වෛරී භාෂාවට අනිකා රිදවීම මෙන්ම සමාජයක් ගිනි තබන්න පවා හැකියාවක් ඇති බව සිනමාවේදී අශෝක හඳගම පවසනවා.



"වෛරයේ භාෂාව අපි දේශපාලන අර්ථයෙන් තේරුම් ගත්තොත් අපිට කියන්න පුලුවන් කිසියම් පුද්ගලයෙක් එහෙම නැත්නම් කණ්ඩායමක් විසින් තවත් පුද්ගලයෙකු හා කණ්ඩායමක් වෙතට ඔවුන්ගේ ජාතිය, ආගම, කුලය ආදී වශයෙන් විවිධ සමාජ බෙදීම් ඉලක්ක කරගෙන ඔහුව හෝ ඒ කණ්ඩායම හෙළා දකිමින් කරන ප්‍රකාශයක් කියලා.

 
ඒක ඇත්තටම වෛරය අවුළුවන ප්‍රාකාශයක්. කෝපය හා අනිකා රිදවන, ඔවුන් තුල වේදනාව ඇති කරන ප්‍රකාශයක්. මේක ඇත්තටම මානසික ලෙඩක්. රෝගී තත්වයක්. කෙනෙකුට අනිත් කෙනාව තමන් වගේම මනුෂ්‍යයෙක් හැටියට දකින්න තියෙන නොහැකියාව නිසා ඇතිවෙන තත්ත්වයක්.  අශෝක හඳගම වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
 
 
'නැගෙනහිර වෙරළෙන් ඇසෙන'

 මම මේක මගේ නිර්මාණ ඇතුලේ කතා කරා, නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටලි නාට්‍යයේ පැහැදිළිවම ඒකේ මේ වෛරී භාෂාව පිළිබඳ එක දෙබස් කණ්ඩයක් තියෙනවා. ඒක ඇතුලේ සංශිප්තව සහ ඉතාමත්ම ගැඹුරින් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ එක්කම තමයි මේකේ අනික් පැත්ත. වෛරී භාෂාව විසින් අනිකා රිදවන සහ ගිණි අවුළුවන්න පුලුවන් වගේම තමයි අනික් පැත්ත ගත්තොත් එහෙම යහපත් භාෂාවකට පුලුවන්, ගිණි වැදුණු සමාජයක්, ඇවිළුණු සමාජයක්, කැළඹුණු සමාජයක් සමතයකට පත් කරන්න.
 
අශෝක හඳගම කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින්
 


 
THE  LEADER  TV
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්! 

  

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්