කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සමරන්නට වෙන්කරගෙන ඇති කාල වකවානුව තුල දෙමළ මාතාවකගේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගන්නට

ගිය නාවික හමුදාව ප්‍රදේශවාසීන් විසින් පසුබස්වා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නාවික නිලධාරීන්ගේ කැඳවීම අනුව එහි මාදගල් නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ මාතාවකට අයත් අක්කර කාලයට මදක් අඩු භුමි ප්‍රදේශයක් මැනීමේ කටයුතු සදහා පැමිණි මිණින්දෝරුවන්ට එල්ල වු දැඩි ජනතා විරෝධය හමුවේ සිය මැනුම් කටයුතු අත්හැර දමා යාමට සිදු බවයි.

එදිනම දහවල් යාපනයේ, මාදගල් බටහිර ප්‍රදේශයේ දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කරයක් මැනීම සදහා සුදානම් වු මොහොතේත් දේශපාලනඥයන් සමග එක්වු ජනතාව දැඩි විරෝධතා දියත් කරමින් නැවතත් ඔවුන් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

ජනතා විරෝධතාවයට සහාය පළ කිරීම සදහා දෙමළ ජනතාවගේ වත්මන් පාර්ලිමේන්තු නියෝජිතයන්ට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක්ම එක්ව තිබේ.

ප්‍රදේශයේ වාර්තාකරුවන් තව දුරටත් පෙන්වා දෙන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා කොල්ල කෑමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ ක්‍රියාත්මක වු බවයි.


කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇති නොවැම්බර් 25 සිට ජගත් මානව හිමිකම් දිනය සැමරෙන දෙසැම්බර් 10 දක්වා කාලය ‘ලෝකය තැඹිලි පාට කරමු’ තේමාව කරගෙන ලොව පුරා වෙසෙන ගැහැනු ළමුන්ට හා කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසන වැළැක්වීමට පියවර ගන්නා බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවද පවසා තිබේ.


පොදු සුසාන භූමියක්


නාවික හමුදාව විසින් යාපනයේ මාදගල් දෙමළ ජනයාගේ ඉඩම් අත්පත් කරගැනීමට නොවැම්බර් 17 වැනි බදාදා දිනයේදී දැරූ උත්සාහයක් විරෝධතා පවත්වා  ව්‍යාර්ථ කිරීමටත් ප්‍රදේශයේ ජනයා හා දේශපාලනඥයන් සමත්ව තිබුනි.

ප්‍රදේශවාසී ජනතාව සදහන් කරන පරිදි  ඔවුන් උත්සාහ දරා තිබුනේ හෙක්ටයාරයකට මදක් වැඩි පොදු සුසාන භූමියක් පැවති ඉඩමක් අත්පත්කරගැනීමටයි. ඊටම අයත්ව තිබු ළමා සුසාන භුමිය දැනටමත් හමුදාව අත්පත් කරගෙන ඇති කඳවුරු භූමියට අයත්වේ.

''මේ ප්‍රදේශය කියන්නේ අපේ ජිවිත එක්ක බැඳුනු දෙයක්, නාවික හමුදාව ඉන්න එකෙන් අපිට කිසිම වැඩක් නැහැ, ඒ හින්දා එයාලා පිටවෙලා යන්න ඕනේ,''යැයි විරෝධතාවයට එක්ව සිටී මාදගල් ධිවර සමිති නායකයකු මාධ්‍යවේදීන්ට පවසා තිබේ.


වෙරළාසන්න භුමියක්


මාදගල් දෙමළ ධීවරයකුට අයත් වෙරළාසන්න භුමියක් නාවික හමුදාව විසින් අත්පත් කරගැනීමට දැරූ උත්සාහයක් ගම්වැසියන්ගේ සහ ඉඩම් හිමියාගේ විරෝධය හමුවේ 2020 වසරේදීත් අසාර්ථක වී තිබුනි.

යාපනයේ, මාදගල් ප්‍රදේශයේ නාවික හමුදාව විසින් වෙරළ නිරීක්ෂණ මුරකුටියක් පවත්වාගෙන යන භුමිය ඉඩම් හිමියාගේ දැඩි අකැමැත්ත නොතකා නිල වශයෙන් පවරා ගැනීමට 2020 වසරේ අගෝස්තු 20 වැනි බ්‍රහස්පතින්දා නාවික හමුදාව වෑයම් කළ බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

මැනීමේ  කටයුතු සදහා පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉඩම හිමි සෙල්වතුරෙයි නවරත්නම් සහ ගම් වැසියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු නවතා දැමීමට සිදුවිය.

තම ඉඩමේ සිට මුහුදට මායිම්ව පිහිටි කොටස නාවික හමුදාව විසින් අට අවුරුද්දක් තිස්සේ වාඩිලාගෙන සිටීම නිසා ධීවර රැකියාවට මහත් බාධා පැමිණ ඇති බව ඉඩම් හිමියා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

නාවික හමුදාවට පවරාගන්නට යන්නේ තමන් සතු පර්චස් 45ක භූමියෙන් කොටසක් බව පවසන ඉඩම් හිමියාට පොලිස් නිලධාරියා වැඩි දුරටත් දන්වා ඇත්තේ එම ලිපිය රජයේ බලධාරීන්  වෙත යොමු කළ හැකි බවයි.


ඇති පදම් ආණ්ඩුවේ ඉඩම්


ඉඩම් හිමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනගරත්නම් සුගාෂ් එහි පැමිණි පොලිස් අධිකාරීවරයකුට පැහැදිලි කර දී ඇත්තේ සෙල්වතුරෙයි නවරත්නම් අතහැරීමට අකැමැති භූමිය අවට රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින අතර නාවික හමුදාවට අවශ්‍යනම් ඒවයින් කොටසක් වෙන් කරගත හැකි බවයි.

තම පෞද්ගලික  ඉඩම නාවික හමුදාවට පවරා ගැනීමට විරුද්ධ බව දැනුම් දෙමින් සෙල්වතුරෙයි නවරත්නම්ට පොලිස් නිලධාරීන් වෙත ලිඛිත ප්‍රකාශයක් ලබා දුන් බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

නාවික හමුදාවේ උසස් නිලධාරියකු සමග ඉඩම් හිමියාට නීතිඥ සහාය ඇතිව සාකච්ඡා කිරීම සදහා අවස්ථාව ලබා දුන්නත් එම භුමි භාගය රජයේ ආයතනයක් සතු බව පවසමින් ගම්වාසීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට  පොලිස් අධිකාරීවරයා නියෝග කරන ආකාරයත් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබුනි.

අවුරුදු අටකට ඉහතදී නාවික හමුදාවෙන් අල්ලා ගන්නා ලද තම භූමිය නිදහස් කරගැනීම සඳහා රජයේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් කරන ලද පැමිණිලිවල පිටපත් මාධ්‍යවේදීන්ට පෙන්වමින් 2020 වසරේ අගෝස්තුවේ සෙල්වතුරෙයි නවරත්නම් පවසා තිබුනේ ඉන් කිසිදු පලක් නොලද බවයි.

 madagal s

 


 

 

THE  LEADER  TV



කුස්සියක් ගානේ පුපුරණ දෙවර්ෂ පූර්ණ මල් වෙඩි ! | මොණරවිලගේ ලියමන 

 



ජනාධිපති උගුලක හිරවෙලා ! | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්