ප්‍රකෝපවූ පකිස්තාන කම්කරුවන් විසින් සියල්කොට්හිදී පහර දී මරා දමනු ලැබූ ලාංකික කළමනාකරුට දෙමළ ජාතික සන්ධානය සිය ශෝකය පළ කර

තිබේ.

''මෙවැනි කෘර ලෙස මරා දැමීම් පකිස්තානයේ පමණක් නොව මෑත කාලීන ලංකාවේත් සිදුවුණා,''යැයි ප්‍රියන්ත කුමාර දියවඩනගේ ට ශෝකය පළ කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් දෙසැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 ශ්‍රී ලංකා යුද හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවීමට මගපාදමින් යුද්ධයේ අවසානයෙන් පසු ප්‍රසිද්ධියට පත් ඝාතන දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් ගැනද වන්නි දිස්ත්‍රික් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට සිහිපත් කර දුන්නේය.

''විමුක්ති කොටි ජෙනරාල් කෙනෙක් වූ රමේෂ්, ඔහුව ඝාතනය කර තිබුනේ තියුණු පිහියකින් ටිකෙන් ටික ඔහුගේ සිරුර කපා දමමින්, ඒ ගැන ෆොටෝ, වීඩියෝ ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඉසෙයි ප්‍රියා, බාල චන්ද්‍රන් කෘර ලෙස මරා දමලා තිබුණා. ඒ ගැනත් ෆොටෝ, වීඩියෝ ප්‍රසිද්ධ වෙලා තිබුණා,'' යැයි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ  ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවෙන් සමාව අයැද සිටියත්, ලංකාවේ කොපමණ ඝාතන සිදුවෙලා තිබුනත් ඒ ගැන සමාව ඉල්ලන, ඒ ගැන කම්පා වන කිසිදු ගෞරවණිය නායකයෙක් බිහිවී නොමැති බවය.
 

 


THE  LEADER  TV
 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
 
 
 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

 

 

පවුලේ අවුලක්! | Gossip

 



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්