1200 x 80 DMirror

කොවිඩ් විකෘති ප්‍රබේදය වන ඔම්කොන් වයිරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය

හේමන්ත හේරත් පැවසීය.

එම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට පැමිණි අයෙක් බව තහවුරු කරගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපලට අනුබද්ධිත ඒ.ඒ.එස්.එල් හොස්පිනෝම් පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ සිදුකළ පරික්ෂාවක දී මෙම රෝගියා හඳුනාගෙන ඇත.

මීට සතියක පෙර පළමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 31කට ව්‍යාප්ත වී තිබේ.

පසුගිය පැය 24දී ප්‍රංශයෙන්, දකුණු කොරියාවෙන්, ඝානාවෙන්, ග්‍රීසියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයන් සොයාගැණුනි.


ඔමික්‍රොන් ආසාදිතයින් දෙදෙනකු ඉන්දියාවෙන්


මේ අතර සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමග නොවැම්බර් මසදී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 44,117කට ආසන්නය.
ඒ අතර ඉන්දීය ජාතිකයින් ද වෙයි.

මේ අතර පළමු වතාවට ඔමික්‍රොන් ආසාදිතයින් දෙදෙනකු ඉන්දියාවෙන් අද වාර්තා වී ඇත.

මේ අතර  මෙරට කොවිඩ් මර්දන වැඩසටහන සඳහා රුපියල් බිලියන 113ක මුදලක් රජය වියදම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කළේය.
ඉන් එන්නත් සඳහා පමණක් වැය වී ඇති මුදල රුපියල් බිලියන 63කි.


සබැඳි පුවත් :


ඔමික්‍රෝන් මාරාන්තිකයි - 'වහාම යළි PCR පරීක්ෂණ ආරම්භ කරන්න'

කොවිඩ්: අධික ලෙස විකෘති වූ ගැටලුකාරී නව ප්‍රභේදයක

 


THE  LEADER  TV
 
 
 
ගෑස් සිලින්ඩරයක් පුරවගන්න බැරි අමන මරි ආණ්ඩුවක් ! 
 
 
  
සර් ශ්‍රීලනිපය ගියත් හතුරා තවම ඇතුළේ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය