම් අතරමග නැවතීම හේතුවෙන් ඉදිකිරීම් අවසන් කිරීම කල්ගොස් තිබිණි.

මෙම වෛත්‍ය රාජයාණන් වහන්සේ සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, අඹුදරුවන්, ආබාධිත රණවිරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.  

සඳහිරු සෑය විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම සහ අගමැතිවරයාගේ ජන්ම දිනය යෙදී තිබූ දිනයේදී මෙන්ම ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේදීවීම විශේෂත්වයකි.



මහා සංඝරත්නයේ විරෝධය

AGALAKADA

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ප්‍රකාශ කර ඇත්තේ, යුධ සැමරුම් ස්මාරකයක් වශයෙන් බෞද්ධ සෑයක් නිර්මාණය කිරීම තමන් වහන්සේ අනුමත නොකරන බවයි.

සඳහිරු සෑය යනුවෙන් නම්කර තිබෙන එම ස්මාරකය විවෘත කිරීමට තමන් වහන්සේට ලද ඇරයුම ප්‍රතික්ෂේප කළ බවත් මෙම සෑය ඉදිකිරීම ආරම්භයේ සිටම එමගින් සිදුවන අනිටු ප්‍රතිවිපාක පෙන්වා දී එයට විරෝධය පළ කළ බවත් උන් වහන්සේ “සටහන් රේඩියෝ” නම් යූටියුබ් නාළිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.



උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ස්වර්ණමාලි මහා සෑය තිබියදී ඒ ආසන්නයේම යුද ස්මාරකයක් ඉදිකිරීම නිසා මෙරට බෞද්ධ ශිෂ්ඨාචාරයටද බලවත් අගතියක් සිදුවන බවය. විශේෂයෙන්ම අවිහිංසාව මුල් කර ගත් බෞද්ධ දර්ශනය කෙරෙහි දෙමළ ජනතාවගේ සිත් තුළ පවතින පැහැදීම පළුදුවීමට හේතුවන බවය.


මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් දරණ මතයේ සිටින තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය අනුමත නොකරන බව සහ උන්වහන්සේලා වෙත ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.




අගමැති ගේ ජන්ම දිනය වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානයක්

hl 6125216257

hl 6125216258

hl 6125216261

hl 6125216262

hl 6125216263

 අදට (18) යෙදී ඇති අගමැති මහින්ද රාජපක්ෂ ගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට, අභයාරාමයේදී කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවැත්විණ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම දානමය පිංකම මෙවර පැවැත්වූයේ 19 වැනි වතාවටයි.

එය සංවිධානය කර තිබුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ය.

කූඩු කර සිටි පක්ෂීන් කිහිප දෙනෙක් ද නිදහස් කිරීමට ද මෙහිදී අගමැතිවරයා සහභාගී විය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ශිරන්ති රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ ති තන් ටෘක් සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.


සබැඳි පුවත් :

‘සඳහිරු සෑය’ මහින්දට යලි අපලයක් වෙයිද ?

 

 

 


 

LEADER TV
 

රාජපක්ෂලාගේ දෙකඩ පාලනයේ අලුත්ම ඉත්තා!
 

 
 
බැසිල් Hit wicket  වුණා !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්