ත්‍රස්ත පනත යටතේ තරුණයන් දිගු කලක් සිරගතව සිටිය දී ආණ්ඩුවේ හිතවතුන් නඩුවලින් නිදහස් කෙරෙන බවට පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල වී

තිබේ.

''මේ රටේ කොල්ලකරුවන්, හොරුන්, අපරාධකරුවන්, ආණ්ඩුවේ මිතුරන් නිසා ඔවුන්ට චෝදනා නැතිව නිදහස් වෙන තත්වයක් යටතේ ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් තරුණයන් දීර්ඝ කාලයක් සිරගතව සිටිනවා, මේක තමයි ලංකාවේ නීතිය,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, යාපනය
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසයි.

අධිකරණ අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයට සභභාගි වෙමින් දෙසැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා කියා සිටියේ මේ තුලින් රටේ නීති
ක්ෂේත්‍රයේ තරම ගැන අවබෝධ කර ගත හැකි බවය.

සිරකරුවන් සිටින්නේ ආණ්ඩුව යටතේ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම ආණ්ඩුවේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය.


'' සිර ගෙවල් වලට කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල එල්ල කොට තර්ජනය කළ රාජ්‍ය ඇමතිවරයෙක් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, එම ඉල්ලා අස්වීම ජනාධිපති බාරගත් බවත් ඔහුගේ මාධ්‍ය අංශය මගින් නිවේදනය කළා. ඒ ඇමැතිවරයා තවමත් ඒ රාජ්‍ය ඇමැතිධුරයක ඉන්නවා, මේ අධිකරණ හා බන්ධනාගාර සුභ සාධන අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයේදී  ඇමැතිවරයා ලඟින්ම වාඩිවෙලා ඉන්නේ ඒ  රාජ්‍ය ඇමැති, මේක තමයි රටේ නීති ක්ෂේත්‍රයේ තත්වය,'' යැයි පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


තුන් මාසයකට ඉහතදී වැලිකඩ සහ අනුරාධපුර සිරගෙවලට ආයුධ සන්නද්ධව බලහත්කාරයෙන් ඇතුල් වී දෙමළ සිරකරුවන්ට මරණීය තර්ජන ඇතුළු මැරකම් ලොහාන් රත්වත්තේ පෑ බව TNPF නායකයා ඇතුළු දෙමළ මන්ත්‍රීවරුන් විසින් හෙළි කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා පදවි දෙකකින් තාවකාලිකව  ඉල්ලා අස්වූ බව රජය විසින් නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත්, ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ කටයුතු කරයි. ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වෙන බව නිවේදනය කර තිබුනත් එහි ප්‍රතිපලය මේ වන තුරු ප්‍රසිද්ධ කොට නැත.

ලොහාන් රත්වත්තේ සිරගෙදරට කඩා වැදීම අතිශය සාපරාධී ක්‍රියාවක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හෝ සුදුස්සකු නොවන බව පවසා තිබුණි.


වෙනත් රටවල ත්‍රස්ත පනත වැනි නීති වලින් සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා නොගෙන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති නම් නිදහස් කරන බව පැවසූ ඔහු ශ්‍රි ලංකාවේ එසේ නිදහස් කරනුයේ මංකොල්ලකරුවන් හා අපරාධකරුවන් බව පෙන්වා දෙයි. මෙරට නීතිමය තත්වය මනා ලෙස පෙන්නුම් කරනුයේ අධිකරණයෙන් මරණ දඩුවම නියම කළ මිරිසුවිල් ඝාතකයා ජනාධිපතිවරයා විසින් සමාව දී නිදහස් කිරීම මගින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 



THE  LEADER  TV
 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
 
 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

 

 

පවුලේ අවුලක්! | Gossip

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්